විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී දත්ත සහිතව රජය ප්‍රශ්න කරයි! හෙතෙම කී සම්පුරණ කතාව මෙන්න!
මිලේනියල්ස් කියයි. සමහරුන්ට ඡන්දෙ තියෙනවා, සමහරුන්ට ඡන්දෙ නෑ. නමුත් විවිධාකාරයෙන් ඔබතුමන්ලා ජයග්‍රහණය කරන්නට ඒ අය කටයුතු කළා. දැන් බලන්න ඒ අයගේ අපි විශ්වාස කරන ආකාරයට තිබුණු ලොකුම බලාපොරොත්තුව තමයි ඩිජිටල් ආර්ථිකය. දැන් ඩිජිටල් ආර්ථිකය වෙනුවෙන් ඔබතුමන්ලා වෙන් කරලා තියෙනවා බිලියන 28.5ක්. 2026 වෙන් කරලා තිබුණා බිලියන 25.5ක්.
දැන් බිලියන 28.5යි තව බිලියන 12.1කුත් ක්‍රියාත්මක කරලා තියෙනවා. හැබැයි ඔබතුමන්ලා 2026 ඩිජිටල් ක්ෂේත්රයේ පොරොන්දු 17ක් දීලා තියෙනවා ක්‍රියාත්මක කරලා තියෙන්නේ පහයි.
පහයි ඩිලිවර් කරලා තියෙන්නේ. තාම ඩිලිවර් කරනවා තව පහක්. ඩිලේ වෙලා තියෙනවා තව හතරක්. කිසිම ප්රෝග්රෙස් එකක් නෑ තුනක. මම මේවා සංඛ්‍යාත්මකව කියන්නේ. මම මේවා හැන්සාඩ් ගත කරනවා, සභාගත කරනවා. ඒ වගේම මම අහන්න කැමතියි දැන් මම ඔබතුමාට පොඩ්ඩක් කියන්නද ඩිජිටල් අයිඩී (Digital ID) එකට මොකක්ද වෙලා තියෙන්නේ කියලා?
ඩිජිටල් අයිඩී එක නොවැම්බර් 2025, 2026 තුන්වෙනි කාර්තුවේ ෆස්ට් ඩිජිටල් අයිඩී කාඩ් එක ගේනවයි කිව්වා. මාර්තු 2026 කොන්ත්‍රාත්කරු තෝරා ගන්නවයි කිව්වා. සැප්තැම්බර් 2026 වෙනකොට තාමත් කොන්ත්‍රාත්කරු නෑ. නොවැම්බර් 2026 වෙනකොට අලුත් දිනයක්වත් නෑ. සම්පූර්ණයෙන්ම රෝල් අවුට් වෙනවයි කියලා 2027 අගෝස්තු මාසයේ කෙරෙනවයි කියලා නියෝජ්‍ය ඇමතිවරයා කියලා තියෙනවා.
දැන් අපිට ප්‍රශ්න කරන්න වෙනවා පහුගිය අයවැයේ ප්‍රගතිය ගැන මම ප්‍රශ්නයක් ඇහුවා. පහුගිය අයවැයේ යෝජනා කීයක් ඉදිරිපත් වුණාද, ඒ යෝජනා කීයක භෞතික ප්‍රගතිය කීයක් තියෙනවද, මූල්‍ය ප්‍රගතිය කීයක් තියෙනවද? බොහොම කනගාටුයි කියන්න අනිල් ජයන්ත මැතිතුමා ඒකට උත්තර දුන්නැත්තේ මෙන්න මේ වගේ ප්රගතියේ බලහීනතාවයන්, බෙලහීනතාවයන්. මේ ප්රගතියේ ප්‍රගතියක් නැති නිසා. (ටයිම් අවුට් එක ඔබතුමාගේ වෙලාව ගන්න).
මේ ප්රගතියේ කිසිම දියුණුවක් නැති නිසා, ඉදිරි ගමනක් නැති නිසා ඔබතුමා ඒ උත්තරයට, ඒ ප්‍රශ්නයට උත්තරය ලබා දුන්නේ නෑ.
ඉතින් ඇත්ත වශයෙන්ම ඔබතුමන්ලා තමයි ජෙන් සී (Gen Z) එක රැවැට්ටුවේ මේ ඩිජිටල් ඉකොනොමි එක හදනවයි කියලා. දැන් බලන්න බ්‍රෝඩ්බෑන්ඩ් වවුචර්ස් දෙනවයි කිව්වා 2026. ඒක මේ පාරත් කියනවා. 26 කෙරුණෙත් නෑ.
