• මනුෂ්‍ය ඝාතනයක් – මීගොඩ

  මීගොඩ පැරණි ආරවුලක් දුරදිග ගොස් පිහියෙන් ඇන පුද්ගලයෙක් ඝාතනය කෙරේ.   විස්තරය: 2026.11.04 දින රාත්‍රී මීගොඩ, ඕවිටිගම ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු සමඟ ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදී බරපතල තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 50 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් ඇත. මීගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.  

  • කාන්තාවක් ඝාතනය කර සැකකරු සියදිවි හානි කර ගැනීම –

පුස්සැල්ලාව  පුස්සැල්ලාවේදී කාන්තාවක් තියුණු ආයුධයකින් මරා සැකකරුද සියදිවි නසා ගනී.   විස්තරය: 2026.11.04 දින දහවල් පුස්සැල්ලාව, දොරගල ප්‍රදේශයේ නිවසකදී පළමු විවාහයෙන් වෙන්ව සිටි 38 හැවිරිදි කාන්තාවක් සමඟ ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් ඇයට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර, කුරුණෑගල පදිංචි 38 හැවිරිදි සැකකරුද සියදිවි හානි කරගෙන ඇත. පුස්සැල්ලාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.  

03. දිය අනතුරකින් විදේශ ජාතිකයෙකු බේරා ගැනීම – කොටවිල

මිරිස්ස වෙරළේදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයර්ලන්ත ජාතිකයෙක් බේරා ගනී.  

2026.11.04 දින දහවල් මිරිස්ස වෙරළ තීරයේ දියනාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය 44 හැවිරිදි අයර්ලන්ත ජාතික සංචාරකයෙකු කොටවිල පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් සාර්ථකව බේරාගෙන මූලික ප්‍රතිකාර ලබා දී ඇත. කොටවිල පොලිසිය වැඩිදුර කටයුතු කරයි.  

04. කප්පම් මුදල් ඉල්ලා මරණ තර්ජනය කිරීම – උණවටුන

උණවටුන ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 10ක කප්පම් ඉල්ලා තර්ජනය කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට. 

2026.11.04 දින උණවටුන ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස පෙනී සිටිමින් දුරකථන මඟින් රුපියල් ලක්ෂ 10ක කප්පම් මුදලක් ඉල්ලා තර්ජනය කළ 36 සහ 19 වයස්වල පසුවන උණවටුන පදිංචිකරුවන් දෙදෙනෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.  

05. වන අලි පහරදීමකින් පුද්ගලයෙක් මිය යයි – කනගරායන්කුලම

කුඹුරු ඉඩමක වැඩ කරමින් සිටි පුද්ගලයෙකුට වන අලි පහරදී මරණයට පත් කරයි.  

2026.11.04 දින දහවල් කනගරායන්කුලම, පෙරියමඩු ප්‍රදේශයේ නිවස පිටුපස කුඹුරු ඉඩමේ වැඩ කරමින් සිටි නෙදුන්කේනි පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකු වන අලි ප්‍රහාරයට ලක්ව පුලියන්කුලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. කනගරායන්කුලම පොලිසිය විමර්ශන පවත්වයි.  

06. නීති විරෝධී ගෝඩා ලීටර් 3700 කට අධික ප්‍රමාණයක් සමඟ තිදෙනෙක් මාට්ටු – කටුනායක

කටුනායකදී බැරල් ගණනක නීති විරෝධී මත්පැන් (ගෝඩා) සමඟ සැකකරුවන් තිදෙනෙක් කොටුවෙයි.  

2026.11.04 දින සවස සහ රාත්‍රී කාලයේදී කටුනායක, මුතුවාඩිය පාලම අසලදී සිදු කළ වැටලීම් 3කදී ගෝඩා ලීටර් 900ක්, 945ක් සහ 1890ක් (මුළු බැරල් 20ක්) සමඟ හීනටියන, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 25, 37 සහ 57 හැවිරිදි සැකකරුවන් තිදෙනෙකු කටුනායක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.  

07. නීති විරෝධී මත්පැන් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට –

හොරණ  වව්ලගලදී නීති විරෝධී මත්පැන් බෝතල් 100ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට. 

