අද (28) සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී එස්. එම්. මරික්කාර් මෙසේද කීය.
“ජාතික ජන බලවේග ආණ්ඩුවේ දෙවන කතානායකවරයා රාජ්ය දේපල සාවද්ය සාපරාධී පරිහරණය පිළිබඳව ඔහුට එරෙහිව පෞද්ගලිකව මන්ත්රීවරු 44 දෙනෙක් අත්සන් කරලා විශ්වාසභංගයක් භාර දුන්නා අපි. මෙතියෙන්නේ, 44 දෙනෙක් අත්සන් කරලා තියෙනවා. චෝදනා 50කුත් තියෙනවා. හරිද?
විශේෂයෙන්ම කතානායක නිල නිවාසය තිබියදී රාජ්ය පරිපාලන අමාත්යාංශයට අයත් තවත් ඇපාට්මන්ට් එකක් පාවිච්චි කිරීම, හරිද? ඊළඟට කතානායක නිල නිවාසයේ බඩු භාණ්ඩ අනෙකුත් ඇපාට්මන්ට් එකට ගෙනිහින් පාවිච්චි කිරීම, ඒ වගේම කතානායකවරයාට ආහාර ගන්න නියමිතව තියෙන්නේ පාර්ලිමේන්තුවේ දෙවන මහලේ ඔහුගේ භෝජනාගාරයේ. එතකොට ඔහුගේ ලේකම්වරයා එක්ක ගෙවීමකින් තොරව… දැන් ගෙවීමකින් තොරව ඔහුත් එක්ක ආහාර පාන ලබා ගැනීමෙන් මූල්ය පාඩුවක් කරලා තියෙනවා.
මේ ආකාරයෙන්, ඊට අමතරව දැන් ගිය හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධනට පමණක් බලපාන පරිදි කැබිනට් අනුමැතියක් තිබ්බා මාධ්ය අංශයක් පාවිච්චි කරන්න කියලා ඉවරවෙලා, ඒවා නීති විරෝධී ලෙස පාවිච්චි කිරීම සහ ඒවා සමහර පෞද්ගලික මාධ්ය ආයතන සමග එක්ස්ක්ලූසිව් ඉන්ටර්ව్యూවලට පාවිච්චි කරලා තියෙනවා. හරිද?
එතකොට මේ ආකාරයේ වශයෙන් චෝදනා 50ක් ඔහුට විරුද්ධව දීලා තියෙනවා. දැන් මුලදී ලොකුවට කිව්වා දැන් ඒක අපි භාර දුන්න ගමන් ටක් ගාලා ඊළඟ සතියෙම ගන්නවා කියලා ඉවරවෙලා. හරිද? ඊට පස්සේ කිව්වා මේ චෝදනා නීතිපතිවරයාගෙන් විමර්ශනය කරන්න ඕනේ කියලා. නීතිපතිවරයාගෙන් විමර්ශනය කරලත් නැහැ, එහෙම කරනවා නම් නීතිපතිවරයාගේ මතය මොකක්ද කියලා අපිට දැනුම් දෙන්න ඕනේ.
දැන් කියනවා දැන් මේ නඩු කරයකට බලපාන කාරණයක් ලු. ඇත්ත වශයෙන්ම හිටපු නියෝජ්ය මහලේකම් චමින්ද මැතිතුමා දාපු එකට, අල්ලස් කොමිෂන් සභාවට දාපු එකට තාම නඩු කරයක් නැහැ. මේ කිසිදු දේකට නඩු කරයක් නැහැ. එහෙම කියනවා නම් දැන් හෙට පාර්ලිමේන්තුවේ කතා කරන්න තියෙන යම්කිසි පනතක් සම්බන්ධයෙන් අද කාට හරි ගිහිල්ලා මහා අධිකරණයේ හරි, ශ්රේෂ්ඨාධිකරණයේ හරි, අභියාචනාධිකරණයේ හරි නඩුවක් ෆයිල් කරලා නඩු කරයක් කියන්න පුළුවන්.
නඩු කරයක් කියලා කියන්නේ නඩුවක් ෆයිල් කරපු ගමන් එන එකක් නෙමෙයි. නඩු කරයක් කියලා කියන්නේ නොතීසි නිකුත් වෙලා නඩුව විභාග කරන්න ආරම්භ කරන්න ඕනේ. එහෙම එකක් නැහැ. දැන් වොයිස් කට් නම් දෙනවා මම මේ ඇඟිලි ගැන ගැන ඉන්නේ කියලා. ඇඟිලි ගනින්නේ නැතුව චෝදනා 50ට උත්තර දෙන්නේ කොහොමද කියලා ඉවරවෙලා? හරිද?
