“ආණ්ඩුව හදන්නේ ජනතාවගේ මර්දනයට අනපනත් ගේන්නයි! – හිරු ජන පෙරමුණෙන් චෝදනාවක්”  

“එදා පාරට බැහැලා බෑරියර් පෙරළපු අය අද මර්දන නීති ගේනවා – චේනක අබේසිංහ”  

“ජනමාධ්‍යවේදීන් සිරගත කර තොරතුරු දැනගැනීමේ අයිතිය අහෝසි කිරීමට සැරසෙනවා!”  

“ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පාරට බහින නිරපේක්ෂක ජනතාව පාලනය කරන්න මේ ආණ්ඩුවට බැහැ!”    

හිරු ජන පෙරමුණ ප්‍රධාන ලේකම් චේනක අබේසිංහ කියයි!

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ නව කෙටුම්පත විරුද්ධව

මේ මොහොත වෙන කොට මේ පත් වෙච්ච වර්තමාන ආණ්ඩුව ආණ්ඩු බලය අත්පත් කරගෙන වසර දෙකක් ගතවීමෙන් පසුව ආණ්ඩුව විසින් දැන් මේ මොහොතේ පනත් සම්මත කරමින්, නීති සම්මත කරමින් ඉන්නවා.   පාර්ලිමේන්තුවට ජනතාව, පුද්ගලයන් පත් කරලා යවන්නේ නීති සම්පාදනය කිරීම සඳහා බව ඇත්ත. හැබැයි ඒ පාර්ලිමේන්තුව තුළ සම්පාදනය වෙන්න ඕන, සම්මත වෙන්න ඕන නීති මොනවාද?

ඒ සම්මත වෙන්න ඕන නීති තමයි රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ නීති. ඒ සම්මත වෙන්න ඕන නීති තමයි ජනතාව ආරක්ෂා කර ගැනීමේ නීති. ඒ සම්මත වෙන්න ඕන නීති තමයි සංස්කෘතිය, සභ්‍යත්වය ආරක්ෂා කර ගැනීමේ නීති. ඒ සම්මත වෙන්න ඕන නීති තමයි ආහාර ස්වාධිපත්‍යය, ආහාර සුරක්ෂිතතාවය රැකගන්න පුළුවන් නීති. 

 හැබැයි දැන් අද වෙනකොට මේ සම්මත කරමින් යන්නේ, එහෙම නැත්නම් මේ සම්මත කරන්න උත්සාහ කරන්නේ මොන පන්නයේ නීතිද කියන ප්‍රශ්නය අපි ඉස්සරහා තියෙනවා. මේ මෑත ගෙනැල්ලා තියෙන මේ පනත, ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා පනතක් කියලා ගෙනාවට, මේ පනත ඇතුළේ ත්‍රස්තවාදය කියන කාරණාව නිර්වචනය කරලා තියෙන්නේ කොහොමද?   ත්‍රස්තවාදයක් කියලා කියන්නේ, ත්‍රස්තවාදියෙක් කියලා කියන්නේ රාජ්‍යයට විරුද්ධව කුමන්ත්‍රණකාරී ආකාරයට වෙනත් රාජ්‍යයක් ඉල්ලලා, එහෙම නැත්නම් රාජ්‍යය අනීතික ආකාරයට බිඳවට්ටන්න උත්සාහ කිරීම, එහෙම නැත්නම් තුවක්කු අරගල අරගෙන බලය අත්පත් කර ගැනීමට උත්සාහ කිරීම, එහෙම නැත්නම් රටේ මිනිස්සුන්ව ඝාතනය කිරීමේ සංස්කෘතියක් හරහා පාලන බලය අත්පත් කරගැනීම, මේවා තමයි අපි ත්‍රස්තවාදී ක්‍රියාන්විත විදිහට දකින්නේ.  

එතකොට අපි දැක්කා මේ රටේ හිටියා මහා බිහිසුණු ත්‍රස්තවාදියෙක්. ඒ ත්‍රස්තවාදියා මේ රටේ මරාගෙන මැරෙන කාඩර්වරු හැදුවා. මේ රටේ දරුවෝ මැරුවා. භික්ෂූන් වහන්සේලා ඝාතනය කරා. එතකොට මේ කාලයේ පවා මේ රට ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අනපනත් තිබුණා. හදිසි නීතිය තිබුණා. ඒවා පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වුණා. ඒවා ඇතුළේ දඬුවම් දුන්නා.   හැබැයි අද මේ වෙනකොට මේ රටේ යුද්ධයක් නෑ.

