දකුණු ආසියාවේ මානසික රෝගීන් සියයට 80 ක් ප්‍රතිකාර නොගනිති!

සුවවූ 400ක් ගෙදර යවාගන්න බැරුව NIMH අසරණයි!

ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ මානසික රෝගීන්ගෙන්  සියයට 80 ක්ම (5න් 4ක්) සමාජ බිය නිසා ප්‍රතිකාර සඳහා යොමු නොවන බව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය (NIMH) අනාවරණය කරයි.

රෝහලෙන් සුවය ලැබුවද භාර ගැනීමට කෙනෙකු නැතිව රෝගීන් 400ක් තවමත් NIMH හි රැඳී සිටින අතර, ඉන් 200ක්ම වයස 60ට වැඩි අයයි.

දිනකට රෝගීන් 1,000කට වැඩි පිරිසක් ප්‍රතිකාර ලබන NIMH වෙත අලුතින් එක්වන සංඛ්‍යාව 60කි. වසරක් තුළ 20,000කට මානසික සෞඛ්‍ය පුහුණුව ලබා දී ඇති අතර, පසුගිය වසර 8 තුළ ‘1926’ නොමිලේ උපකාරක සේවාව හරහා ඇමතුම් ලක්ෂ 2කට අධික සංඛ්‍යාවකට උපදෙස් දී ඇති  බව ද  ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ධම්මික අලහප්පෙරුම පවසයි.

දෙක පුවත

ලංකාව වසර 6½කදී 112%ක දැවැන්ත ණය පිම්මක්!

ලංකාවේ රාජ්‍ය ණය බර රුපියල් ලක්ෂ 3,200,000 දක්වා ඉහළට!

ලංකාවේ මධ්‍යම රජයේ සමස්ත ණය බර රුපියල් ලක්ෂ 3,200,000 (ට්‍රිලියන 32) සීමාවට ආසන්න වී ඇති බව දෙස් විදෙස් රාජ්‍ය මුල්‍ය ආයතන 18 ක නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.

2020 අවසානයේ රුපියල් ලක්ෂ 151,170,000 ක් (ට්‍රිලියන 15.117) වූ මධ්‍යම රජයේ ණය ප්‍රමාණය, 2026 ජූනි වන විට රුපියල් ලක්ෂ 319,990,000 ක් (ට්‍රිලියන 31.999) දක්වා ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව ගත වූ වසර හයහමාරක කාලය තුළ පමණක් රටේ ණය ශේෂයේ ශුද්ධ වැඩිවීම රුපියල් ලක්ෂ 168,820,000 ක් (ට්‍රිලියන 16.882) වන අතර, එය සියයට 111.7 ක (112% ක) අති විශාල වර්ධනයකි.

මෙහි වඩාත් අවධානයට ලක්වන කරුණ වන්නේ රජයේ දේශීය ණය බරෙහි සිදුව ඇති ශීඝ්‍ර වර්ධනය බව ද දත්ත සටහන්වල දැක්වේ.

මේ අනුව 2020 දී රුපියල් ලක්ෂ 90,650,000 ක් (ට්‍රිලියන 9.065) වූ දේශීය ණය, 2026 ජූනි වන විට රුපියල් ලක්ෂ 101,380,000 කින් ඉහළ ගොස් රුපියල් ලක්ෂ 192,030,000 ක් (ට්‍රිලියන 19.203) දක්වා සියයට 112 කින් වැඩි වී තිබේ.

මේ අනුව විදේශිය ණය 2020 පැවැති රුපියල් ලක්ෂ 60,520,000 සිට (ට්‍රිලියන 6.052), 2026 ජූනි වන විට රුපියල් ලක්ෂ 67,440,000 කින් වැඩි වී රුපියල් ලක්ෂ 127,960,000 ක් (ට්‍රිලියන 12.796) දක්වා ඉහළ ගොස් ඇත.