2026.11.04 දින සවස හොරණ, වව්ලගල ප්‍රදේශයේදී වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් සිදු කළ වැටලීමකදී නීති විරෝධී මත්පැන් ලීටර් 75ක් (බෝතල් 100) සමඟ මුනගම පදිංචි 32 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන හොරණ පොලිසියට ඉදිරිපත් කර ඇත. 

08. පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට – හයි ෆොරස්ට්

නුවරඑළිය හයි ෆොරස්ට් ප්‍රදේශයේ පුරාවස්තු සෙවීමට කැණීම් කළ 5 දෙනෙක් උපකරණ සමඟ අසු වෙයි. 

2026.11.04 දින දහවල් හයි ෆොරස්ට්, මෙරිගොල්ඩ් ප්‍රදේශයේ ඉඩමක පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි කඳපොල, ගොඩමුන්න සහ බලංගොඩ ප්‍රදේශවල පදිංචි 27, 35, 44 සහ 52 යන වයස්වල පසුවන සැකකරුවන් 5 දෙනෙකු කැණීම් උපකරණ සමඟ හයි ෆොරස්ට් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

09. කැබ් රථයක් යතුරුපැදියක ගැටී පැදිකරු මිය යයි – වත්තේගම

වත්තේගමදී කැබ් රථයක් යතුරුපැදියක ගැටීමෙන් පැදිකරු ජීවිතක්ෂයට.   2026.11.04 දින දහවල් වත්තේගම කලාප අධ්‍යාපන කාර්යාලය අසලදී, වත්තේගම දෙසට ධාවනය වූ කැබ් රථයක් ඉදිරියෙන් ගමන් කළ යතුරුපැදියක ගැටීමෙන් සිදුවූ අනතුරින් බරපතල තුවාල ලැබූ 65 හැවිරිදි යතුරුපැදි පැදිකරු වත්තේගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. කැබ් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.  

10. කාර් රථයක ගැටී පදිකයෙක් මිය යයි –

කුරුණෑගල සාරගම වැව අසලදී මග හරහා ගිය පදිකයෙක් අනතුරකින් මිය යයි.   විස්තරය: 2026.11.04 දින අලුයම පුත්තලම – කුරුණෑගල මාර්ගයේ සාරගම වැව අසලදී මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකු පුත්තලම දෙසට ධාවනය වූ කාර් රථයක ගැටී කුරුණෑගල රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් ඇත. මියගිය පුද්ගලයාගේ (වයස 30-40 අතර) අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැති අතර රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.  

11. යතුරුපැදි දෙකක් ගැටීමෙන් බිහිසුණු අනතුරක් –

අතුරුගිරිය  බස් රථයක හැපුණු යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් ආ වෙනත් යතුරුපැදියක යටවීමෙන් පැදිකරු මිය යයි.  

2026.11.04 දින උදෑසන අතුරුගිරිය – ගොඩගම මාර්ගයේදී, නැවැත්වීමට තිරිංග තද කළ බස් රථයක පිටුපස ගැටී පෙරළුණු යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් යතුරුපැදියකට යට වීමෙන් බටවල, පාදුක්ක පදිංචි 36 හැවිරිදි පැදිකරුවෙක් හෝමාගම රෝහලේදී මියගොස් ඇත. අනෙක් යතුරුපැදියේ පැදිකරු අත්අඩංගුවට ගෙන ඇත. 

12. ප්‍රයිමුවර් රථයකට යට වී යතුරු පැදිකරුවෙක් මිය යයි!

පෑලියගොඩ  පෑලියගොඩ තොරණ හන්දිය අසලදී ප්‍රයිමුවර් රථයක යතුරුපැදියක් ගැටී පැදිකරු මරුට.  

2026.11.04 දින දහවල් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ තොරණ හන්දිය අසලදී ඉස්සර කිරීමට යාමේදී ප්‍රයිමුවර් රථයක ගැටී යටවී බරපතල තුවාල ලැබූ මොරගස්මුල්ල, රාජගිරිය පදිංචි 66 හැවිරිදි යතුරුපැදිකරුවෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් තිබේ. රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.    

Share.
Leave A Reply