සූර්ය බලශක්ති සේවකයින් 4,000ක් මහ පාරට!

විදුලි බිල 2/3කින් අඩු කරනවා කියා ඇස්වලට වැලි ගසයි!

අය වැයෙන් බලශක්ති ඒකාධිකාරයක් – 4,000කට රැකියා අහිමියි!

මහ සමාගම් 6කට බදු නිදහස – සූර්ය බලශක්ති 4,000ක් මහ පාරට !

2026 අයවැයෙන් වහලවල් ලක්ෂ 10කට “කණ කොකා”!

දිට්වා කුණාටුවෙන් පසු තවත් කුණාටුවක්!

බලශක්ති සමාගම් 6ක් රජ කරද්දී සූර්ය බලශක්ති 4,000කගේ බඩට වදී!

කිලෝවොට් 1කට රු. 25,000 සහ බැටරියට 10% සහනය අපැහැදිලියි!

NVQ Level 4 සුදුසුකම් ලත් තරුණයින් 4,000ක් ආරක්ෂක සේවයට වැටිලා!

පුනර්ජනනීය බලශක්ති සංවර්ධන පෙරමුණේ සභාපති රජයට චෝදනා කරයි!

නොවැම්බර් 12 ඉදිරිපත් කළ අයවැයෙන් බැටරි සඳහා සියයට 10 ක බදු සහනයක්, කිලෝවොට් 1කට රුපියල් 25,000ක සහනයක් සහ ස්මාර්ට් මීටර් ලබාදීමට යෝජනා කළ ද, වහලවල් ලක්ෂ 10ක සූර්ය බලශක්ති කර්මාන්තය බරපතළ අර්බුදයකට ලක්ව ඇතැයි පුනර්ජනනීය බලශක්ති සංවර්ධන පෙරමුණේ සභාපති එච්. ජී. රුවන් චාමර චෝදනා කරයි.

අහිතකර චක්‍රලේඛ හේතුවෙන් NVQ Level 4 සුදුසුකම් ලත් රටේ තරුණ සේවකයින් 4,000 කගේ රැකියා අහිමි වී ඔවුන් ආරක්ෂක අංශ රැකියාවලට යොමු වී ඇති බවත්, විදුලි ගාස්තු තුනෙන් දෙකකින් (2/3) අඩු කිරීමේ පොරොන්දුව ඉටු වී නැති බවත් ඔහු පෙන්වා දෙයි.

දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් වූවන්ට රුපියල් ලක්ෂ 10 බැගින් දෙන බව කීවද ඔවුන් තවමත් කූඩාරම්වල සිටින අතර, මෙගාවොට් පරිමාණයේ මහා පරිමාණ සමාගම් 6කට පමණක් සියයට 100  බදු සහන දෙමින් ඒකාධිකාරයක් ගොඩනඟන බවට ඔහු චෝදනා කරයි.

එබැවින් රුපියල් 25,000 සහනය මුදල්, බලශක්ති අමාත්‍යාංශ හෝ CEB හරහා ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි කර සූර්ය බලශක්තියට ද සම්පූර්ණ බදු සහන ලබා දෙන ලෙස ඔහු ඉල්ලා සිටී.

Share.
Leave A Reply