වසරින් වසර ණය බර ඉහළ ගිය ආකාරය (රුපියල් ලක්ෂවලින්)

2020: රුපියල් ලක්ෂ 151,170,000 (ට්‍රිලියන 15.117)

2021: රුපියල් ලක්ෂ 176,140,000 (ට්‍රිලියන 17.614)

2022: රුපියල් ලක්ෂ 274,920,000 (ට්‍රිලියන 27.492)

2023: රුපියල් ලක්ෂ 286,960,000 (ට්‍රිලියන 28.696)

2024: රුපියල් ලක්ෂ 287,390,000 (ට්‍රිලියන 28.739)

2025: රුපියල් ලක්ෂ 299,950,000 (ට්‍රිලියන 29.995)

2026 (ජූනි): රුපියල් ලක්ෂ 319,990,000 (ට්‍රිලියන 31.999)

ණය සේවාකරණය සහ විදේශීය ණයහිමියන්

2020 සිට 2024 දක්වා කාලය තුළ පමණක් මූලික ණය සහ පොලී ගෙවීම් වෙනුවෙන් මධ්‍යම රජය රුපියල් ලක්ෂ 155,300,000 ක (ට්‍රිලියන 15.53) දැවැන්ත මුදලක් වෙන්කර ඇත.

2026 පළමු කාර්තුවේ තත්ත්වය අනුව සටහන්වල දැක්වෙන්නේ එකී කාර්තුවේ දී රජය දේශීය සහ විදේශීය මාර්ගවලින් ඩොලර් බිලියන 6.24 කට සමාන මුදලක් රැස් කළ ද (එයින් ඩොලර් බිලියන 6.14 ක්ම දේශීය ණයයි), එම කාර්තුවේ ණය සේවා ගෙවීම් ඩොලර් බිලියන 8.09 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ප්‍රධාන ද්විපාර්ශ්වික ණය හිමියන් (2026 ජූනි වන විට) මෙසේ ය.

චීනය: ඩොලර් බිලියන 5.01

ජපානය: ඩොලර් බිලියන 2.27

ඉන්දියාව: ඩොලර් මිලියන 853.9

මෙම දත්ත වාර්තා අවධාරණය කරන්නේ, රුපියල් ලක්ෂ 168,820,000 ක මෙම වැඩිවීම අලුතින් ලබාගත් මුළු ණය ප්‍රමාණය නොව ණය ශේෂයේ සිදු වූ ශුද්ධ වැඩිවීම බව දතත් සටහනේ දැක්වේ.

මේ අනුව  රුපියල් ලක්ෂ 3,200,000 ඉක්මවා ඇති මෙම ණය බර ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉදිරි පැවැත්මට ඇති ප්‍රධානතම අභියෝගයක් බවද දත්ත සටහන් ලංකා ආණ්ඩුවට පෙන්වා දී තිබේ.

තුන පුවත

ධීවර සංථාවේ පාඩුව රුපියල් කෝටි 180 ක්

ශ්‍රි ලංකා ධීවර සංස්ථාව  වසර දෙකකට පෙර රුපියල් රුපියල් කෝටි 180 ක පාඩුවක්  ලැබූ බවත් මින් රුපියල් කෝටි 90 ක්ම සේවක භාරකාර අරමුදල/ සේවක අර්ථසාධක හිඟ මුදල් බව ධීවර ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් පවසයි.

රට පුරා පිහිටි සක්‍රීය මට්ටමේ ධීවර වරායන් 25 ක් කේන්ද්‍ර කරගනිමින් මේ වන විට දිවයින පුරා ලියාපදිංචි යාත්‍රා විශාල ප්‍රමාණයක් ධීවර කර්මාන්තයේ නියැලෙන බව ද ඔහු සඳහන් කළේය.  

ලංකාව පුරා දැනට පවතින එක්දින (One-day) බෝට්ටු ඇතුළු සමස්ත බෝට්ටු සංඛ්‍යාව 9,271 ක් බවත් ඉන් බහුතරයක් ෆයිබර්ග්ලාස් (Fiberglass) නිෂ්පාදිත අඩි 80ට අඩු යාත්‍රා  බව ද ඔහු කීය.

ලියාපදිංචි යාත්‍රා  අනුව බහුදින යාත්‍රා 4,889 ක් බවත් ඇතුළත ඇන්ජින් සහිත ධීවර යාත්‍රා  880 ඇති අතර පිටත ඇන්ජිම සහිත ෆයිබර්ග්ලාස් යාත්‍රා 24,823  ක් ඇති බව ද හෙතෙම කීය.

