@ ණය ට්‍රිලියන 32 පනී!

අවුරුදු 6½කදී රටේ ණය බර 112%කින් ඉහළට

2020දී ට්‍රිලියන 15.1යි – 2026 ජූනි වන විට ට්‍රිලියන 32යි

ශ්‍රී ලංකාවේ මධ්‍යම රජයේ ණය බර ඉතිහාසයේ දැවැන්ත මට්ටමකට ඉහළ යමින් රුපියල් ට්‍රිලියන 32කට ආසන්න වී තිබේ. 2020 අවසානයේ රුපියල් ට්‍රිලියන 15.117ක් වූ මධ්‍යම රජයේ ණය, 2026 ජූනි වන විට රුපියල් ට්‍රිලියන 31.999ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, වසර හයක හමාරක කාලයකදී ණය බර රුපියල් ට්‍රිලියන 16.882කින්, එනම් 111.7%කින් වැඩි වී ඇත.

මෙහි වඩාත් අවධානයට ලක්වන කරුණ වන්නේ රජයේ දේශීය ණය රුපියල් ට්‍රිලියන 19.203ක් දක්වා ඉහළ යාමය. 2020දී දේශීය ණය රුපියල් ට්‍රිලියන 9.065ක් වූ අතර, මේ වන විට එය රුපියල් ට්‍රිලියන 10.138කින් පමණ ඉහළ ගොස් තිබේ. එය සියයට 112කට ආසන්න වැඩිවීමකි.

විදේශීය ණයද 2020දී පැවැති රුපියල් ට්‍රිලියන 6.052 සිට 2026 ජූනි වන විට රුපියල් ට්‍රිලියන 12.796ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව විදේශීය ණය ශේෂයද රුපියල් ට්‍රිලියන 6.744කින් පමණ වැඩි වී ඇත.

ණය බර ඉහළ යාමේ වේගය පෙන්වන සංඛ්‍යාද තත්ත්වයේ බරපතළකම හෙළි කරයි. 2020දී රුපියල් ට්‍රිලියන 15.117ක් වූ ණය 2021දී ට්‍රිලියන 17.614ක් දක්වාත්, 2022දී එකවර ට්‍රිලියන 27.492ක් දක්වාත් ඉහළ ගියේය. 2023දී එය ට්‍රිලියන 28.696ක්, 2024දී ට්‍රිලියන 28.739ක්, 2025දී ට්‍රිලියන 29.995ක් වූ අතර 2026 ජූනි වන විට ට්‍රිලියන 31.999ක් වී තිබේ.

මේ අතර රජය ණය ගෙවීමටද දැවැන්ත මුදලක් වැය කර තිබේ. 2020–2024 කාලයේ පමණක් මධ්‍යම රජයේ ණය සේවා ගෙවීම් එකතුව ආසන්න වශයෙන් රුපියල් ට්‍රිලියන 15.53කි. එහි මූලික ණය ගෙවීම් මෙන්ම පොලී ගෙවීම්ද ඇතුළත්ය.

2026 පළමු කාර්තුවේ තත්ත්වය තවත් බරපතළය. එම කාර්තුවේ රජය දේශීය සුරැකුම්පත් සහ විදේශීය මුදල් ලැබීම් හරහා ඩොලර් බිලියන 6.24ක් සමාන මුදලක් රැස් කර තිබූ අතර, එයින් ඩොලර් බිලියන 6.14ක් දේශීය ණය විය. එහෙත් එම කාර්තුවේ ණය සේවා ගෙවීම් ඩොලර් බිලියන 8.09ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

විදේශීය ණය අතර චීනය, ජපානය සහ ඉන්දියාව ප්‍රධාන ද්විපාර්ශ්වික ණයහිමියන් වන අතර, 2026 ජූනි වන විට චීනයට පමණක් ගෙවීමට තිබූ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 5.01ක් පමණ විය. ජපානයට ඩොලර් බිලියන 2.27ක් සහ ඉන්දියාවට ඩොලර් මිලියන 853.9ක් පමණ ගෙවීමට තිබිණි.

මේ අනුව 2020දී රුපියල් ට්‍රිලියන 15.117ක් වූ රටේ මධ්‍යම රජයේ ණය බර 2026 ජූනි වන විට ට්‍රිලියන 32කට ආසන්න වී තිබීම ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉදිරි ගමනට ඇති දැවැන්තම අභියෝගයක් බව සංඛ්‍යා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් රුපියල් ට්‍රිලියන 16.882ක වැඩිවීම 2020–2026 කාලයේ අලුතින් ගත් ණයවල මුළු එකතුව නොවන බවද අවධාරණය කළ යුතුය. එය ණය ශේෂයේ ශුද්ධ වැඩිවීමයි.

දෙවන පුවත

ලංකාවේ 18 ලක්ෂයකට මහා ගංවතුර අවදානමක්!

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) සහ ඒකාබද්ධ කඩිනම් අවශ්‍යතා තක්සේරු වාර්තාවට අනුව මෙරට 18,43,105ක ජනගහනයක් ගංවතුරට නිරාවරණය විය හැකි අධි-අවදානම් ප්‍රදේශවල ජීවත් වෙන බව සඳහන් කර තිබේ.