ඒක මේ පාරත් කියනවා. ස්ටාර්ට් අප් ෆන්ඩ් එක කෝ? ඩේටා සෙන්ටර් ඉන්සෙන්ටිව්ස් කෝ? අයිටී පාක්ස් (IT Parks) කෝ? දැන් ඔබතුමන්ලා කිව්වා නේද මේ දිගනයි නුවරඑළියෙයි අයිටී පාක්ස් හදනවයි කියලා? කෝ ඒ අයිටී පාක්ස්? කැටි වලාකුළු වලද හදලා තියෙන්නේ? කෙඳි වලාකුළු වලද හදලා තියෙන්නේ? මම අහන්න කැමතියි. ඔන්න ඕකයි මම ඇහුවේ 2026 අයවැය යෝජනාවල ප්‍රගතිය. නමුත් ඔබතුමන්ලා ඒ කාරණාව ගැන නිශ්චිත උත්තරයක් දුන්නේ නෑ.
ඒ වගේම මම පැහැදිලිවම කියනවා ජෙන් සී (Gen Z), ජෙන් බීටා (Gen Beta), ජෙන් ඇල්ෆා (Gen Alpha), මිලේනියල්ස් ඔය හැම තරුණ කණ්ඩායමක්ම ඔබ රැවැට්ටුවා, ඔබ මංමුලා කළා, ඔබ ඇන්දෙව්වා.
අපි විශ්වාස කරනවා ඒ අයගේ ඒ දරපු විශ්වාසය අද සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තිබෙනවා. ඒ වගේම මම අහන්න කැමතියි විශේෂයෙන්ම දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන ගැන මම කතා කළා. බලන්න ඒකට සම්බන්ධ වුණු අය; ජනසවිය වැඩසටහන. දැන් ඔබතුමන්ලා අස්වැසුම කියලා එකක් ක්‍රියාත්මක කරනවා, ප්‍රජා ශක්ති කියලා එකක් ක්‍රියාත්මක කරනවා. ඒවා අසාර්ථකයි.
ඒකයි ලෝක බැංකුව කියන්නේ දුප්පත්කම ඉහළ මට්ටමක තියෙනවයි කියන එක. ඒකයි අපි කියන කාරණාව.
ඒ නිසා මම අහන්න කැමතියි බලන්න ජනසවිය නිර්මාණය කළේ කවුද? කවුද? වාමවාදී සුසිල් සිරිවර්ධන මැතිතුමා, අයිලප්පෙරුමලා, විජේදාසලා. ඒගොල්ලොත් තමා වාමවාදී පුද්ගලයෝ. මිනිස්සු ගැන හිතපු පුද්ගලයෝ. මනුෂ්‍යත්වය ගැන හිතපු පුද්ගලයෝ.
ඒ නිසා විශේෂයෙන් මම කියන්න කැමතියි ඔබතුමන්ලාට පැහැදිලි නායකත්වයකුත් නෑ, හොඳ ටීම් එකකුත් නැහැයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. දැන් බලශක්තිය ගැන ලොකුවට ජනාධිපතිතුමා කතා කළා, බලශක්තිය.
පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කරනවයි කිව්වා. මට කියන්නකෝ කරුණාකරලා ඇයි කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වැය කරන්නේ කම්බයින් සයිකල් ප්ලාන්ට්ස් (Combine Cycle Plants) වලට? බොරුවට කියනවා LNG ප්ලස් ඉන්ධන කියලා. ඒකේ LNG එකක් නෑ.
යුගදනවි, සොබාදනවි, සහස්දනවි – මේ ඔක්කොම කම්බයින් සයිකල් ප්ලාන්ට්ස්. රස්සා කීයක් දුන්නද? මේ 159 රස්සා ගැන නෙවෙයි මම කියන්නේ. මම කියන්නේ රටේ ජනතාවගේ.
පීඩනයෙන් පෙළෙන, දුක් විඳින, ජන ජීවිත කඩා වැටුණු ඒ ජන කොට්ඨාස වල කෝ රැකියා ප්රශ්නය විසඳුවාද? නෑ. 24 පැයම පච. 24 පැයම බොරුව. 365 දවසෙම ඇන්දවිල්ල.