දැන් කියනවා මේ චෝදනා සැර වැඩියි, මේ චෝදනා අඩු කරගන්න ඕනේ කියලා. මේ චෝදනා අයින් කරගන්න ඕනේ නම් එයාට පෞද්ගලික ලේකම් එක්ක එකට කෑම කන්න ඕනේ නම් ඒකට අදාළ ගාස්තු ගෙවන්න තිබ්බා. එයාට කතානායක නිල නිවාසය පාවිච්චි කරන්න ඉඳලා ඇපාට්මන්ට් එක නොගෙන ඉන්න තිබ්බා. එයාට මාධ්ය උපකරණ පාවිච්චි කරන්නේ නැතුව නිකන් ඉන්න තිබ්බා. හරිද?
ඉතින් ඒ නිසා මේ බරපතල චෝදනා, දැන් ආවේ නිකන් මේ ශාන්ත දාන්ත තීන්ථ කූඩුව කියලා නෙමෙයි ආවේ. හරිද? ඒගොල්ලෝ තරම් කවුරුවත් සුපිරිසිදු චරිත නෙමෙයි, ඒ වගේ තමයි ආවේ. ඒ නිසා දැන් ලබන අඟහරුවාදා න්යාය පත්රයට (Order Paper) අනුව මේ විශ්වාසභංගය ගන්න ඕනේ. අපි ආණ්ඩුවට පැහැදිලිව කියනවා – එක චෝදනාවක් අයින් කරගන්නේ නැහැ, එක අකුරක්, එක වාක්යයක්, ඉස්පිල්ලක්, පාපිල්ලක් අපි අයින් කරගන්නේ නැහැ.
හරිද? ඕගොල්ලන්ට ජනමතය තියෙනවා නම්, 159 තවදුරටත් වලංගු නම්, මහජනතාවගේ පීඩනය දැනෙනවා නම්, මේ යෝජනා ටික විවාදයට ගන්නකෝ. විවාදයට අරගෙන මේක සම්මත කරන්නකෝ. දැන් එයාලා හිතන් ඇති මේක පාර්ලිමේන්තුවේ විවාදයට ගන්න එක නැවැත්තුවහම මේ තියෙන චෝදනා 50 අපි එලියේ කතා කරන්නේ නැහැ කියලා ඉවරවෙලා. දැන් මේ කතා කරන්නෙත් ඒක තමයි. හරිද? අඟහරුවාදා වෙනකම් බලනවා, අඟහරුවාදා මේක විවාදයට ගත්තේ නැත්නම් චෝදනා 50 එක එක වෙන වෙනම දානවා.
ඉතින් ඒ නිසා මේ තියෙන්නේ බොරුවෙන්, මුසාවෙන්, වංචාවෙන් මිනිස්සු රවට්ටලා සමාජයට මුහුණ දී ගන්න බැරි ප්රශ්නයක්. බොරු කියලා බලයට ඇවිල්ලා, තමන් සම්බන්ධයෙන් බොරු ප්රතිරූප මවලා, තමන්ගේ හැසිරීම් සම්බන්ධයෙන් බොරු ප්රතිරූප මවලා, මිනිස්සුන්ව අන්දලා බලය අරගෙන, ඒ හැසිරීම වැරදි විදියට කරලා දැන් මේ ඒකට මුහුණ දී ගන්න බැරි ප්රශ්නයක් මේ තියෙන්නේ. හරිද? ඒක ඉතින් ඒගොල්ලන්ගේ ප්රශ්නයක්.
ඉතින් ඒ නිසා අපි ඉතාම පැහැදිලිව කියන්න කැමතියි මහජනතාවගේ ජනබලය මහපොළොවේ මේ ආණ්ඩුවට දැන් දියවෙලා ඉවරයි මාස 25ක් පහු වෙනකොට. හරිද? ඒ නිසා මේක මුහුණ දී ගන්න බැහැ. දැන් ඇත්ත වශයෙන්ම මේකේ ඇත්ත කතාව වෙන මොකවත් නෙමෙයි, ජාතික ජන බලවේගයේ 159 ඇතුලේ මේ සම්බන්ධයෙන් මත දෙකක් තියෙනවා. එක කණ්ඩායමක් කතානායකවරයා වෙනුවෙන් පෙනී ඉන්න බැහැ කියනවා. එතකොට මේක ගෙනාවත් ආණ්ඩුවේ බෙදීම පේනවා රටට, සමාජයට. ඒක හංගන්න තමයි මෙහෙ කතානායකගේ චෝදනා අඩු කරන්න කියන්නේ. එක චෝදනාවක්වත් අඩු කරන්නේ නැහැ.
