2027 අයවැය තුළ සෞඛ්‍ය ක්ෂේත්රය සහ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් අන්තර්ගත යෝජනා සහ රජයේ අයවැය කථාව අතර පවතින පරස්පරතා හමුවේ, GMOA (රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය) දැඩි තීරණයක් ගනියි!
අයවැය යෝජනා අධ්‍යයනය කර විශ්ලේෂණය කිරීම සඳහා විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කර ඇති අතර, එහි වාර්තාව ලබන අඟහරුවාදා (නොවැම්බර් 17) ලබා ගැනීමට නියමිතය.
ශාඛා සමිති දැනුවත් කිරීම: අයවැයට අදාළ සියලු තොරතුරු දැනටමත් සියලුම ශාඛා සමිති වෙත යොමු කර ඇති අතර, ඔවුන්ගේ යෝජනාද අඟහරුවාදා වන විට කමිටුවට ලබා දෙන ලෙස දන්වා ඇත.
ශාඛා සමිති යෝජනා සහ විශේෂඥ කමිටු වාර්තාව සමාලෝචනය කරමින්, වෛද්‍යවරුන් රට තුළ රැඳී සිටීම දිරිමත් කිරීමේ තිරසාර වැඩපිළිවෙළක් සහ ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් ලබන 19 වන දින කැඳවා ඇත.

