පොලිස් දත්තවලට අනුව, 2025 වසරේදී පමණක් මත්ද්රව්ය කිලෝග්රෑම් 23,692කට අධික ප්රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ. එය 2024 වසරේ වාර්තා වූ කිලෝග්රෑම් 10,871ක ප්රමාණය මෙන් දෙගුණයකටත් වඩා වැඩි අගයකි.
විශේෂයෙන්ම, 2025 වසරේදී පමණක් අයිස් මත්ද්රව්ය කිලෝග්රෑම් 2,741ක්, හෙරොයින් කිලෝග්රෑම් 1,571කට අධික ප්රමාණයක් සහ ගංජා කිලෝග්රෑම් 14,700කට වඩා අත්අඩංගුවට පත්ව තිබීමෙන් මෙහි බරපතළකම මනාව පැහැදිලි වේ.
තවද, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ දත්ත පෙන්වා දෙන්නේ 2020 දී 97,416ක් වූ මත්ද්රව්ය සම්බන්ධ සැකකරුවන්ගේ වාර්ෂික අත්අඩංගුවට ගැනීම් සංඛ්යාව, 2024 වනවිට 228,450 දක්වා සියයට 134.5 කින් ඉහළ ගොස් ඇති බවයි.
2026 වසරේ මුල් මාස කිහිපය තුළද හෙරොයින් කිලෝග්රෑම් 2,339කට වැඩි ප්රමාණයක් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව ඇත.
මෙයට අමතරව විදේශයන්හි සැඟවී සිටි ප්රධාන පෙළේ මත්ද්රව්ය ජාවාරම්කරුවන් 21 දෙනකු 2024 සහ 2025 වසරවලදී මෙරටට ගෙන්වාගෙන ඇති අතර, තවත් සැකකරුවන් 96 දෙනකු සඳහා රතු නිවේදන නිකුත් කර ඇත. මීට අමතරව, රුපියල් මිලියන 353.9ක අවිධිමත් වත්කම් තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