දැන් ඒගොල්ලන්ට පුළුවන් නම් ඒකාධිපති, මර්දනකාරී අණපනත් ජනතාවට, විපක්ෂයට ඇහුම්කන් නොදී ගේන්න, 22 සම්මත කරා වගේ, එහෙම නැත්නම් අධිකරණ ඇමතිව බේරගත්තා වගේ, එහෙම නැත්නම් ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් ආපු විශ්වාසභංගයේදී කුමාර ජයකොඩි වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරා වගේ, මේකත් කරන්නකෝ පුළුවන් නම්. නේ? දැන් තව ඒකාධිපති පනතක් ගෙනල්ලා තියෙනවා, ඔබතුමන්ලාට, මාධ්යවේදීන් ඔබතුමන්ලාට අබ සරණයි ආ. කැමරාව පැහැයි, ඊටපස්සේ ඉවරයි. හරිද?
දැන් PTA පනත, නේ? දැන් ජාතික ජන බලවේගයේ ප්රතිපත්ති ප්රකාශනයේ තියෙනවා PTA එක සම්පූර්ණයෙන්ම අයින් කරනවා කියලා ඉවරවෙලා. දැන් අයින් කරන එක කෙසේ වෙතත් ඊට වඩා තදබල මර්දනකාරී පනතක් ගෙනල්ලා තියෙනවා. දැන් මේකේ ත්රස්තවාදී ප්රකාශනයක් කියන එක නිර්වචනය කරලා නැහැ. ඒක පුළුල් පරාසයක්. ඒක ඇතුලේ ඕනෑම මර්දනයක් මුදාහරින්න අවස්ථාව ලබා දීලා තියෙනවා.
කොච්චරද කියනවා නම් ආරක්ෂක ලේකම්වරයාට කෙනෙක්ව නියෝගයක් දෙන්න පුළුවන් අත්අඩංගුවට අරගෙන මාස දෙකක් රඳවා තබා ගන්න. මහේස්ත්රාත්ටවත් ඇප දෙන්න බැහැ ඒකට. හරිද? ඊළඟට දැන් ස්වාධීන සමාලෝචන කමිටුව පත් කරන්නේ කවුද? ජනාධිපති. දැන් අපි දන්නවනේ මේ ආණ්ඩුවෙන් පත් කරන කමිටු, පැලවත්ත නියෝජනය කරන එක්කෙනානෙ දාන්නේ. එතකොට කොහෙද සාධාරණයක් බලාපොරොත්තු වෙන්නේ?
ඊළඟට පොලිස් බලතල හමුදාවට දීලා තියෙනවා. ත්රිවිධ හමුදාවට වගේම වෙරළ ආරක්ෂකට බටයින්ටත් මිනිස්සුන්ව අත්අඩංගුවට ගන්න පුළුවන්. මාර වැඩක්නේ මේක. හරිද? එතකොට ඒ අත්අඩංගුවේ ඉන්න කාලය තුළ ඔහුට බැහැ ඔහුගේ නීතිඥයන්ගේ ප්රවේශය ලැබෙන්නේ නැහැ ඔහුට. ඒ වගේම ඔහුට ලැබෙන්නේ නැහැ සාක්ෂි සටහන් කරගැනීම්, වීඩියෝ පටිගත කරගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. මොකක්ද මේකේ තේරුම?
දැන් පොලිසියේ OIC කෙනෙකුට පුළුවන් උසාවි අවසරයකින් තොරව පැය 24ක් රැස්වීමක් තහනම් කරන්න. පැය 24ක් රැස්වීමක් තහනම් කරන්න පුළුවන්. ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමතියි, දැන් තහනම් ස්ථානය කියන එකවත් නිර්වචනය කරලා නැහැ හරියට. තහනම් ස්ථානය මොකක්ද කියන එක නිර්වචනය කරන්න එපැයි. ඒ නිසා අපි මේ මර්දනකාරී පනත්වලින් පේන්නේ රට පල්ලෙහාටම යන එක.