ක්ෂුද්‍ර මූල්‍ය ණය මර උගුලේ, මයික්‍රො ෆිනෑන්ස් ඩෙට් ට්‍රැප් (Debt Trap) එක – ඒක ඩෙට් ට්‍රැප් එකක් විතරක් නෙවෙයි ඒක ඩෙත් ට්‍රැප් (Death Trap) එකක්. මොකක්ද ඒකට අරගෙන තියෙන පියවර? ඒ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්නට මොකක්ද ඔබතුමන්ලා අරගෙන තියෙන පියවර? අපි අහන්න කැමතියි. දැන් දිට්වා (Ditwah) එකේ සහන ටික කෝ? දැන් සහන ටික දීගන්න බැරුව ඊළඟ අවුරුද්දෙත් සල්ලි දෙන්න හදනවලු.
බිමල් ඇමතිතුමාට පොඩ්ඩක් කියන්නකෝ අර තකරමට ලක්ෂ 10 දුන්නද? දුන්නද? කොහෙද දුන්නේ? කොහෙද දුන්නේ? අපි දිට්වා ගැන අපි වෙනමම කරුණු කාරණා ඉදිරිපත් කරනවා.
අද අධ්‍යාපන ක්ෂේත්රයේ (ඔච්චර කලබල වෙන්න එපා ඔබතුමා. දැන් හොඳට අහගෙන හිටියනේ පූස් පැටියා වගේ, පොඩ්ඩක් ඉන්න). දැන් අධ්‍යාපන ක්ෂේත්රයේ අද මේ අධ්‍යාපන අමාත්‍යාංශයට ස්මාර්ට් බෝඩ් එකක් දීගන්න බෑ. කොම්පියුටර්ස් ටිකක් දීගන්න බෑ. කනෙක්ටිවිටි එක ක්‍රියාත්මක කරන්නට බැහැ. සෞඛ්‍ය ක්ෂේත්රයේ බරපතල ත්‍රිත්ව අර්බුදයක් තිබෙනවා.
ඔබතුමාට නැහැයි කියන්න බෑ. යම් උත්සාහයක් දරනවා නැහැයි කියලා කියන්නේ නෑ. ඖෂධ හිඟය – අනිවාර්යයෙන්ම රටේ ප්‍රශ්නයක්. උපකරණ හිඟය – බරපතල ප්‍රශ්නයක්. මානව සම්පත් හිඟය – බරපතල ප්‍රශ්නයක්. දැන් එහෙම තියෙද්දී ඔබතුමා සෞඛ්‍ය ක්ෂේත්රයේ වෛද්‍යවරයාගේ ඉඳලා පහළ තලයේ නිලධාරියා දක්වා ඒ අයගේ ඔක්කොම ඉල්ලීම් කරන්න බැරි වෙන්න පුළුවන්. අඩුම ගානේ යම් දැනෙන සහනයක් ක්‍රියාත්මක කරන්නට ඔබතුමන්ලා කටයුතු කරන්නට ඕන.
දැන් වෛද්‍යවරයෙක් හැටියට මම හිතන්නේ ගරු කථානායකතුමාට කටින් කියන්න බැරි වුණත් හදවතින් මම කියන දේ පිළිගන්නවා. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා පැහැදිලිවම ඔබතුමන්ලා සෞඛ්‍ය ක්ෂේත්රය අනාථ භාවයට පත් කරලා තිබෙනවා. ඒ වගේම අපේ රට වටේ තියෙන මුහුද. ඉතාමත්ම සොච්චමක් තමයි ධීවර කර්මාන්තය දළ දේශීය නිෂ්පාදිතයට දායකත්වය ලබා දෙන්නේ.
අපිට වෙරළේ සිට අනන්‍ය ආර්ථික කලාපයක් තිබෙනවා, එක්ස්ක්ලූසිව් ඉකොනොමික් සෝන් (Exclusive Economic Zone) එකක් තිබෙනවා නාවික සැතපුම් 200ක. මොකක්ද ඔබතුමන්ලා සයුරු සම්පතේ, සමුද්‍ර සම්පතේ, ධීවර සම්පතේ – කරදිය ඒ වගේම අපි මිරිදිය කර්මාන්තය ගැනත් කතා කරන්නට ඕන – ඒවා ප්‍රවර්ධනය කරන්නට මොකක්ද ඔබතුමන්ලාගේ වැඩපිළිවෙළ? කිසිම වැඩපිළිවෙළක් නෑ.