මේ රටේ ත්‍රස්තවාදියෙක් පෙනෙන මානයක ඉඳගෙන වෙනම රාජ්‍යයක් ඉල්ලන්නේ නෑ. හැබැයි එහෙම තියෙද්දී ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමට කියලා මේ ගේන පනත ඇතුළේ රකින්න හදන්නේ ත්‍රස්තවාදයද, එහෙම නැත්නම් රකින්න හදන්නේ තමුන්ගේ ආණ්ඩු බලයද කියන ප්‍රශ්නයයි අපි මේ අහන්නේ.   ආණ්ඩුවක් ශක්තිමත් කර ගැනීම සඳහා වුණත් අනපනත් ගැනීම පිළිබඳව අපිට විරුද්ධත්වයක් නෑ. ඒ හැබැයි සැබෑ ආණ්ඩු.

හැබැයි ආණ්ඩු ආරක්ෂා වෙන්න ඕන, යහපත් ආණ්ඩු. යහපත් ආණ්ඩුකරණයක් කරනකොට ඒ යහපත් ආණ්ඩුකරණයට විරුද්ධව කුමන්ත්‍රණකාරීන් එළියට බැහැලා, වීදි බැහැලා, එහෙම නැත්නම් වෙනත් ආකාරයේ ක්‍රියා කරලා ඒ ආණ්ඩුව වට්ටනවා නම් එමෙනි වැටීම් නවත්වන්න ඕන.  

හැබැයි දැන් මේ මොහොතේ ඒ පණිවිඩය දෙන බව පෙන්නලා, ගැලරියට කතා කරමින් රට වටේ රැස්වීම් තියෙමින්, මාධ්‍ය ප්‍රකාශකවරු මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා “මේ අපි ඉතාමත් සද්භාවයෙන් කරගෙන යන ආණ්ඩුව බිඳවැටීම සඳහා කුමන්ත්‍රණ සිද්ධ වෙනවා, ඒ ආණ්ඩුව බිඳවැටීම සඳහා මිනිස්සුන්ව පොළඹවීම් සිද්ධ වෙනවා, ඒක නිසා ඒක ආරක්ෂා කරගන්න ඕන” කියන කාරණාව කාරණාවක් වෙනයි.  

හැබැයි දැන් මේ මොහොතේ මේ සම්මත කරන්න හදන පනත ඇතුළේ මේ ආරක්ෂා කරන්න හදන්නේ ආණ්ඩුවවත්, රාජ්‍යයවත්, රටවත්, සංස්කෘතියවත්, සභ්‍යත්වයවත් නෙමෙයි. මේ ආරක්ෂා කරන්න හදන්නේ මොකක්ද? මේ ආරක්ෂා කරන්න හදන්නේ තමුන්ගේ බලය ක්‍රියාත්මක කිරීමේදී, ඒ බලය ක්‍රියාත්මක කිරීම සඳහා ගන්නා වූ තීන්දු තීරණ හමුවේ තමුන්ට එන විරුද්ධත්වය, එහෙම නැත්නම් තමුන්ට එන විරෝධතාවය, තමුන්ට එරෙහිව එළියට බහින මිනිස්සුන්ව පාලනය කරන්න, මිනිස්සුන්ව බිඳවට්ටන්න, එහෙම නැත්නම් මිනිස්සුන්ව යටපත් කරන්නයි මේ නීතිය ගෙනාවේ කියන කාරණාවයි අපි මේ කියන්නේ.  

එතකොට මිනිස්සු ආණ්ඩුවකට විරුද්ධව පාරට බහින්නේ ඇයි? අපි දැක්කා මේ මෑත ඉතිහාසයේ ආණ්ඩුවක්, එහෙම නැත්නම් රාජ්‍ය නායකයෙක්, රටේ ජනාධිපතිවරයෙක් රටේ පළවෙනි වතාවට ධුරයෙන් බැහැලා පලා ගියා. ඒ සඳහා මිනිස්සු පාරට බැස්සා.

ඒ මොහොතේ රටේ පැහැදිලි අර්බුදයක් තිබුණා. ඒ වගේම ආර්ථිකය බිඳවැටිලා තිබුණා. ඩොලර් එක වැටිලා තිබුණා. රටේ මිනිස්සුන්ට තෙල් ටික, ගෑස් ටික ගන්න බැරි තත්ත්වයකට ඇවිල්ලා තිබුණා. හැබැයි එහෙම තියෙන තත්ත්වයක තමයි මිනිස්සු වීදි බැස්සේ.  

