කෙටි කාලීන ණය ඉහළට…..
දිගුකාලීන ආයෝජන පහළට:
බැංකු පද්ධතියේ අක්‍රීය ණය 8.8% දක්වා අඩුවෙද්දී NDB බැංකුවේ වෝහාරික වාර්තාව නීතිපතිවරයා අතට!
2026 වසරේ මුල් මාස නවය තුළ පෞද්ගලික අංශය වෙත ලබා දී ඇති ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 2.1 ක් දක්වා වර්ධනය වී තිබුණද, ඉන් 47% ක් කෙටි කාලීන ණය වීම සහ දිගුකාලීන ආයෝජන ණය 29% දක්වා පහත වැටීම පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) දැඩි අවධානය යොමු වී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ප්රමුඛ ඉහළ නිලධාරීන් විසින් මෙරට මූල්‍ය පද්ධතියේ වත්මන් තත්ත්වය පිළිබඳ තීරණාත්මක දත්ත රැසක් අනාවරණය කරන ලදී.
උද්ධමන ඉලක්කය සහ පාර්ලිමේන්තු වාර්තා හතශ්රී ලංකා මහ බැංකු පනතේ 80(2)(අ) වගන්තිය ප්‍රකාරව මාස හතරකට වරක් සිදු කෙරෙන මෙම කරුණු දැක්වීමේදී, කොළඹ පාරිභෝගික මිල දර්ශකය පදනම් කරගත් 5% ක ප්‍රධාන උද්ධමන ඉලක්කය ඉදිරි වසර තුන සඳහා ද එලෙසම පවත්වාගෙන යාමට මහ බැංකුව තීරණය කර ඇති බව නිලධාරීහු පැවසූහ.
කෙසේ වෙතත්, පනතේ 26(5) වගන්තිය යටතේ අඛණ්ඩව කාර්තු දෙකක් ඉලක්කගත උද්ධමන පරාසයේ පහළ සීමාව වන 3% ට වඩා අඩු මට්ටමක උද්ධමනය පැවතීම හේතුවෙන් මේ වන විට පාර්ලිමේන්තුවට විශේෂ වාර්තා හතක් ඉදිරිපත් කිරීමට සිදුව ඇති බව ද මෙහිදී අනාවරණය විය.
ණය ප්රවාහයේ ව්‍යුහාත්මක වෙනස: ආයෝජන ණය පහළට 2025 වසරේ මුල් මාස නවය තුළ රුපියල් ට්‍රිලියන 1.9 ක් වූ පෞද්ගලික අංශයේ ණය ප්‍රමාණය 2026 වසරේ එම කාලසීමාව තුළ රුපියල් ට්‍රිලියන 2.1 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම සමස්ත ණය ප්‍රමාණයෙන් 74% ක් නිකුත් කර ඇත්තේ බලපත්‍රලාභී වාණිජ බැංකු මගිනි.එහෙත් ණය ලබා දීමේ සංයුතිය තුළ කැපී පෙනෙන වෙනසක් සිදුව ඇති බව දත්ත මගින් පෙන්වා දෙයි.
ණය වර්ගීකරණය පෙර අනුපාතයවත්මන් අනුපාතය (2026) ප්‍රවණතාව කෙටි කාලීන ණය 42%47%+5% කින් ඉහළට දිගු කාලීන ණය35% 29%- 6% කින් පහළටබැංකු ණය නව ආයෝජන, ප්‍රාග්ධන සම්පාදනය සහ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම වෙනුවට, උකස් ණය සහ වාහන ණය වැනි කෙටි කාලීන හා පරිභෝජන අංශ වෙත වැඩි වශයෙන් යොමු වී ඇත්දැයි කාරක සභාව මෙහිදී ප්‍රශ්න කළේය.
තිරසාර ආර්ථික වර්ධනයක් සඳහා මුදල් ප්‍රතිපත්තියට පමණක් සීමා නොවී වෙළඳ, කම්කරු හා ඉඩම් ක්ෂේත්රවල ප්‍රතිසංස්කරණ සිදු කරමින් සෘජු විදේශ ආයෝජන (FDI) ආකර්ෂණය කර ගැනීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි.
බැංකු පද්ධතියේ ස්ථාවරත්වය සහ NDB බැංකුවට සීමාමූල්ය පද්ධතියේ සුරක්ෂිතභාවය පිළිබඳව කරුණු දක්වමින් මහ බැංකුව පෙන්වා දුන්නේ, බැංකු අංශයේ තුන්වන අදියරේ අක්‍රීය ණය (Stage 3 NPL) අනුපාතය 9.7% සිට 8.8% දක්වා පහත වැටී ඇති බවයි.
එමෙන්ම ප්‍රාග්ධන හා ද්‍රවශීලතා මට්ටම් නියාමන සීමාවන්ට වඩා ඉහළින් පවතී.
මේ අතර, NDB බැංකුව සම්බන්ධයෙන් සිදු කළ වෝහාරික විගණනය සහ ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්රමිතීන් අධීක්ෂණ මණ්ඩලයේ (SLAASMB) වාර්තාව 2026 ඔක්තෝබර් 15 වැනිදා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව මහ බැංකුව තහවුරු කළේය. එම බැංකුවට එරෙහිව පහත නියාමන සීමා පනවා තිබේ.
ලාභාංශ බෙදා හැරීම සීමා කිරීමනව ශාඛා ව්‍යාප්තිය අත්හිටුවීමඅධ්යක්ෂ මණ්ඩල දීමනා සීමා කිරීමAI වංචා මැඩලීමට Meta සමඟ එක්වෙයිකෘත්රිම බුද්ධි (AI) තාක්ෂණය භාවිත කරමින් මහ බැංකු අධිපතිවරයා, අග්‍රාමාත්‍යවරිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රූප හා හඬ ව්‍යාජ ලෙස යොදාගෙන සිදු කරන මූල්‍ය වංචා සහ නීති විරෝධී තැන්පතු රැස්කිරීම් මැඩලීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL), ශ්‍රී ලංකා CERT, පොලිසිය සහ Meta සමාගම සමඟ ඒකාබද්ධ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව ද නිලධාරීහු සඳහන් කළහ.
මීට අමතරව ක්‍රිප්ටෝ මුදල් නියාමනය, කොළඹ වරාය නගරයේ බැංකු අධීක්ෂණය සහ රාජ්‍ය බැංකු ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් ද මෙම රැස්වීමේදී පුළුල් ලෙස සාකච්ඡා විය. නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

