කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට නොගෙන නීතිපති වෙත යොමු කිරීම හරහා ආණ්ඩුව ප්රජාතන්ත්රවාදය සම්පූර්ණයෙන්ම යටපත් කරමින් සිටින බවත්, 159ක බලයක් තිබුණද ආණ්ඩුව විවාදයට බිය වී ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
අද (26) පැවැති මාධ්ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්රීවරයා අවධාරණය කළ ප්රධාන කරුණු:
අපක්ෂපාතීව කටයුතු නොකිරීම සහ තමා විසින්ම පත් කළ කමිටු වාර්තාවේ කරුණු පදනම් කරගෙන ගෙන ආ විශ්වාසභංගයෙන් ගැළවීමට ආණ්ඩුව තාක්ෂණික හේතු ඉදිරිපත් කරමින් සිටින බව.
‘ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ පනත’ සහ ‘සංවිධානාත්මක අපරාධ පනත’ මඟින් ජනතාවගේ අදහස් ප්රකාශ කිරීමේ නිදහස, උද්ඝෝෂණ සහ වැඩවර්ජන මර්දනය කිරීමට පොලීසියට හා හමුදාවට අසීමිත බලතල පවරා දීමට සූදානම් වන බව.
මර්දනකාරී පනත් අහෝසි කරන බවට ජනාධිපතිවරණයේදී දුන් ලිඛිත පොරොන්දු මුළුමනින්ම කඩ කරමින් 2025 සහ 2026 වසරවලදීද අදාළ පනත් යටතේ අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇති බව.
උද්ධමනය, බඩුමිල සහ IMF කොන්දේසි හමුවේ ඉදිරියේදී මතුවන ජනතා විරෝධතා මර්දනය කිරීමට ආණ්ඩුව පොලිස් රාජ්යයක් නිර්මාණය කරමින් සිටින බවත්, රත්රන් උකස් තැබීම් හා ක්රෙඩිට් කාඩ් ණය ඉහළ යාමෙන් රටේ බරපතල දරිද්රතාවය පෙන්නුම් කරන බවත්ය.
“ජනතාව වර්තමාන ආණ්ඩුවට ඡන්දය දුන්නේ පිටකවරය බලා මිස පොත කියවා නොවෙයි!” – මුජිබර් රහුමාන් යැයි කීය.

