ශ්රී ලංකාව විසින් අඛණ්ඩව ගෙන ගිය රාජ්යතාන්ත්රික හා නීතිමය ප්රයත්නයන්හි සුවිශේෂී ප්රගතියක් සනිටුහන් කරමින්, අනෝජන් සිවරාසා මහතාට පනවා තිබූ මරණ දඬුවම 2026 ඔක්තෝබර් 13 වන දින සෞදි අරාබියේ ශ්රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කර ඇත.
මෙම තීරණය අනෝජන් සිවරාසා මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට මහත් අස්වැසිල්ලක් ගෙන දෙන අතර, අදාළ බලධාරීන් සහ නීති කණ්ඩායම් අඛණ්ඩව සිදු කළ මැදිහත්වීම් හා සම්බන්ධීකරණ ප්රයත්නයන්හි වැදගත් ප්රතිඵලයකි.
මෙම ප්රතිඵලය අත්කර ගැනීම සඳහා ලබාදුන් සහයෝගය වෙනුවෙන් සෞදි අරාබි රජයට, සෞදි අරාබියේ ශ්රී ලංකා තානාපතිවරයාට, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්යාංශයේ ලේකම්තුමියට සහ නිලධාරීන්ට, ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයාට සහ සාමාජිකයන්ට මෙන්ම ශ්රී ලාංකික හා සෞදි නීති කණ්ඩායම්වලට ශ්රී ලංකා රජය සිය අවංක කෘතඥතාව පළ කරයි.