මම දැක්කා මේ ළඟදී අනුර කුමාර දිසානායක මැතිතුමාගේ පරණ වීඩියෝ එකක්. ඔහු කියනවා රැස්වීමකදී ‘අවුරුදු 67ක් පරිප්පු කෑවනේ, අපට දෙන්න පහක්. හරිද? කෙළ වුනත් අවුරුදු පහක්නේ, නේද?’ හැබැයි අපට තියෙන බිය, ඔය අවුරුදු පහට අවුරුදු 50ක් රට ආපස්සට ගෙනියන එක. දැන් මේ PTA පනත සම්මත වුනාම මොකක්ද වෙන්නේ?
දැන් ජනවාරි මාසේ 2027 යුරෝපා සංගමය එක්ක අපේ GSP+ සහනය, පැකේජ් එක අලුත් කරන්න ඕනේ. ඔබතුමන්ලා හිතනවාද ඒ රටවල් මේකට එකඟ වෙනවා කියලා? මානව හිමිකම් සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමු කරලා ඒ සම්බන්ධයෙන් කොන්දේසි දාන ආයතනයක්, දැන් Transparency International ආයතනය, Human Rights Watch කියන ආයතනය, ඊළඟට මානව හිමිකම් කමිටුව, මේ ඔක්කොමලා මේකට විරුද්ධව නඩු 300ක් උසාවියේ තියෙනවා.
එතකොට දැන් බලන්න, මේ ආණ්ඩුව ආවායින් පස්සේ බොරු කියලා, පච කියලා රවට්ටලා, ප්රජාතන්ත්රවාදය වලපල්ලට දාලා, ඒකාධිපති පාලනයක් ගෙනියන නිසා, නීතියේ, යුක්තියේ ආධිපත්යය සම්බන්ධයෙන් ප්රශ්නගත කරලා තියෙන නිසා ආයෝජකයෙක් එක්කෙනෙක්වත් ඇවිල්ලා නැහැ, එක ඩොලරයක්වත් ඇවිල්ලා නැහැ.
ඊළඟට ඇමෙරිකාවේ ප්රතිපත්තියත් එක්ක අපේ අපනයනය සීමා වෙලා තියෙනවා. සංචාරක කර්මාන්තය අඩු වෙලා තියෙනවා. අපිට ඩොලර් ආදායම් එන කුළුණු හතරෙන් එක කුළුණකින් විතරයි හරියාකාරව ඩොලර් එන්නේ. ඒ නිසාම තමයි ආනයන අපනයන පරතරය ඉහළ ගිහිල්ලා තියෙන්නේ. බඩු මිල දිනෙන් දින වැඩි වෙන්නේ. තැන් තැන්වල ගෑස් පෝලිම් එන්නේ. මිනිස්සුන්ගේ මිලදී ගැනීමේ හැකියාව හීන වෙලා තියෙන්නේ. ලංකා ඉතිහාසයේ පළමු වතාවට මෙච්චර ප්රමාණයක් කනකර ආභරණ උගස් තියලා රත්තරන් බඩු වෙලා තියෙන්නේ.
ඒ නිසා සමහර ඒවා තියෙනවා මේ බිත්තියට වතුර පාරක් ගැහුවම පුපුරනවා. සමහර ඒවා තියෙනවා මේ බිත්තිය දිගේ වතුර බින්දුව බින්දුව කාන්දු වෙනකොට නොදන්න වෙලාවක පුපුරනවා. දැන් මේ ආණ්ඩුව මාස 25ක් තිස්සේ කරගෙන ගිහිල්ලා තියෙන්නේ ඒක. මිනිස්සුන්ගේ රීරි මාංස උරා බොනවා වගේ මිරිකලා බදු ගැහුවට ඩොලර් ආදායමක් නැහැ. ඒ නිසා තමයි දැන් තුනෙන් එකකින් අඩු කරනවා කියපු කරන්ට් බිල 50%කින් වැඩි වෙලා තියෙන්නේ.
