වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මෙසේ ද පැවසීය.
රාජ්‍ය සේවකයන්ගේ අවම මූලික වැටුප 57,800 දක්වා ඉහළට – බිලියන 110ක් වෙන් කෙරේ
රාජ්‍ය සේවකයන්ගේ මීට පෙර පැවති රුපියල් 31,000 – 33,000 අතර මූලික වැටුප ඉදිරි ජනවාරි මාසයේ සිට රුපියල් 57,800 දක්වා ඉහළ නංවන අතර, ඒ සඳහා 2027 වසරේදී රජය විසින් බිලියන 110ක මුදලක් වෙන් කර තිබේ.
මීට අමතරව වාර්ෂික වැටුප් වර්ධකය 80%කින් වැඩි කර ඇති අතර රාජ්‍ය සේවක නිවාස ණය මුදල ලක්ෂ 50 දක්වා දෙගුණ කර ඇත.
PAYE බදු සහනයෙන් ජනතාවට වාර්ෂිකව රුපියල් 190,000ක අත්වැලක්
PAYE බදු නිදහස් සීමාව මාසිකව රුපියල් 162,500 දක්වා ඉහළ නංවා ඇති අතර, එමඟින් බදු ගෙවන ජනතාවට මාසිකව රුපියල් 15,833ක (වාර්ෂිකව රුපියල් 190,000ක) බදු සහනයක් හිමිවේ. මෙම බදු සහන හරහා පමණක් රජයට අහිමි වන ආදායම මිලියන 16,000කි.
වතු කම්කරුවන්ට මසකට රුපියල් 10,000 ක වැටුප් වැඩිවීමක්
වතු සේවකයන්ගේ වැටුප් සම්බන්ධයෙන් ඓතිහාසික පියවරක් තබමින්, දින 25ක වැඩ සඳහා දිනකට රුපියල් 400ක (රජයෙන් සහ හාම්පුතාගෙන් සමබරව) වැඩිවීමක් සමඟ මාසිකව රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් මෙවර ලබා දී ඇත.
ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 745කින් පහළට
වෙළඳපොලේ ගෑස් මිල රුපියල් 6,740ක් දක්වා ඉහළ යෑමට නියමිතව තිබුණද, පාරිභෝගික ජනතාවට සහනයක් සැලසීම සඳහා ලිට්රෝ සමාගම තම ලාභයෙන් කොටසක් දරමින් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 745කින් අඩු කර රුපියල් 5,995ක් ලෙස රඳවා ගැනීමට කටයුතු කර ඇත.
හාල්මැස්සන් මිල රුපියල් 900 දක්වා පහළ බසියි:
බදු සහනවල ප්රතිලාභ ජනතාවටමීට පෙර රුපියල් 1,100ත් 1,150ත් අතර පැවති කොළඹ වෙළඳපොළේ හාල්මැස්සන් කිලෝවක මිල, රජය ලබා දුන් බදු සහන සහ ආනයන ක්‍රියාවලිය හේතුවෙන් මේ වන විට රුපියල් 900 – 950 දක්වා පහත වැටී ඇති අතර, එහි සම්පූර්ණ වාසිය ජනතාවට ලැබී තිබේ.
දේශීය කෘෂිකර්මාන්තය නංවන්න සමුපකාර හරහා ලක්ෂ 6,000ක් සහ වී වේලන යන්ත්‍ර 50ක්
සමුපකාර ව්‍යාපාරය යළි නගා සිටුවීම සඳහා 2026 වසරේදී ලක්ෂ 6,000ක් වෙන් කර ඇති අතර, වී මිලදී ගැනීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ කෝටියක් බැගින් වටිනා නවීන වී වේලන යන්ත්‍ර 50ක් සමුපකාර සමිති 50ක් වෙත ලබා දීම එළඹෙන ජනවාරි 15 දින සිට ආරම්භ වේ.
ආනයනික මිරිස්වල තෙතමන පරීක්ෂාව දැඩි කෙරේ:
ප්‍රමිතියෙන් තොර කන්ටේනර් වරායේආනයනික මිරිස්වල තෙතමනය 12%ට වඩා අඩු විය යුතු වුවද, සමහර ඉන්දියානු සීතාගාර වලින් ගෙන තෙතමනය වැඩි මිරිස් කන්ටේනර් ප්‍රමිතීන්ට අනුකූල නොවීම නිසා වරායේ රඳවා ගැනීමට සිදුව ඇත.
(උදාහරණයක් ලෙස ඔක්තෝබර් මාසයේ කන්ටේනර් 230ක් අතරින් 23%ක් පමණ ප්‍රතික්ෂේප වී ඇත.)
රාජ්‍ය සේවක වැටුප් විෂමතා සෙවීමේ කොමිසමේ වාර්තාව ලබන ජුනි මාසයේ දී රාජ්‍ය සේවයේ පවතින වැටුප් සහ දීමනා විෂමතා පුළුල් ලෙස අධ්‍යයනය කර විසඳුම් ලබා දීම සඳහා පත් කරන ලද විශේෂ කොමිෂන් සභාවේ වාර්තාව ලබන වසරේ (2027) ජුනි මාසය වන විට ලබා දීමට නියමිතව ඇති අතර, ඒ මත පදනම්ව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

