හදිසි පුවතක්!!!

සෝලා සහ පුනර්ජනනීය බලශක්තිය ගැන පා ර් මේන්තුව උණුසුම්!

විදුලි බිල සියයට 30 කින් කැපීමේ ඉලක්කයට පුනර්ජනනීය බලශක්තියෙන් සියයට 70ක දායකත්වයක්!  

ඩීසල් ඉතිරිය බිලියන 350යි!

සෝලා කර්මාන්තය වනසන නව චක්‍රලේඛය හලන්න විපක්ෂයෙන් දැඩි බලපෑම්!  

2029 වන විට මෙගාවොට් 4,315ක සූර්ය බලයක් හා BESS ගබඩා පද්ධති හරහා විසඳුම් දෙන බවට ඇමතිගෙන් සහතික!  

ජාතික විදුලි පද්ධතියට සූ  ර් ය බලශක්තිය (Solar) එක්කර ගැනීම, ගෙවීම් ක්‍රමවේද සහ ආයෝජකයන්ගේ ගැටලු මුල්කරගෙන පා ර් ලිමේ න්තුවේ දී ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර දැඩි උණුසුම් විවාදයක් හටගත්තේය.  

සමගි ජන බලවේගයේ පාර් ලි මෙන්තු මන්ත්‍රි සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා සඳහන් කළේ, ප්‍රතිපත්ති නිතර වෙනස් කිරීම නිසා ආයෝජකයන් අර්බුදයට පත්ව ඇති බවයි.

‘නෙට් මීටරින්’ වෙනුවට ගෙන එන නව ක්‍රම හමුවේ සියයට 80 ක් සූරිය පද්ධති (Rooftop Solar) සවි කිරීමෙන් වෙන්වනු ඇතැයි පැවසූ ඔහු, කුඩා ජල විදුලි (Hydro) ඒකකයකට රුපියල් 8ක් ගෙවීමට බලපෑම් නොකර අවම රුපියල්  15ක සහනයක් දෙන ලෙස ඉල්ලා සිටියේය.  

පා ර් ලි මෙන්තු මන්ත්‍රි නලින්ද බණ්ඩාර මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, දැනට සෝලා මෙගාවොට් 350ක් හරහා වසරකට ගිගාවොට් පැය 5,000කට වැඩි ජනනයක් සිදු වන බවයි. ඒ ඔස්සේ වසරකට රුපියල් බිලියන 350ක ඩීසල් ඉතිරියක් සිදු වන බවත්, ඩොලර් බිලියන 2ක් (රු. මිලියන ලක්ෂ 6ක්) ආයෝජනය කළ කුඩා හා මධ්‍යම පරිමාණ සෝලා ආයෝජකයන් අඩපණ කරන නව චක්‍රලේඛය වහාම අහෝසි කළ යුතු බවත් ඔහු පැවසීය. 

ආණ්ඩු පක්ෂයේ රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා සඳහන් කළේ, වසර දෙකකදී සෝලා මෙගාවොට් 1,500ක් එක් කළ බවත්, BESS ගබඩා පද්ධති (10 MW / 16 MWh සහ තවත් 250 MW) හා මෙගාවොට් 600ක ‘ජල බැටරි’ (Pumped Storage) හරහා විදුලි බිල 30%කින් පහත හෙළීමේ ඉලක්කයට යන බවත්ය.  

විදුලි බල හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක කීවේ  වත්මන් පුනර්ජනනීය බලශක්ති ධාරිතාව සියයට 69 ක් වන අතර සූර්ය බලයෙන් මෙගාවොට් 3,062ක් (2,562ක් වහල මත සෝලා), මහා ජල විදුලියෙන් මෙගාවොට් 1,530ක්, සුළං බලයෙන් මෙගාවොට් 287ක් සහ කුඩා ජල විදුලියෙන් මෙගාවොට් 437ක් පද්ධතියට එක්ව ඇති බවයි.

වසර දෙකකදී සෝලා බලශක්තිය සියයට 196 කින් වර්ධනය වී ඇති බවත් 2027 දී මෙගාවොට් 642 ක්, 2028 දී මෙගාවොට් 300 ක් හා 2029 දී මෙගාවොට් 450 ක් වශයෙන් එක්කරමින් 2029 වන විට සෝලා මෙගාවොට් 4,315ක් ලබා ගැනීමට සැලසුම් කර ඇති බවයි.

සාමාන්‍ය විදුලි පරිභෝගිකයන් මිලියන 7 ආරක්ෂා කිරීමට ‘Net Plus 1’ ක්‍රමය හඳුන්වා දෙන අතර, ‘Net Zero’ ප්‍රවර්ධනයට හා බැටරි සඳහා වන  සියයට 40-සියයට 50 ක  බදු ඉදිරි අයවැයෙන් අඩු කිරීමට ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර ඇති බව ද ඇමතිවරයා පැවසීය.  