වරායෙන් බාන ගානට තෙල් දෙන්න ඕක මිනිස්සු හිතුවා රුපියල් 110ට පෙට්රල් හම්බෙයි කියලා. දැන් 414ට ගිහිල්ලා තියෙනවා. ඊළඟට අධ්යාපන, ආහාර, සෞඛ්යයෙන් වැට් බද්ද බිංදුව කරනවා කිව්වා. ඒ එකක්වත් කරගන්න බැරි මොකද ඩොලර් ආදායම් නැති නිසා. ඒ නිසා මේ ඒකාධිපති පනත් කෙටුම්පත සම්මත වුනොත් යුරෝපා සංගමයේ GSP+ සහනය අවදානම්. දැන් ඒකත් නැති වුනොත් අබ සරණයි නේද ඩොලර් ආදායමට?
දැන් සමහර මිනිස්සු අහනවා නොදන්නකමට ‘ප්රජාතන්ත්රවාදය අපිට කන්නද, නීතියේ ආධිපත්යය මොකටද, අපි හම්බ කරොත් අපි කනවා’ කියලා ඉවරවෙලා. ඉතින් තේරෙනවා ඇතිනේ ප්රජාතන්ත්රවාදය ඇයි වැදගත් කියලා. ආයෝජකයෝ එන්නේ නැත්තේ ප්රජාතන්ත්රවාදය නැති හින්දා. ආයෝජකයෝ එන්නේ නැත්තේ නීතියේ ආධිපත්යය ප්රශ්නකාරී හින්දා. මොකද හේතුව ආයෝජකයෙක් තමාගේ ආයෝජනය තවත් රටකට ගෙනියනකොට ඔහු කල්පනා කරනවා ඒ රටේ… ඔහු බලනවා ඒ රටේ ප්රජාතන්ත්රවාදය ක්රියාත්මක කරන්නේ කොහොමද, නීතියේ ආධිපත්යය ක්රියාත්මක කරන්නේ කොහොමද කියලා. ඇයි?
තමා ගෙනියන ආයෝජනවලට මොනවා හරි ප්රශ්නකාරී තත්වයක් ආවොත්, ඒ රටේ නීතිය ක්රියාත්මක වෙන ආකාරයෙන් තමයි ඔහුටත් නීතිය ක්රියාත්මක වෙන්නේ. අන්න ඒ බිය නිසා තමයි ආයෝජකයෝ කවුරුවත් අපේ රට ඇතුලට එන්නේ නැත්තේ. පට්ටපල් බොරුනේ, එක ඩොලර් එකක් ආවා කියලා ඔප්පු කරන්න? පෝට් සිටියට ඩොලර් මිලියන 500ක් තියෙන්නේ දේශීය සමාගම් දෙකෙන්. දැන් චීනේ ඩොලර් මිලියන 320ක ආයෝජනය වරායෙන් අරන් ගියා. HSBC සමාගම ලංකාවෙන් ගියා.
හරිද? එක පැත්තකින් ගල් අඟුරුවලින් පාඩු වෙනවා, අනිත් පැත්තෙන් කන්ටේනර් 323ක් පනිනවා, මේ පැත්තෙන් ඩොලර් බිලියන… මිලියන දෙකහමාර හැකර් ගහනවා, අර පැත්තෙන් ආයෝජන ඉවත් වෙමින් යනවා, තව පැත්තකින් ආයෝජන එන්නේ නැතුව ඉන්නවා, මිනිස්සු මහා වැස්සේ ගෑස් පෝලිම්වල ඉන්නවා, එකපාරට කරන්ට් එක කපනවා මුළු ලංකාවේම, හරිද? ඒ නිසා වෙනසක් නෙමෙයි වෙලා තියෙන්නේ මහත්තයෝ, විනාශයක්, මහා විනාශයක් වෙලා තියෙන්නේ මේ රටට.
මහා විනාශයක් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මාධ්යවේදී මහත්වරුනි, හරිද, කතානායකතුමාව බේරගන්න උත්සාහ කරනවා වගේ ඕගොල්ලන්ගේ පෑන, කැමරාව අලුත් පනතින් බේරගන්නේ නැහැ. අහුවුනොත් දුන්නා සබ්බුව. ඉතින් ඒ පිළිබඳව මාධ්ය හැටියට ඔබතුමන්ලාටත් වගකීමක් තියෙනවා මේකට විරුද්ධව හඬ නඟන්න කියන එක අපි කියන්න ඕනේ.”