හැබැයි දැන් මේ ආණ්ඩුව, මේ පාලනයට විරුද්ධව මිනිස්සු වීදි බහින්න ඕන ඇයි? තමුන් හරියට ආණ්ඩු කරනවා නම්, තමුන් ජනවරමට අනුව හැසිරෙනවා නම්, දැන් කාවද මේ මර්දනය කරන්න හදන්නේ? එතකොට පැහැදිලි වෙන කාරණාව මොකක්ද?

ඇඳිනගහද පැත්තෙන් දැනෙයි කිව්වා වගේ, මේ පැහැදිලිවම ප්‍රශ්නයක් තියෙනවා ආණ්ඩුවට තමුන් පිළිබඳව. ඒ තමයි තමුන් ඉදිරියට ගන්නා වූ තීන්දු තීරණ සම්බන්ධයෙන් තමුන්ට තියෙනවා අභ්‍යන්තර ප්‍රශ්නයක්. ඔවුන් දන්නවා ඔවුන් ගන්න තීරණ හමුවේ මිනිස්සු කටවහගෙන ඉන්නේ නෑ කියන කාරණාව.

ඒ මර්දනය සඳහා දැන්මම අවශ්‍ය කරන අනපනත් සම්මත කරගැනීමක්ද අපි මේ දකින්නේ?   ඒක නිසා අපි පැහැදිලිවම කියන්නට අවශ්‍ය කාරණාව තමයි, හරියට ආණ්ඩු කරන ආණ්ඩුවක් නම් රටේ තියෙන්නේ, ජනතාවාදී ආණ්ඩුවක් නම් රටේ තියෙන්නේ ඔවුන් කියන ආකාරයට,

එක මීටරයට ගත්ත කාන්තාවෝ නම් තමුන්ගේ ආණ්ඩුව වටේ ඉන්නේ, එක මීටරයට ගත්ත වෘත්තිකයෝ නම් තමුන්ගේ වටේ ඉන්නේ, එක මීටරයට ගත්ත තරුණයෝ නම් තමුන්ගේ වටේ ඉන්නේ, මේ රටට ආදරේ කරන ජනාධිපතිවරයාගේ സഹෝදරයෙක් නම් මේ රටේ ඉන්නේ, අපි අහනවා ඇයි බය?   කාටද බය වෙන්නේ? මොකටද බය වෙන්නේ? කුමක් සඳහාද බය වෙන්නේ?   තමුන් බය වෙන්න ඕන කාරණාව තියෙන්නේ තමුන්ගේ හිත ඇතුළේ.

හැබැයි ඒක එළියට දෙන්නේ නෑ. ඒ වෙනුවට ගැලරිය පිනවන්න රට වටේ ගිහිල්ලා කොච්චර රැස්වීම් තිබ්බත්, කොච්චර ජනතාව ඇමතීම කරලා තමුන් නිවැරදියි කියලා කිව්වත්, කොච්චර ජනතාව අතරට ගිහිල්ලා තමුන් හොරු අල්ලනවා කියලා කිව්වත්, අපි කියනවා පැහැදිලිවම මේ කියන කාරණා එකකටවත් එකකින් එකකින්වත් පරිබාහිරවයි මේ පනත සම්මත වෙන්නේ.  

අධිකරණ පද්ධතිය හෝ වේවා, රාජ්‍ය ආරක්ෂාව හෝ වේවා, ඒ හා සම්බන්ධ නීති අනපනත් හෝ වේවා, රටක ශක්තිමත් වෙන්න ඕන ජනතාව ශක්තිමත් කිරීම සඳහා, රාජ්‍ය ශක්තිමත් කිරීම සඳහා, සංස්කෘතිය ශක්තිමත් කිරීම සඳහා, තමුන්ගේ මාතෘභූමිය ආරක්ෂා කර ගැනීම සඳහා මිසක්, තමුන්ගේ පක්ෂයක් ආරක්ෂා කරගන්න, තමුන්ගේ මතවාදයක් ආරක්ෂා කරගන්න, තමුන් කරන ඕනෑම වැඩක් ඕනෑම ආකාරයට ආරක්ෂා කරගන්න නම් ඒ පනත් සම්මත වෙන්නේ, අපි කියනවා ඒක මහා වැරදි පූර්වාදර්ශයක් වේවි.  

