ගෙනාපු එකට මම සතුටු වෙනවා. ඇත්තටම සතුටු වෙනවා. 159 යි. හොරටම කලින් ගහන්න ඕනේ ARV එක. පුළුවන්නම් මේගොල්ලෝ තියටර් අරන් ගිහිල්ලා කියන්න, මොකටද කියන්න යන්නේ…”  

(මූලාසනය/නියෝජ්‍ය කථානායකතුමිය Interrupt කරයි):”ගරු මන්ත්‍රීතුමා, සබ්ජෙක්ට් එකක් නැතුව කතා කරන්න…””

ඔව් සබ්ජෙක්ට් එක! මාර සබ්ජෙක්ට් එක! සුනඛ බල්ලෝ ගැන කතා කරන්නේ, මූලාසන මන්ත්‍රීතුමිය රිදෙනවද? සුනඛ බල්ලෝ ගැන කතා කරන්නේ. ජෙප්පෝ ටික ගැන කතා කරන්නේ. සබ්ජෙක්ට් එක ජෙප්පෝ එන්නැද්ද? වැක්සින් එන්නැද්ද? මම අහන් ඉන්න බැරිනම්, අහන් ඉන්න බැරිනම් හෙඩ්ෆෝන් එක දාගෙන සින්දු අහන්න.

මේකයි වෙලා තියෙන්නේ, ඕවා නැගිටලා යන්න. මේකයි මේකයි වෙලා තියෙන්නේ මේ රට. මම කියන්නේ, මම දෙමළ, මම හින්දු ආගම වෙලා මම කියන්නේ, අහිංසක සිවුරු වලට අත දානවා.

මේගොල්ලොන්ට ඕන වෙලා තිබ්බේ මොඩීත් එක්ක අත්සන් කරලා මොඩීගේ අර කවුද අර හින්දු පූජකයෙක් ගෙනැල්ලා මෙතනින් වඩාගෙන පින්තූර ගන්න. හැබැයි මෙතුමාලා ගිහිල්ලා අවුරුදු 2500 ඉතිහාස තියෙන ස්වාමීන් වහන්සේලාගේ සිවුරු වලට අත දානවා.

මම දුක වෙනවා මේක ගැන. මම මේ මම ඇවිල්ලා හැමදාම පාර්ලිමේන්තුවේ කියන්නේ ප්‍රභාකරන් මගේ දෙවියෝ කියලා. ඒක කියන්නේ මම මගේ මිනිස්සුන්ට භාවනා දෙන්නෑ කියන එක, සිංහල මිනිස්සු ඒක දැනගන්න ඕනේ කියලා.

හැබැයි ගිහිල්ලා අර නිකම්ම පාගමන ආපු අර මිනිස්සු, අර ස්වාමීන් වහන්සේලාට ගිහිල්ලා, එතන ඉන්න බෑ කියලා උසාවි නියෝග අරන් යනවා, මෙතන ඉන්න බෑ කියලා උසාවි නියෝග අරන් යනවා. ඊටපස්සේ මේක කොහෙද ගිහිල්ලා ඉවර වෙන්නේ? හැබැයි සිංහල ජනතාව එකක් මතක තියාගන්න ඕනේ.

මේගොල්ලෝ හෙට මාව මරන්න පුළුවන්, ආයේ නැත්නම් සති දෙකකින් මරන්න පුළුවන්. නැත්නම් මම පාර්ලිමේන්තුවෙන් ඉවත් වුනාට පස්සේ මමත් මේ ගල්ලං උරුවලට, මම කිව්වා අර ගල්ලං උරුවේ වැඩ කරන්න එපා කියලා, මතකද? ඒ ගැන මට කියන්න කැමති නෑ මට ඒ සිංහල දන්නේ නැති හින්දා.

ඒ ගල්ලං උරුවේ වැඩ කරන්න එපා කියන්නේ මේගොල්ලොන්ට, මම මේ ඉවත් වුනාට පස්සේ නඩුවක් දාලා ඇතුළට දාන්න පුළුවන්. හැබැයි මේ සිංහල බෞද්ධ ආගම රැකගන්න මිනිස්සුන්ට එක දවසක් මේක තේරෙනවා.

බලන්න මේ මාලිමාවේ ඇමති කෙනෙක් ගිහිල්ලා, මාලිමාවේ ඇමති කෙනෙක් ගිහිල්ලා රේප් කරලා තියෙනවා! රේප් කරලා තියෙනවා මේ කාන්තාව! මේගොල්ලොද ගුණ… මේගොල්ලොද හදන්නේ අපේ රට? මේ මේක වෙලා තිබ්බේ කොහෙද, පොල්ගහවෙල.

පොල්ගහවෙල මාලිමාවේ මන්ත්‍රී කෙනෙක් රේප් කරලා තියෙනවා. හැබැයි මෙතන ඇවිල්ලා මම නම දන්නෙත් නෑ, සමහර හොරෙක් ඇවිල්ලා කියනවා ‘විපක්ෂයේ ඉන්නේ ඔක්කොම හොරු, විපක්ෂයේ ඉන්නේ ඔක්කොම හොරු, විපක්ෂයේ ඉන්නේ ඔක්කොම හොරු’.

හැබැයි මේගොල්ලෝ අවුරුදු දෙකක් ආණ්ඩුව පිහිටුවලා මේගොල්ලෝ කරන්නේ මොකක්ද? ගහන්නේ විපක්ෂයට! එකෙක් ඉන්නවා එක්කෝ සජිත් ප්‍රේමදාස ඇමැතිතුමාට… විපක්ෂ නායකතුමාට බනිනවා, නැත්නම් නාමල් රාජපක්ෂට බනිනවා, නැත්නම් ඩිල්ෂාන් ජයරත්නට බනිනවා. ඒ වගේ මිනිස්සුන්ට බැන බැන බැන රජය කරන්න බෑ මේ මූලාසන මන්ත්‍රීතුමිය.