(ප්රශ්න සහ පිළිතුරු)
ප්රශ්නය: “ත්රස්තවාදී පනත සහ අනික් පනත් පිළිබඳව කතා කරද්දී ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්රීවරු, ඇමතිවරු කියනවා මේකේ මානව හිමිකම් උල්ලංඝනයක් වෙන්නේ නැහැ, ඒ නිසා ජාත්යන්තරයට කිසි ප්රශ්නයක් වෙන්නේ නැහැ කියලා ජනතාවට කියනවා.”
එස්. එම්. මරික්කාර් මහතා: “ඒගොල්ලෝ හිතන් ඇති ගමේ රම්බණ්ඩාට, මුතුබණ්ඩාට බොරු කියනවා වගේ ජාත්යන්තරයට බොරු කියලා අන්දන්න පුළුවන් කියලා ඉවරවෙලා. ඒ තරම් මෝඩයෝ ටිකක් ඉන්නේ. ගමේ රම්බණ්ඩාට, මුතුබණ්ඩාට, ලීලාවතීට, සුමනාවතීට බොරු කියලා අන්දන්න පුළුවන්. බොරු කියලා නෙමෙයි, විඳිනවා. දැන් ඒගොල්ලොම දන්නවා ඔලිම්පික් තරඟාවලියේ පච කීමේ තරඟයක් තිබ්බොත් ගෝල්ඩ් මෙඩල් 100ක් විතර ගහනවා ඒගොල්ලෝ. ඉතින් ඒ ගමේ එක්කෙනා අන්දනවා වගේ ජාත්යන්තරය අන්දන්න බැහැ.”
ප්රශ්නය: “මේ පනත්වලට විරුද්ධ පක්ෂය තමයි බය වෙලා තියෙන්නේ.”
එස්. එම්. මරික්කාර් මහතා: “නැහැ, විරුද්ධ පක්ෂයට බය වෙන්න දෙයක් නැහැ, මොකද හේතුව විරුද්ධ පක්ෂයේ වගකීම තමයි මර්දනකාරී පනත්වලට විරුද්ධව සිටීම. දැන් විරුද්ධව කිව්වහම බයයි කියලා තමයි ඒගොල්ලෝ හිතන්නේ. දැන් ඒගොල්ලෝ කියපුවා මතක නැද්ද? දැන් අනුර කුමාරගේ වීඩියෝ එකක් මම අද උදේ දැක්කා. මම ඕනේ නම් ප්ලේ කරලා පෙන්නන්නම්. හරිද?
දැන් හෝමාගම පොලිසියේදී කෙනෙක් අත්අඩංගුවේ ඉඳිද්දී මැරෙනවනේ. ඒ කාලේ අනුර කුමාර දිසානායක මැතිතුමා මොනවාද කිව්වේ අත්අඩංගුවේ පසුවන අය… අත්අඩංගුවේ පසුවන අය ඝාතනය වුනාම? මම… මේ මම කියන ඒවා නෙමෙයි, මම ඔබතුමන්ලාට දාලා පෙන්නන්නම්, මම මේ වීඩියෝ එක හොයනවා… මේ…
(වීඩියෝ පටයක් දුරකථනයෙන් වාදනය කරයි)
අනුර කුමාර දිසානායක මහතා (වීඩියෝවෙන්): “…මානව හිමිකම් පිළිබඳව ඇගයීමක් තිබෙන රාජ්යයකට සුදුසු දෙයක් නෙමෙයි. රාජ්ය භාරයේ ඉන්න සිරකරුවන් එම සිරකඳවුරු තුළම ඝාතනය වෙනවා නම්, ඔවුන් පිළිබඳව වගකීමක් ආණ්ඩුව දරන්නේ නැත්නම්, මොකක්ද කරන්නේ? කිසිසේත්ම ප්රජාතන්ත්රවාදී, මානව හිමිකම් පිළිබඳව ඇගයීමක් තිබෙන රාජ්යයකට සුදුසු දෙයක් නෙමෙයි. රාජ්ය භාරයේ ඉන්න සිරකරුවන් එම සිරකඳවුරු තුළම ඝාතනය වෙනවා නම්, ඔවුන් පිළිබඳව වගකීමක්…”
ඔන්න ඔහොම මයික් එක උඩ තිව්වා. එතකොට එඩිට් කරන කෙනාට ඇහෙයිනේ. අධ්යක්ෂකට පෙන්නන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා, හරිද, මේ මම කියන ඒවා නෙමෙයි. මේවා අනුර කුමාර කියන ඒවා. හරිද? ඉතින් ඇස් කන් නැහැ වගේ, නොපෙනෙනවා වගේ ඉන්න මාධ්යවලටත් මේවා මතක් වේවා, මේවා පිළිබඳව අවබෝධවත් වේවා කියලා අපි ප්රාර්ථනා කරන්න ඕනේ. වෙන කවුරු හරි රනිල් වික්රමසිංහ හරි වෙන කවුරු හරි අවුරුදු 20කට කලින් කියපු දේවල් ඒගොල්ලන්ට මතකයි. මේවා මතක නැහැ!