ඒ වගේම මේ හැමෝම මට බල කරනවා අහන්න කියලා ඇත්තටම මගෙත් මේ හිතේ තියෙන දෙයක්. අර මාළු හොයන ඇප් එක මොකද වෙලා තියෙන්නේ? ඒක මේ බජට් එකේ ක්‍රියාත්මක කරනවද? නැත්නම් ඒ ඇප් එක තාම පර්යේෂණ කරනවද ඒක ක්‍රියාත්මක කරන්න?
වෙනම ඇප් එකක් හදනවයි කිව්වා, මාළු ඉන්න වෙලාව කියනවයි කිව්වා, මාළු ඉන්න තැන කියනවයි කිව්වා, මාළු ඉන්න තැනට යන දිශාව කියනවයි කිව්වා, ගමනාන්තය කියනවයි කිව්වා, යන්න ඕන බෝට්ටුවත් මොකක්ද කියලා කියනවයි කිව්වා. මම අහන්න කැමතියි ඒ බහුවිධ ධීවර ඇප් එක කෝ? බහුවිධ ධීවර ඇප් එක කෝ කියලා මම අහන්න කැමතියි. (මාළුවන්ට දීලා. ඒක මාළුන්ට දීලා උන් දන්නවා දැන්).
දැන් අද වෙනකොට ඇත්ත වශයෙන්ම අපේ රටේ බුද්ධි ගලනය ක්‍රියාත්මක වෙනවා. උගතුන්, බුද්ධිමතුන්, වෘත්තීයවේදීන්, වෛද්‍යවරුන් රට අතහැරලා යනවා. කරුණාකරලා මම එක ඉල්ලීමක් කරනවා.
මම ඒක නොබියව කරන්නේ. ඒ වෘත්තීයවේදීන් මේ රටේ නවතා ගන්නට වාහන පර්මිට් එක ඒගොල්ලන්ට දෙන්න. වාහන පර්මිට් එක ඒගොල්ලන්ට දෙන්න. අපිට ඕන නෑ. අපිට ඕන නෑ. මේ වෘත්තීයවේදීන් මේ රටේ නතර කරගන්නට වාහන පර්මිට් එක ලබා දෙන්න. ඒක මම පැහැදිලිව කියන්න කැමතියි.
ඒ වගේම මේ අවස්ථාවේ නෑ, ඔබතුමාගේ අවස්ථාවේ ඔබතුමාගේ ඔය හදවතේ තියෙන, හිතේ තියෙන අදහස් ටික ඔබතුමාගේ කතාවේ කියන්න. කලබල වෙන්න එපා බිමල් ඇමතිතුමා. දැන් පටන් ගැන්මෙදී පූස් පැටියෙක් වෙලා හිටියා, දැන් වෘකයෙක් වෙලා. ඇමතිතුමා පොඩ්ඩක් ඉන්නකෝ, ආපහු පූස් පැටියා ගානට යන්න.
මේ අපේ ගරු කථානායකතුමනි, අපේ රටේ පරිසර සුරක්ෂිතභාවය පිළිබඳව ඇත්ත වශයෙන්ම මොකක්ද අරගෙන තියෙන පියවර? ඔව්, අයවැය යෝජනා වල යම් යම් පෙනල්ටීස් (Penalties), යම් යම් දඬුවම් දීම්, යම් යම් බරපතල හානි සිද්ධ වෙනවා.
දැන් මම (මම තව පොඩි වෙලාවක් ගන්නවා) ගරු කථානායකතුමනි, දැන් මම දැක්කා ගරු ජනාධිපතිතුමා ඊයේ අයවැය කතාවේ රාජ්‍ය සේවකයෝ ගැන කතා කරනවා. ලක්ෂ 14ක් 15ක් රාජ්‍ය සේවකයින් ඉන්නවා. දැන් එතුමා මේ කතාව කිව්වේ නෑ ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා.
