රට බරපතල අවදානමක! ආර්ථික වර්ධන වේගය සියයට 4 දක්වා පහළට!
රටම මේ වන විට ඩොලර් බිලියන 1281 ක ණය උඟුලක සිරවී ඇති බව ලෝක බැංකුව සහ ජාත්යන්තර මූල්ය අරමුදලේ නවතම දත්ත සටහනක දැක්වේ.
වත්මන් ආණ්ඩුව පාලනය යටතේ මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 5.5 සිට සියයට 4 දක්වා පහත වැටී ඇති බවත්, මෙම වාර්තා අනුව එය ඉදිරියේ දී සියයට 3.4 හෝ සියයට 3.5 දක්වා තවත් අඩුවනු ඇති බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී සුජීව සේනසිංහ අප කළ විමසුමක දී සඳහන් කළේය.
රජය ඩොලර් බිලියන 8ක ණය ගෙවූ බව පැවසුව ද, සැබැවින්ම ගෙවා ඇත්තේ ඩොලර් බිලියන 5 කට ආසන්න මුදක් පමණක් වන අතර, මාර්තු 31 වන විට දේශීය ණය රුපියල් බිලියන 490 කින් සහ විදේශ ණය ඩොලර් මිලියන 788 කින් ඉහළ ගොස් ඇති බව ද ඔහු කීය.
2026 වසරේ ගෙවිය යුතු ඩොලර් බිලියන 2.7කින් ජූනි දක්වා ගෙවා ඇත්තේ ඩොලර් බිලියන 1.3ක් පමණි. කෘෂිකර්මාන්තය සියයට 2.3 කින් සංකෝචනය වී, වී නිෂ්පාදනය සියයට 15 කින් පහත වැටී ඇති අතර, ගොවීන් රුපියල් බිලියන 1200 ක රන් භාණ්ඩ බැංකුවල උකසට තබා ඇති බවත් අදානි ව්යාපෘතිය ඇතුළු ප්රධාන ආයෝජන රටින් බැහැරව ගොස් ඇති අතර, ලැයිස්තුගත සමාගම්වලින් සියයට 37 කට පොලී වියදම් පවා ගෙවාගත නොහැකි වී තිබේන බව ද ඔහු කීය.
තේ කර්මාන්තයට ඩොලර් බිලියනයක පාඩුවක් සහ ඇඟලුම් අපනයන ආදායමෙන් ඩොලර් බිලියනයක් අහිමි වී ඇති අතර සංචාරක ආදායම මාස 10ක් තුළ ඇත්තේ ඩොලර් බිලියන 2ක් පමක් පමණ බවත්,ආහාර සඳහා පමණක් මාසිකව රුපියල් 18,000ක් අවශ්ය වීම සහ සියයට 36 ක වැට් බදු, වක්ර බදු මෙන්ම ඉහළ ගිය පොලී අනුපාත හමුවේ මධ්යම පන්තිය සහ සාමාන්ය ජනතාව දැඩි අගාධයකට වැටී ඇති බව මන්ත්රීවරයා අවධාරණය කළේය.