දැන් හෝමාගම පොලිසිය ඇතුලේ කෙනෙක් මැරෙන එක මානව හිමිකම් උල්ලංඝනයක් නෙමෙයිද? ප්රශ්නේ පොඩ්ඩක් අහන්න හරියට.
දැන් අපි දැක්කා මේ කලින් වෙලාවල කතානායක ප්රශ්න දාන්න දුන්නේ නැහැ, මීට කලින් හිටපු කතානායකවරුන්ගෙන් එහෙම ප්රශ්නයක් මතුවුනේ නැහැ නේද?”
එස්. එම්. මරික්කාර් මහතා: “එහෙම ප්රශ්නයකුත් නැහැ, එහෙම දාන්න අවශ්යතාවයකුත් නැහැ, දානවා නම් දාලා පෙන්නන්න එපැයි. ආණ්ඩුවේ බෙදීම එලියට ගිහිල්ලා තියෙන බයයි මේ තියෙන්නේ. මම ඔබතුමාලාට කියන්නම් ලබන අවුරුද්දේ විතරයි මේ ආණ්ඩුව තියෙන්නේ. ලබන අවුරුද්දෙන් ඉවරයි මේ ආණ්ඩුව. ලබන අවුරුද්දෙන් මේ ආණ්ඩුව ඉවරයි.”
ප්රශ්නය: “අධිකරණයේ ක්රියාමාර්ග තියෙද්දී මේ වගේ ඒවා ගන්න බැහැ, විශ්වාසභංග අරන් එන්න බැහැ කියනවා.”
එස්. එම්. මරික්කාර් මහතා: “නඩු කරයක් නැහැනේ! නඩු කරයක් තියෙනවා නම් විවාදිතයි. මේකට නඩු කරයක් නැහැ. දැන් ඔබතුමා ගිහිල්ලා හෙට පාර්ලිමේන්තුවේ සම්මත කරන්න තියෙන පනතක් සම්බන්ධයෙන් නඩුවක් අද ෆයිල් කරා කියලා නඩු කරයක් නැහැ ඒකේ. ‘Sub judice’ කියන එක ඒක නෙමෙයි. තේරුනාද?
ඉතින් ඒ නිසා මේ ඔක්කොම දේශපාලන පරාජයේ සොහොන් ලකුණු. දේශපාලන පරාජයේ සොහොන් ලකුණු. ඒ නිසාම තමයි ඒගොල්ලෝ දන්නවා දැන් කෙළවේගෙන යන්නේ. ඒගොල්ලෝ දන්නවා තව බේරගන්න ට්රයි කරනවා. ඒ නිසානේ හැමවෙලේම කියන්නේ අපට වඩා හොඳ කට්ටියක් බලයට එන්නේ කියලා ඉවරවෙලා? අපි ගැන කියන්නේ. සමගි ජන බලවේගයේ බලයට එනවා කියලා තමයි ඔය කියන්නේ. දැන් අපේ නම කියන්න බැරි හින්දා ඒක එහෙම නොකිය කියනවා.”
ප්රශ්නය: “හොඳට විශ්වාසයි?”
එස්. එම්. මරික්කාර් මහතා: “සියයට ලක්ෂයක් විශ්වාසයි!”
ප්රශ්නය: “දැන් නඩු කරයක් තිබුනොත් පාර්ලිමේන්තුවේ විවාද කරන්න ඉඩ තියෙනවා නේද?”
එස්. එම්. මරික්කාර් මහතා: “නැහැ, නඩු කරයක් නැහැනේ. ඒ නිසා ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. පාර්ලිමේන්තුවේ පරමාධිපත්යය කාටවත් වෙනස් කරන්න බැහැ. Supreme Power එක තියෙන්නේ පාර්ලිමේන්තුවට. ව්යවස්ථාදායකය තමයි නීති හදන්නේ.

