සැකකරුවන් 11ක් අත්අඩංගුවට – ලක්ෂ ගණනක් වටිනා බීඩි කොළ තොගයක් අල්ලයි!

පුත්තලම, උඩප්පුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේදී නීති විරෝධී ලෙස බීඩි කොළ තොගයක් හුවමාරු කිරීමට උත්සාහ කළ ඉන්දීය ඩව් යාත්‍රා 02ක් සහ දේශීය ඩිංගි යාත්‍රා 02ක් සමඟ සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සමත්ව තිබේ.

මෙම විශේෂ මෙහෙයුමේදී, උර 60ක අසුරා තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 2,400ක පමණ තොගයක් සොයාගෙන ඇත.

අත්අඩංගුවට පත් පිරිස අතර ඉන්දීය ජාතිකයන් 07 දෙනෙකු සහ ශ්‍රී ලාංකිකයන් 04 දෙනෙකු වන අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔවුන් සහ යාත්‍රා කොළඹ රේගු නිවාරන කාර්යාලය වෙත භාරදීමට නියමිතයි.  

Share.
Leave A Reply