පොඩ්ඩක් මොළය තියෙන්න ඕනේ. මටනම් සතුටු වෙනවා අද පනත ගෙනාපු එකට කතා කරන්න ලැබිච්ච එක. පනත අද ගෙනාපු එකට මම සතුටු වෙනවා. සතුටු වෙනවා! ඇත්තටම ARV, ARS දෙකම ගහන්න ඕනේ මේගොල්ලෝ අල්ලලා. ARS ගහන්න ඕනේ මේගොල්ලෝ අල්ලලා.

මම කියන්නේ පැහැදිලිවම, මම මේ ගැන මූලාසන මන්ත්‍රීතුමිය මම මේ ගැන පාඩම් කරලා තියෙනවා, ඩොක්ටර් කෙනෙක් විදිහට වැඩ කරලා තියෙනවා. සයිට් 12 ක් නෙමෙයි, හැම පැත්තටම ගහන්න ඕනේ ARS. හැම පැත්තටම… අර පොඩි මිනියා කියන්නේ, පොඩි මිනියාව ගහලා ගහන්න ඕනේ… පොඩි මිනියා කිව්වම තේරෙනවද? නෑනේ. විනාඩි… තව විනාඩි පහයි හතයි ගිහිල්ලා තියෙන්නේ. මම මේක බලාගෙන ඉන්නේ…” 

(මූලාසනය/නියෝජ්‍ය කථානායකතුමිය Interrup කරයි):

“ගරු මන්ත්‍රීතුමා, අයුතු චෝදනා කරන ආකාරයෙන් කතා කරන්න එපා. මට සිද්ධ වෙනවා ඔබතුමාව එළියට යවන්න. කරුණාකරලා විනයානුකූලව ආචාරධර්ම වලට අනුකූලව කතා කරන්න.”   “ඔව්, මගේ වෙලාව… ඔයා මට උපදෙස් දෙන්න එපා.

ඔය පුටුවට ගෞරවයක් තියෙනවා. මේ සිංහල බෞද්ධ ඒවට මේක තමා පාඩම. මේක තමා හොඳම පාඩම මතක තියාගන්න. මේ දෙමළ මිනිස්සු මේකෙන් චූන් වෙන්නේ නෑ කවදාවත්. මේ බල්ලෝ ටික අපි වැක්සින් ගැහුවා කියලා අපි කවදාවත් මේකෙන් චූන් වෙන්නේ නෑ, මතක තියාගන්න.

ඕයි මොඩීත් එක්ක අත්සන් කරලා ගිහිල්ලා, මොඩීගේ මේක එකට බදාගෙන ඉන්නවනම් අර මීන්දල හාමුදුරුවෝ ගිහිල්ලා තායිලන්තයේ නියෝජ්‍ය ඇමති කෙනෙක් ගෙනැල්ලා කතා කරනකොට, මේක කරනකොට කොච්චර ජඩ වැඩක් කරාද. ඕගොල්ලෝ කිසිම ආරක්ෂාවක් දීලා නෑ තායිලන්තයේ ඩෙපියුටි ප්‍රයිම් මිනිස්ටර්ට. ඒ වගේ සත පහකටවත් වැඩකට නැති, වැඩක් නැති මිනිස්සු. සමහරු ඇවිල්ලා තමන්ගේ නම තමන් දන්නේ නෑ, තමන් දන්නේ නෑ තමන්ගේ නම. හැබැයි මේකෙන් ඇවිල්ලා එක්කෝ මෙයාට බනිනවා, නැත්නම් අරයාට බනිනවා, නැත්නම් මෙයාට බනිනවා, නැත්නම් සජිත් ප්‍රේමදාසට බනිනවා…

අපිට උපදෙස් දෙන්න එනවා. අපි මේ ARV, ARS ගැන අවුරුදු ගාණක් තිස්සේ කතා කරලා තියෙනවා.”  

(මූලාසනය/නියෝජ්‍ය කථානායකතුමිය):

“තව විනාඩියක් කාලය තියෙනවා.”   “තෑන්කියු, විනාඩියයි නෙමෙයි තව විනාඩි එකයි 20 යි තියෙන්නේ. මේ කැත වැඩ කරන්න එපා…”   (මූලාසනය/නියෝජ්‍ය කථානායකතුමිය):

“තව විනාඩියක කාලයක් තියෙනවා කතා කරලා ඉවර කරන්න.”   “හයයි 49 යි තාම. එච්චර බොරු කියනවා. දැන් ජෙප්පන්ට බොරු කියන එක අමුතු දෙයක් නෙමෙයිනේ. ජෙප්පන්ට බොරු කියන එක අමුතු දෙයක් නෙමෙයි.

මම මේ බලාගෙන ඉන්නේ, දැනුයි විනාඩි හරියටම හතක් වෙලා තියෙන්නේ. හැබැයි ජෙප්පන්ට වෙලා තියෙන්නේ දැන් මේක අහන් ඉන්න බෑ. මෙතන ඉන්න බෑ, අතනින් ඉන්න බෑ, පුතාලට ඉන්න බෑ. ඒ තරමට රිදෙනවා. හැබැයි මම පනත ගැන… ආයෙත් පනත ගැන කියන්නම්. මම සතුටු වෙනවා…”

Share.
Leave A Reply