දෙවන පුවත

සසුනෝදයෙන් කෝටි 51ක මහා වංචාවක් ! අල්ලස් කොමිසම පරීක්ෂණ වසයි!

මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා 2018 වසරේ “සසුනෝදය” ව්‍යාපෘතියෙන් සිදු වූ රුපියල් කෝටි 48ක මූල්‍ය අවභාවිතය සහ 2019 වසරේ අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයට අරමුදල් බෙදමින් සිදුකළ රුපියල් කෝටි 3කට ආසන්න වංචාව ඇතුළු රුපියල් කෝටි 51ක (මිලියන 510ක) මහා පරිමාණ රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සිදු නොකිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇති බව අල්ලස දූෂණය නාස්තියට එරෙහිව පුරවැසි බලය සභාපති ජාමුනි කමන්ත තුෂාර  පවසයි.

‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානය විසින් 2022 ඔක්තෝබර් 03 වන දින ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට (BC/1782/2022) අදාළව සිදුකළ විමර්ශනයේදී අනාවරණය වූ කරුණු මත, මෙම ලිපිගොනුව වසා දැමීමට තීරණය කළ බව අල්ලස් කොමිසමේ නිලධාරිහු ලිඛිතව තහවුරු කර ඇති බව ද ඔහු කීය.

නමුත් මේ ගැන යළිත් විමර්ශනයක් සිදුකොට අදාළ පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කර අදාළ මුදල් රජයට නැවත ලබා ගන්නා ලෙස වගකිව යුතු රාජ්‍ය ආයතවලින් බලධාරිනගෙන් හා ජනාධිපතිවරයාගෙන් හෙතෙම ඉල්ලා සිටියේ ය.

තුන්වන පුවත

සතුන්ගේ ලෝකය වඳවීමේ අබියස – විශේෂ 49,505ක් අනතුරේ!

ජාත්‍යන්තර සොබාදහම සංරක්ෂණ සංගමයේ දත්තවලට අනුව ලෝකයේ සත්ව විශේෂ  175,909 අතරින් 49,505ක් එනම් සියයට 28 කට ආසන්න ප්‍රමාණයක් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බව පවසයි.

මින් උභය ජීවීන්ගෙන් සියයට 41 ක්, ක්ෂීරපායින්ගෙන්  සියයට 26%ක් සහ උරගයන්ගෙන් සියයට 21 ක් වඳවීමේ අවදානමට ලක්ව තිබීම තත්ත්වයේ බරපතළකම පෙන්වයි.

මේ අතර ලෝක වනජීවී අරමුදලේ (WWF) 2024 අනුව 1970–2020 කාලයේ නිරීක්ෂණය කළ වනජීවීන් ප්‍රමාණය සියයට 73 කින් පහත වැටී ඇති වී ඇති බවත්   මිරිදිය මත්ස්‍ය ගහනය මේවන විට සියයට 81 කින් අඩුවී ඇති බවද පවසයි.

ශ්‍රී ලංකාවද මෙම ගෝලීය අර්බුදයෙන් මිදී නැත. මෙරට ක්ෂීරපායී විශේෂ 140ක්, උරග විශේෂ 220ක් සහ උභයජීවී විශේෂ 119ක් වාර්තා වන අතර, ඒවා අතර ආවේණික විශේෂ විශාල සංඛ්‍යාවක් පවතී.

අලි–මිනිස් ගැටුම එහි බරපතළම උදාහරණයකි. 2025 දී වන අලි 397ක් මියගොස් ඇති අතර, 2026 ජනවාරි 1 සිට මැයි 15 දක්වා තවත් අලි 128ක් මියගොස් තිබේ. එම කාලයේ අලි ප්‍රහාරවලින් මිනිසුන් 35 දෙනකුද ජීවිතක්ෂයට පත්ව ඇත.

වනාන්තර විනාශය, වාසස්ථාන කැබලිවීම, දේශගුණික විපර්යාස, දඩයම් කිරීම හා මිනිස් ක්‍රියාකාරකම් තවදුරටත් වර්ධනය වුවහොත් සතුන් පමණක් නොව ආහාර, ජලය, පස සහ මිනිස් ජීවිතයේ ආරක්ෂාවද දැඩි අවදානමකට පත්වනු ඇත.

ලෝක සත්ත්ව දිනයේ රතු දත්ත පොත දෙන පණිවිඩය එකකි.සතුන් බේරාගැනීම යනු මිනිසාගේ අනාගතය බේරාගැනීම යන්නයි.   

Share.
Leave A Reply