දැන් කියනවා අපි හිතලා බලන්න ඕනෙලු මේ ලක්ෂ 14ක 15ක රාජ්‍ය සේවයෙන් ඒකට යන වැය කිරීම ගැන හිතන්න ඕනෙලු. පඩි වැඩි කළාම යන පිරිවැය ගැන හිතන්න ඕනෙලු. ඒ වගේම ඒ අයට දෙන දීමනා වල ප්‍රමාණය බලන්න ඕනෙලු. මෙච්චර රාජ්‍ය සේවයක් තිබියදී රටට ලැබෙන ප්‍රතිලාභය මොකක්ද කියලා හිතන්න ඕනෙලු.
මම අහන්න කැමතියි ඇයි ඔය කතාව කිව්වේ නැත්තේ ජනාධිපතිවරණයට පෙර? ජනාධිපතිවරණයට පෙර ඕක කිව්වද? මම අහන්න කැමතියි. තැපැල් ඡන්ද වලට ඉස්සෙල්ලා කිව්වද? මම අහන්න කැමතියි. කිව්වේ නෑ. දැන් එදා දැන් අර ගොවියටත් ඕකනේ කළේ.
කථානායකතුමා දන්නවනේ. ගොවියා දෙවියා කිව්වා, ගොවියා රජතුමා කිව්වා, ඡන්දෙන් පස්සේ ගොවියා කසිප්පුකාරයා. ආයේ ගොවියා රජතුමා වෙන්න දෙන්න පුළුවන්. අපේ නලින්ද මැතිතුමා කිව්වනේ එක්තරා නුවර ප්‍රදේශයේ එක ප්‍රදේශයකට විතරයි ගොවියාට රජා වෙන්න පුළුවන්.
ඒ එහෙට විතරයි. රටේ ලක්ෂ 21ක් වී ගොවියන්ට, වී ගොවි පවුල් වලට බැහැ කියලා කිව්වා. හරි? එතකොට ඡන්දෙට ඉස්සෙල්ලා දෙවියා, රජතුමා. ඒක ඉවර වුණාට පස්සේ කසිප්පුකාරයා.
දැන් ඒ වගේම තමයි ඔබතුමන්ලා රාජ්‍ය සේවකයින්ට මම හිතන්නේ බොහොම ඉහළින් සැලකුවා ඡන්දෙට පෙර. ඡන්දය ඉවර වුණ හැටි; දැන් කියනවා මේ රාජ්‍ය සේවයෙන් ඇති ප්‍රතිලාභය මොකක්ද? මේ අයට වැටුප් ගෙවනකොට මෙච්චර ගෙවන්න ඕන නේද? ඒවා ගැන හිතන්න ඕන නේද? මොකක්ද රටට ලැබෙන රිටර්න් (Return) එක? මොනවද මේ විහිළු කතා? ඇයි තැපැල් ඡන්දෙට පෙර මේවා කිව්වේ නැත්තේ කියලා මම අහන්න කැමතියි.
ඒ වගේම මම අහන්න කැමතියි රාජ්‍ය සේවය තුළ ඉඳලා අද විශ්‍රාම සුවයෙන් සිටින විශ්‍රාමිකයින්ගේ ප්‍රධාන ගැටලු වලට විසඳුමක් නෑ. ඔය සොච්චම් දීමනා ටිකක් දීලා තියෙනවා. අඩුම ගානේ මේ විශ්‍රාමිකයින්ට දැනෙන ප්‍රතිලාභයක් ලබා දෙන්න. දැනෙන මුදලක් ලබා දෙන්න.
ඒ වගේම අර වැඩිහිටියන්ට ලබා දුන්නු 15% ඉතිරි කිරීමේ පොලිය ඇයි ඒක ලබා දෙන්න බැරි? මේ රටේ වැඩිහිටි ප්‍රජාව, විශ්‍රාමික ප්‍රජාව, වයස්ගත ප්‍රජාව තමන්ගේ බෙහෙත් ටික ගන්නේ, තමන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්නේ අර 15%ක ප්රතිශතයක පොලී ඉතුරුම් කිරීම තුළ තමන්ගේ සේවින්ග්ස් (Savings) වලට, තමන්ගේ ඉතිරි කිරීම් වලට.
ඇයි ඒක ක්‍රියාත්මක කරන්නේ නැත්තේ කියන එක මම මේ අවස්ථාවේ අහන්න කැමතියි. ඒ වගේම මම අහන්න කැමතියි කෝ මේ බජට් එකේ විදුලි බිල 33%කින් අඩු කරන යෝජනාව? ගරු අනිල් ජයන්ත මැතිතුමනි, 33%කින් අඩු කරනවා කිව්වනේ. ජනාධිපතිතුමාම කිව්වා, මම ඇත්ත කියන්නේ.
