82 සොයුරු කැළ හා ලංකා අශෝක් ලේලන්ඩ් එක්ව කළ සුවිශේෂී පාසල් සංවර්ධන පියවරක්!

විවෘත කිරීම මේ මස 22 දා උදෑසන සුබ මොහොතින්!

කොළඹ නාලන්දා විද්‍යාලයේ සිසුන්ගේ දැනුම් කේන්ද්‍රීය අධ්‍යාපන හා සංවර්ධන අරමුණු සාක්ෂාත් කරදීමේ පරමාර්ථයෙන් ඉදි කරන ලද නව “නාලන්දා විද්‍යාලීය තාක්ෂණ විද්‍යාගාරය” මේ මස 22 වැනිදා උදෑසන යෙදෙන සුබ මොහොතින් විවෘත කිරීමට සියලු කටයුතු යොදා ඇත.

නාලන්දා විද්‍යාලයේ විදුහල්පති යු. ඩී. ඉරාන් චම්පික මහතා විසින් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව, විද්‍යාලයේ ’82 සොයුරු කැළ’ (1982 ආදි ශිෂ්‍ය කණ්ඩායම) විසින් රුපියල් ලක්ෂ 30 කට අධික මූල්‍ය අනුග්‍රාහකත්වයක් ලබා දෙමින් මෙම අගනා ව්‍යාපෘතිය පාසල වෙත පිරිනමා තිබේ.

මෙම තාක්ෂණ විද්‍යාගාර ව්‍යාපෘතිය සඳහා ලංකා අශෝක් ලේලන්ඩ් ආයතනය විසින් ප්‍රධාන සම්පත් දායකත්වය සපයා ඇති අතර, එමඟින් පාසල් සිසුන්ගේ තාක්ෂණික හා ප්‍රායෝගික අධ්‍යාපන කුසලතා ඉහළ නැංවීමට විශාල පිටුවහලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අනාගත ලෝකයට ගැළපෙන දැනුමෙන් පරිපූර්ණ පරපුරක් බිහිකිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරුණු මෙම ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයට ආරාධිත අමුත්තන්, ආදි ශිෂ්‍යයන්, ගුරු මණ්ඩලය ඇතුළු පිරිසක් එක්වීමට නියමිතය.

Share.
Leave A Reply