දිවයිනම අඳුරට හෙළූ කෝටි 5,600ක විදුලි අර්බුදය: පද්ධති බිඳවැටීම පිටුපස ඇති සැබෑ හේතුව සහ ඩීසල් මාපියා චෝදනා!  

නොරොච්චෝලේ බිඳවැටීමෙන් රටට බිලියන 56ක පාඩුවක්: විදුලිබල අර්බුදයේ අඳුරු රහස් පාර්ලිමේන්තුවට අනාවරණය වෙයි!

විදුලිබල බිඳවැටීමේ අඳුරු රහස හෙළිවෙයි. විදුලිබල බිඳවැටීම සහ සමස්ත පද්ධති අර්බුදය

විදුලිබල බිඳවැටීමේ අඳුරු රහස හෙළිවෙයි.

“දිවයිනම අඳුරට හෙළූ කෝටි 5,600ක විදුලි අර්බුදය සහ පද්ධති බිඳවැටීම පසුපස ඇති සැබෑ කතාව”පසුගිය ඔක්තෝබර් 17 වන දින උදේ 11:43ට මුළු දිවයිනටම බලපෑ දැවැන්ත විදුලි බිඳවැටීම (Blackout) හේතුවෙන් රටට සිදුවූ සමස්ත මූල්‍ය හානිය රුපියල් කෝටි 5,600ක් (බිලියන 56ක්) ඉක්මවා ඇති බව  අද (20) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

ඉල්ලුම අඩු සහ පුනර්ජනනීය බලශක්ති අතිරික්තයක් පැවති දිනයක, නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ 1 වන අංක යන්ත්‍රයේ නඩත්තු කටයුත්තක් අතරතුර ඇති වූ තාක්ෂණික දෝෂයක් (Diaphragm rupture) මෙම ව්‍යසනයට මුල් වී ඇත.  

විදුලිබල පද්ධති පාලන මධ්‍යස්ථානයට (NSO) පාලනය කරගත නොහැකි වූ සහ දෘශ්‍යමාන නොවුණු මෙගාවොට් 1700කට අධික පුනර්ජනනීය බලශක්ති ප්‍රමාණයක් පද්ධතිය තුළ ක්‍රියාත්මක වීම මෙම බිඳවැටීමේ තීව්‍රතාවය වැඩි කිරීමට හේතු වී තිබේ.

යන්ත්‍රයක් අක්‍රිය වූ අවස්ථාවක පද්ධතිය ස්වයංක්‍රීයව පාලනය කර ගැනීමට තිබූ ‘ස්පිනින් රිසර්ව්’ (Spinning Reserve) ධාරිතාව ප්‍රමාණවත් වුවද, පද්ධතියේ සමතුලිතතාවය ගිලිහී යෑම වැළැක්වීමට නොහැකි වී ඇත.  

මෙම බිඳවැටීම හේතුවෙන් ගල්අඟුරු බලාගාරය අක්‍රිය වීම නිසා හදිසි විදුලි සැපයුම වෙනුවෙන් ඩීසල් බලාගාර වෙත යොමු කිරීමට වීමට සිදුවූ අතර, ඒ සඳහා පමණක් බිලියන 25ක වියදමක් දැරීමට සිදුව තිබේ.

ඩීසල් බලාගාර ක්‍රියාත්මක කිරීමේදී දිනකට රුපියල් කෝටි 150ක දැවැන්ත පිරිවැයක් දැරීමට සිදුව ඇති අතර, මෙහිදී ඇතැමුන් මෙය “ඩීසල් මාපියාවක” අවශ්‍යතාව මත සිදුවන්නක් ලෙසද දැඩි දේශපාලන විවේචන එල්ල කළහ. 

කෙසේ වෙතත්, බලශක්ති අනුර කරුණාතිලක සඳහන් කළේ ගල්අඟුරු ප්‍රමිතිය සහ මෙම සිදුවීම අතර කිසිදු සම්බන්ධයක් නැති බවත්, පද්ධතියේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) ස්ථාපිත කිරීම ඇතුළු කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත්ය. රටේ විදුලි ඒකකයක මිල රුපියල් 25ට වඩා අඩු මට්ටමකට ගෙන ඒමේ අරමුණින් ඉදිරි කටයුතු සිදු කරන බව ද මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ විය.

Share.
Leave A Reply