ඕනනම් වීඩියෝ එක දාලා පෙන්නන්නම්. 3,000 බිල 2,000 කරනවා කිව්වා, 9,000 බිල 6,000 කරනවා කිව්වයි කිව්වා. ගණන් හදලා බැලුවොත් 33%කින් අඩු කරනවයි කිව්වා. ඇයි ඒ යෝජනාව නැත්තේ? එතකොට මම අහන්න කැමතියි දැන් ජනාධිපතිතුමා මෙතන නැහැ, අපේ අගමැතිතුමිය ඉන්නවා. කෝ අගමැතිතුමිය අර පොරොන්දු වුණු ලක්ෂ 12 විට්ස් (Vitz) කාර් එක? කෝ ලක්ෂ 12 විට්ස් කාර් එක? කෝ ලක්ෂ 12 විට්ස් කාර් එක? කෝ අර රුපියල් 50,000ට ලබා දෙනවයි කියපු මෝටර් බයිසිකලය? කෝ ඒක? ජපන් බයිසිකලය.
ඔව්. ජපන් බයිසිකලය. 50,000ට නේද දෙනවයි කිව්වේ? 50,000ට ලබා දෙන ජපන් බයිසිකලය. ඒ වගේම මම අහන්න කැමතියි විශේෂයෙන්ම දැන් තෙල් ගැන ලොකු කතන්දරයක් කිව්වා.
ඔබ කිව්වේ නැද්ද වරායේ ගොඩබාන ගානටම තෙල් දෙනවයි කියලා කිව්වේ නැද්ද? අනිවාර්යයෙන්ම කිව්වා. මෙන්න නලින්ද මැතිතුමා කියනවා කිව්වේ නැහැයි කියලා.
තව කවුද නැහැයි කියන්නේ? තව කවුද නැහැයි කියන්නේ? මම යෝජනා කරනවා කරුණාකරලා ඊළඟට කතා කරන පුද්ගලයාට ඔය වරායේ ගොඩබාන මිලටම තෙල් දෙනවයි කියපු එක මේක හැන්සාඩ් ගත කරන්න. වීඩියෝ එක තියෙනවා.
වීඩියෝ එක දාන්න අවස්ථාව දෙනවද ගරු කථානායකතුමා? වීඩියෝ එක දාන්න අවස්ථාව දෙනවද?
ගරු කථානායකතුමා වරායේ ගොඩබාන මිලටම තෙල් ටික ලබා දෙනවයි කිව්වා. ඇමතිගෙන් ඉඳලා නිලධාරීන්ට කොමිස් යනවයි කිව්වා. මහා භාණ්ඩාගාරයට මුදලක් දෙනවයි කිව්වා. බදු ගහනවයි කිව්වා. ඒ ඔක්කොම ඉවත් කරනවයි කිව්වා. කිව්වද නැද්ද නලින්ද ඇමතිතුමා? කිව්වා. කිව්වා. ඒක තමයි ඇත්ත කතාව.
ඒ නිසා මේ අවස්ථාවේ, මේ අවස්ථාවේ ඉතින් පැය පහක කතාවකට ඉතින් උත්තර දෙන්න මේ අමාරුයි කියලා, නැති බැරි අයත් නැත්තටම නැති වෙලා. දැන් මොකක්ද වෙලා තියෙන්නේ? නැවතත් වරක් අයවැය ඉදිරිපත් කිරීම ලෝක සම්මානයක් ලබාගෙන තිබෙනවා.
මොකෙන්ද? බොරුව, පචය, ඇන්දවිල්ල, මුලා කිරීම. මේ ටොම්පච අයවැයත් මම හිතන්නේ නුදුරු අනාගතයේදී හොඳම හොඳ ජාත්‍යන්තර සම්මානයක් ලබනවයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. මේක අයවැයක් නෙවෙයි මේක පචවැයක්. පචවැයකුත් නෙවෙයි මේක ඇතුලේ පච වැලක් තියෙනවා. ඒක තමයි ඇත්ත කතාව.
