අනිවාර්ය SLS 591 ප්‍රමිති සහතික ලාංඡනය නොමැතිව ටින් මාළු නිෂ්පාදනය කර සුපිරි වෙළෙඳසැල් ජාල වෙත බෙදාහැරීම සම්බන්ධයෙන් නාරංගොඩ, බම්මාන්න ප්‍රදේශයේ පිහිටි ABEY MARINE (Pvt) Ltd සමාගමට සහ එහි කළමනාකාර අධ්යක්ෂවරයාට කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් 2026 ඔක්තෝබර් 28 දින රුපියල් 120,000ක දඩයක් නියම කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවරූ මෙම නඩුවේදී සමාගමට රුපියල් 60,000ක් සහ කළමනාකාර අධ්යක්ෂ අබේවර්ධන ගුණසේකර විජිත් රසික මහතාට රුපියල් 60,000ක් වශයෙන් මෙම දඩ මුදල නියම විය. 2026 අගෝස්තු 07 දින සිදුකළ වැටලීමකදී ප්‍රමිති ලාංඡනය රහිත ග්‍රෑම් 185 ටින් මාළු ඇසුරුම් 1,974ක් සොයාගෙන ඇති අතර, ඉන් ඇසුරුම් 1,949ක් රසායනික ද්‍රව්‍ය කාමරයක මුද්‍රා තබා තිබී ඇත.
දේශීයව නිෂ්පාදනය කරන ටින් මාළු සඳහා SLS 591 සහතිකය අනිවාර්ය බැවින්, මිලදී ගැනීමේදී ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. පැමිණිලි සඳහා 1977 අමතන්න.