ඒ වගේම සුවිශේෂී කාරණාව මොකක්ද? මේ පහුවගිය ඉතිහාසයට ගිහිල්ලා ඔබ බැලුවා නම්, පහුවගිය දශකයට, දශක එකහමාරකට ආපස්සට ඔබ ගියා නම්, වැඩිපුරම පාරේ හිටියේ කවුද? වැඩිපුරම බෑරියර් පෙරළුවේ කවුද? වැඩිපුරම බැටන් ප්‍රහාර වලට ලක්වුණේ කවුද? වැඩිපුරම වතුර ප්‍රහාර වලට ලක්වුණේ කවුද? වැඩිපුරම හිරේ හිටියේ කවුද? වැඩිපුරම අධිකරණවල ක්‍රියාදාම වලට ගියේ කවුද? වැඩිපුරම අනපනත් වලට එරෙහිව පාරට බැස්සේ කවුද?   මේ වර්තමාන පාලනය හොබවන පාලන තන්ත්‍රයේ ඉන්න පාලකයෝ සහ ඔවුන් වටේ ඉන්න පිරිස. ඔවුන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරුද්ධ වුණා. ඔවුන් මේ රටේ මහා බැංකු ප්‍රතිසංස්කරණ වලට විරුද්ධ වුණා. ඔවුන් මේ රටේ ජනමාධ්‍ය නියාමන පනතට විරුද්ධ වුණා.

ඔවුන් මේ රටේ මානව හිමිකම් සම්බන්ධයෙන් කතා කරද්දී ඒ සම්බන්ධයෙන් ඔවුන් විරුද්ධ වුණා. මහා බැංකුව ගැන ඔවුන් කතා කරා. වංචා දූෂණ ගැන කතා කරා. මේ සියල්ල ගැන කතා කරපු පාලකයෙක් තමයි දැන් අද පාලන බලයට ඇවිල්ලා ඉන්නේ.  

හැබැයි එහෙම ඇවිල්ලා, තමුන් ඒ කාලේ විවේචනය කරපු විදුලිබල මණ්ඩලයේ ප්‍රතිහ්‍යුහගතකරණය හෝ වේවා, එතනින් එහාට ගියාම ජනමාධ්‍ය නියාමන පනත හෝ වේවා, මේ කිසිවක් ගැන කතා කරන්නේ නැතුව, ඒවා රිවර්ස් කරන්නේ නැතුව, එයින් ඉදිරියට අඩි 10ක් 15ක් ඉස්සරහට ගිහිල්ලා ඊට වැඩිය ඉතාමත් අනීතික ආකාරයේ පනත් සම්මත කරනවා නම්, මොන පන්නයේ පාලනයක්ද මේ කියලා අපි අහනවා.  

එහෙමනම් එදා ඒ අනපනත් වලට විරුද්ධ නොවී ඉන්න තිබුණා. එදා ඒ අනපනත් වලට සහයෝගය දෙන්න තිබුණා. හැබැයි එහෙම සහයෝගය නොදී, ඒ අනපනත් වලට විරුද්ධ වෙලා, ඒවා බිඳවට්ටලා, පාරට බැහැලා, ඩෙඟා නටලා, බෑරියර් පෙරළලා, වතුර පාරවල් කමින්, බැටන් පොලු ප්‍රහාර කමින්, ඒවා සියල්ල මේ රටේ සාමාන්‍යකරණය කරලා අද වෙනකොට දැන් කියනවා මේ රටේ උද්ඝෝෂණ නැහැල්ලු.  

ඔව්, උද්ඝෝෂණ කරපු මිනිස්සු බලයේ ඉන්නකොට උද්ඝෝෂණ තියෙන්න විදියක් නෑනේ. දැන් කියනවා මේ බැටන් ප්‍රහාර එල්ල වෙලා නැහැල්ලු. වතුර ප්‍රහාර එල්ල වෙලා නැහැල්ලු. ඒවා නිකන් මලකඩ කාලාලු. ඉතින් මලකඩ කන්නේ ඇයි? ඒ කරපු මිනිස්සු බලයේ ඉන්න නිසා.  