ඉතින් මම අහන්න කැමතියි ඔබතුමන්ලාට 68 ලක්ෂයක් ලබා දුන්නා පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් නිර්මාණය කරන්න. අනේ මේක අමතක කරන්න එපා. අද රෑට හරි ආපහු 159ම මේක කියවන්න. මුල ඉඳලම කියවන්න, ආරම්භයේ ඉඳලම කියවන්න.
මේකේ තියෙනවා ගොඩක් සිහින. ඔබ මේකේ තියෙන සිහින මරලා තියෙන්නේ, සිහින නැති කරලා තිබෙන්නේ.
මේ රටේ ලක්ෂ 220ට ඒ පොරොන්දු වුණු සිහින වලට පණ දෙන්න, ජීවය දෙන්න, ප්‍රාණය දෙන්න, ශක්තිය දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා.
ඒ වගේම අපි අහලා තියෙනවා කතාවක් මහා පාවාදීම් ගැන, ග්‍රේට් බිට්රේයල්ස් (Great Betrayals) ගැන. අපි අහලා තියෙනවා ජූදාස් පාවා දීලා තියෙනවා, බෲටස් පාවා දීලා තියෙනවා. හැබැයි මේක තමයි ලොකුම පාවාදීම, ග්‍රේටස්ට් බිට්රේයල් (Greatest Betrayal). 68 ලක්ෂයකගේ බලාපොරොත්තු, අපේක්ෂාවන්, ඒ වගේම ලක්ෂ 220ක් ජනතාව ඡන්දය දුන් නොදුන් අය මේ හැමෝගේම සිහින මේ රජය මොට කරලා තිබෙනවා, බොඳ කරලා තිබෙනවා, විනාශ කරලා තිබෙනවා.
මම පැහැදිලිවම එකක් කියන්න කැමතියි මේ අවස්ථාවේ කරුණාකරලා මේ අයගේ සිහින සැබෑ කරවන්නට කටයුතු කරන්න. විශේෂයෙන්ම අපේ ජනාධිපතිතුමාත් බුදු දහම කේන්ද්‍ර කරගෙන කතාව අවසන් කරන්නට යෙදුණේ. මමත් කියන්න කැමතියි විශේෂයෙන්ම (නෑ හරි, ප්‍රශ්නයක් නෑ. දැන් උත්තර දෙන්න ඔබතුමන්ලා) විශේෂයෙන්ම මම ඔබතුමන්ලාට මතක් කරන්න කැමතියි: “න ජච්චා වසලෝ හෝති – න ජච්චා හෝති බ්‍රාහ්මණෝ
කම්මනා වසලෝ හෝති – කම්මනා හෝති බ්‍රාහ්මණෝ” තමන් වසලයෙක්ද නැද්ද, වසලයෙක්ද බ්‍රාහ්මණයෙක්ද කියන එක තීන්දු වෙන්නේ තමන්ගේ උප්පැත්තිය තුළ නෙවෙයි, තමන්ගේ ක්‍රියාව තුළ.
ඉතින් ඇත්ත වශයෙන්ම පැහැදිලිවම මේ රජය වමට සිග්නල් දමලා දකුණට හරවලා, මාක්ස්වාදය පාවා දීලා, නව ලිබරල්වාදය සිප වැළඳගෙන, ගිලගෙන. ඔබම හිතාගන්න ඔබ කරන්නේ වසලයෙකුගේ ක්‍රියාවක්ද එහෙම නැත්නම් බ්‍රාහ්මණ ක්‍රියාවක්ද කියන එක. අපි නම් විශ්වාස කරනවා මිනිස්සුන්ට එක දෙයක් කියලා තව දෙයක් කරන එක ඇත්ත වශයෙන්ම වසල ක්‍රියාවක්.
ඉතින් මම ඉල්ලීමක් කරනවා නව ලිබරල්වාදය බැහැර කරලා, අන්ත මාක්ස්වාදය, සමාජවාදය බැහැර කරලා රටට වැදගත් එකම මාවත මැද මාවතයි; සමාජ ප්රජාතන්ත්රවාදයයි, සමාජ වෙළඳපොළ ආර්ථිකයයි. කරුණාකරලා අර නව ලිබරල්වාදී වසලකමින් බැහැර වෙලා බ්‍රාහ්මණයෙකුගේ ගමන… සභාවේ දිගින් දිගටම ඝෝෂා කිරිම් මැද විපක්ෂ නායකවරයා සිය කතාව අවසන් කළේ ය.