යාන්ත්‍රික සම්ප්‍රදායික යාත්‍රා  2,709   යාන්ත්‍රික නොවන සම්ප්‍රදායික යාත්‍රා 15,037 ක් ද මාදැල් යාත්‍රා 953 ප්‍රමානයක්ද ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

පසුගිය කාලයේ පැවැති ආර්ථික අර්බුදය හමුවේ ඉන්ධන මිල ඉහළ යාම නිසා වෙරළට ගැටගසා තිබූ ධීවර යාත්‍රා නැවත දියඹට යැවීම සඳහා රජය අඛණ්ඩව ඉන්ධන සහනාධාර ලබා දී ඇති බවද ශමු සඳහන් කළේ ය.  

ඒ අනුව 2024 ඔක්තෝබර් සිට 2025 මාර්තු දක්වා කාලය තුළ ඩීසල් හා භූමිතෙල් සහනාධාර ලෙස රුපියල් මිලියන 1,926ක් වැය කර අතර  2026 අප්‍රේල් සිට ජූලි දක්වා මාස තුනක කාලය තුළ පමණක් රුපියල් මිලියන 2,999ක මුදලක් සහනාධාර ලෙස ලබා දී ඇති බව ද ඔහු කීය.

ජනතාවට සාධාරණ මිලකට මාළු ලබාදීම සහ ප්‍රෝටීන් ඌනතාවයට විසඳුම් සෙවීම සඳහා ඉදිරි වසරේ දී රට පුරා ‘මාළු අලෙවි සැල්’ (Fish Stalls) 1,000 ක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර, එහි මූලික පියවර ලෙස අලෙවි සැල් 100 ක් ඉක්මනින්ම විවෘත කිරීමට නියමිත බව ද ඔහු පැවසීය.  

ඉන්දියානු ධීවරයන්ගේ නීතිවිරෝධී ඇතුළුවීම් හමුවේ ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවන් සහ කච්චතීව් දූපතේ අයිතිය සුරක්ෂිත කරන බව ද අමාත්‍යවරයා කීය.

4 වන පුවත

නීති විරෝධී වත්කම් මිලියන 3300ක් තහනම්!

සැකකරුවන් 330කට එරෙහිව පරීක්ෂණ!

රාජ්‍ය නායක ආරක්ෂක හා අමාත්‍යවරු රැසක් අල්ලස් දැලට

අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුම්වල දී නීති විරෝධී වත්කම් උපයා ගැනීම් සම්බන්ධයෙන් සැකකරුවන් 330 දෙනෙකුට එරෙහිව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, රුපියල් මිලියන 3,300 කට අධික වත්කම් තහනම් කිරීමට සහ රාජසන්තක කිරීමට පියවර ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුෂ්කා තිලකරත්න මහත්මිය පැවසූය.

කොමිෂන් සභා දත්තයන්ට අනුව 2024 වසරේ දී සැකකරුවන් 49 දෙනෙකුට අයත් රුපියල් මිලියන 1,597ක වත්කම් අක්‍රීය කර ඇති බව ද ඇය කීය.

2025 වසරේදී සැකකරුවන් 30 දෙනෙකුට අයත් රුපියල් මිලියන 1,546ක දේපළ තහනම් කර ඇති බවද ඇය පැවසූවාය.

2026 මුල් මාස 3 තුළදී පමනක් රුපියල් මිලියන 170 ක දේපළ රාජසන්තක කර ඇති බව ද ඇය පවසන්නීය.

මේ අතර, හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පවුලේ සාමාජිකයන් මිලියන 900ක වත්කම් හෙළි කිරීමට අසමත් වීම, ලක්ෂ 80 බැගින් රජයට පාඩු කිරීම, පළාත් සභා මන්ත්‍රී සුලෝචන ගමගේ ලක්ෂ 90ක අල්ලස් ගැනීම, ලිඳුල නගර සභාවේ රුපියල් 23,80,000ක අල්ලස් සිද්ධිය, හිටපු ජනාධිපතිගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ලුතිනන් කර්නල් නෙවිල් වන්නිආරච්චි නීති විරෝධීව මිලියන 28ක් උපයාගැනීම මෙන්ම මනුෂ නානායක්කාර, අකිල විරාජ් කාරියවසම් සහ රවී කරුණානායක යන මහත්වරුන්ට එරෙහි විමර්ශනද මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව ඇය අනාවරණය කළාය.

Share.
Leave A Reply