හැබැයි දැන් ඔවුන් දන්නවා මේ ඊළඟ රැල්ල, මේ ආකාරයේ අනීතිකව ක්‍රියාත්මක වෙන එකට එරෙහිව එළියට එන්නේ ඔය කියන ආකාරයේ කෘතිම විරෝධතාවයක් නෙමෙයි. පක්ෂයක් ආරක්ෂා කරගන්න මිනිස්සු මෙතනින් එහාට එළියට බහින්නේ නෑ. තමුන්ගේ මතවාදය ආරක්ෂා කරගන්න මිනිස්සු මෙතනින් එහාට එළියට බහින්නේ නෑ.   හැබැයි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එළියට බහිනකොට නිරපේක්ෂක මිනිස්සු, පක්ෂයක් පාටක් නැති මිනිස්සු, ඒක කන්ට්‍රෝල් කරන්න ලේසි වෙන්නේ නෑ.

ඒක මේ ආණ්ඩුව දන්නවා. මේ පාලකයෝ දන්නවා.   මොකද මෙතනින් එහාට ඒ විරෝධතාවය අරගෙන එනවා නම් අරගෙන එන්නේ මේ රටේ සැබෑ ජනතාවාදී මිනිස්සු, සැබෑ දේශප්‍රේමී මිනිස්සු. අන්න ඒ ජනතාවාදී දේශප්‍රේමී මිනිස්සු පාරට බහින බව දන්න නිසාද මේ අනපනත් සම්මත කරන්නේ කියන කාරණාවයි අපි මේ අහන්නේ.  

එතනින් එහාට, මේ ජනමාධ්‍ය සම්බන්ධයෙන් ඉතාමත් සංවේදී තීන්දු තීරණ අරගන්නකොට මේ රටේ මිනිස්සුන්ට තොරතුරු දැනගැනීමේ අයිතියට මොකද වෙන්නේ? මේ තොරතුරු බෙදාහරින, මේ දිවා රෑ නොබලා වෙහෙසෙන ජනමාධ්‍යවේදීන්ට අත්වෙන්නේ කුමක්ද? ඔවුන්ට පුළුවන්ද තමුන්ගේ දරු පවුල ගෙදර ඉද්දී සති ගණන්, මාස ගණන් උසාවි වල ගිහිල්ලා ස්ටේට්මන්ට් දෙන්න?

එහෙම නැත්නම් සිරගත වෙන්න?   එතනින් එහාට රටට ආදරේ කරන මිනිස්සුන්ට රට ගැන කතා කරන එක පැත්තකට තියලා ගෙවල් වල ඉන්න කියන පණිවිඩයද මේ දෙන්නේ? එහෙම කරොත් අල්ලලා හිරේ දානවා කියන එකද මේ කියන්නේ? එහෙම කරොත් අල්ලලා මර්දනය කරනවා කියන එකද මේ කියන්නේ?  

අපි කියනවා වහාම, වහාම මේ පනත හකුලා ගත යුතුයි. මේ පනත හකුලා ගත්තේ නැත්නම්, මේ පනත අනීතිකව ක්‍රියාත්මක කරනවා නම්, තුනෙන් දෙකක ආණ්ඩුවක් තියෙන්නේ අපිට ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියන අධි මානසිකත්වයෙන් ඉඳගෙන මේ පනත මේ පාර්ලිමේන්තුව ඇතුළේ සම්මත කෙරුවොත් එහෙම, අපි ඔබට කියනවා මේ ඔබේ ආණ්ඩුවේ ජනවරමට ඔබ ගසන පයින් පහරයි.  

එහෙම නැත්නම් ඔබේ ජනවරමට ඔබ ඔබේ පශ්චාත් භාගය පෙන්වන අවස්ථාව තමයි මේ පාර්ලිමේන්තුව ඇතුළේ සිද්ධ වෙන්නේ. එහෙම පෙන්වලා ඔබ හිතනවා නම් තවදුරටත් මේ ජනවරම රැකගන්න පුළුවන් කියලා, අපි කියනවා නැහැ ඒක කරන්න බැහැ. 

ඒ වගේම, මෙතනින් එහාට ඔබ මොන මොන ආකාරයේ සාධනීය දේවල් කිව්වත්, හොරු අල්ලනවා කිව්වත්, හොරු අල්ලලා හිරේ දානවා කිව්වත්, දූෂණය නවත්වනවා කිව්වත්, වංචාව නවත්වනවා කිව්වත් මිනිස්සු ඒ සියල්ලට උඩින් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරාවි. නැවත වටයකින් මේ රටේ ඔබ හොරුයි කියපු මිනිස්සු බලයට ආවොත් ඒකේ වගකීමත් මේ ආණ්ඩුව භාරගත යුතුයි.    

Share.
Leave A Reply