භූගෝලීය තොරතුරු පද්ධති (GIS) ආකෘතිකරණය මඟින් කළ මෙම ඇස්තමේන්තුවට අනුව, අවදානමට ලක්වූවන් අතර වයස 0–14 දරුවන් 3,62,939කි. සහ 3,26,703ක වැඩිහිටියන් (වයස 60+) සිටිති. කාන්තාවන් 9,51,680ක් (ගැබිනි මව්වරුන් 40,152ක්) සහ පිරිමින් 8,91,425ක් ඊට ඇතුළත් විය.

ගම්පහ 5,11,767, කොළඹ 4,77,032 , පුත්තලම 1,36,050, කුරුණෑගල 72,984,බදුල්ල 67,968,කෑගල්ල 63,882,මහනුවර 61,192 යන දිස්ත්‍රික්ක වලජනතාව මේ අනුව අධි අවධානම් තත්ත්වයෙහි පසුවෙයි.

2025 දෙසැම්බර් 2 වන විට රට පුරා 14,66,615 දෙනෙකු ගංවතුරෙන් පීඩාවට පත්ව සිටියේ ය. තවත් 33,015 දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථාන 1,441ක රඳවා තබා තබිණි.

මෙම කතා කරන දත්ත සංඛ්‍යා ඉලක්කම් පවසන්නේ කුමක් ද?  රටේ ඉදිරි මහා ගංවතුරකට පෙර රටේ ආපදා පෙරසූදානම සහ සැලසුම්කරණය වහාම සක්‍රිය කළ යුතු බවට බලධාරීන්ට කරන දැඩි අනතුරු ඇඟවීමක් බව ආපදා කළමානාකරණ කටයුතු සම්බන්ධයෙන් අදහස් බලකරන විද්වතුන්ගේ අදහසයි.

@@@තුන පුවත ලස්සයි.

විදේශ විනිමය රෙගුලාසි ලිහිල් කිරීමටත්, MSME ක්ෂේත්‍රයට බිලියන 7,750 ක ණය පහසුකම් ලබාදීමටත් පාර්ලිමේන්තු අනුමැතිය ඉල්ලයි!

මෙරට බාහිර අංශයේ ස්ථාපරත්වය ආරක්ෂා කරගනිමින් සහ ආර්ථික පරිවර්තනීය වර්ධනයක් අත්පත් කරගැනීමේ අරමුණින් විදේශ විනිමය පනත යටතේ වන රෙගුලාසි හා නියෝග ලිහිල් කිරීමටත්, ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ (MSME) ව්‍යවසායකයින් උදෙසා රුපියල් බිලියන 7,750 ක ණය මුදලක් ලබාදීමටත් අවශ්‍ය පාර්ලිමේන්තු අනුමැතිය සඳහා යෝජනා ඉදිරිපත් කෙරිණි.  

2020 වසරේ පැවැති ආර්ථික අර්බුදය හමුවේ පනවන ලද ප්‍රාග්ධන මාරු කිරීම් පිළිබඳ සීමාවන්, ආර්ථිකය යථාවත් වීමත් සමඟ 2023 වසරේ සිට පියවරෙන් පියවර නිදහස් කරමින් පවතින බව මෙහිදී ප්‍රකාශ විය.

ඒ අනුව, 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වැනි වගන්තිය ප්‍රකාරව මාස හයෙන් හයට ඉදිරිපත් කරනු ලබන සීමාවන්, පසුගිය ජූනි 19 වැනිදා සිට ලබන දෙසැම්බර් 19 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇත.  

මෙම සංශෝධන හරහා කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත සහ ලැයිස්තුගත නොවන සමාගම්වල ප්‍රාග්ධනය ආයෝජන සඳහා යොදවන සීමාවන් වැඩි කර ඇති අතර, සේවක කොටස් හිමිකාරීත්ව සැලසුම් (Employee Share Ownership Schemes) යටතේ තනි පුද්ගලයන්ට විදේශ ආයෝජන සඳහා තබලා තිබූ සීමා ද යම් ප්‍රමාණයකට ලිහිල් කර තිබේ.   IMF 7 වැනි සමාලෝචනය සහ ණය ප්‍රතිහ්‍යුහගතකරණය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ පැවැත්වූ 7 වැනි සමාලෝචනය සාර්ථකව අවසන් කර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවට (Staff-level Agreement) එළැඹි බවත්, ඒ අනුව ඩොලර් බිලියන 3 ක සමස්ත මූල්‍ය පහසුකමෙන් ඩොලර් මිලියන 345 ක ඉදිරි වාරිකය ද සමඟ මෙතෙක් ලැබෙන සමස්ත ප්‍රමාණය ඩොලර් බිලියන 2.7 දක්වා ඉහළ යන බවත් මෙහිදී අවධාරණය කෙරිණි. මීට අමතරව Fitch Ratings ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ‘CC+’ සිට ‘B-‘ දක්වා උසස් (Upgrade) කර ඇති බව ද සඳහන් විය. 

ණය තිරසාරභාවය වෙනුවෙන් රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) ප්‍රතිශතයක් ලෙස 95% සීමාවේ පවත්වා ගැනීමට ඉලක්ක කර ඇති අතර, 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ පිහිටුවන ලද ‘රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය’ (Public Debt Management Office) හරහා විදේශීය ණය අනුපාතය (Composition) ක්‍රමිකව අඩු කරමින් දේශීය ණය ප්‍රමාණය වැඩි කිරීමට සහ පොලී පිරිවැය අවම කර ගැනීමට කටයුතු යොදා ඇත.   MSME ක්ෂේත්‍රයට සහන ණය

ආසියානු සංවර්ධන බැංකුව (ADB) මගින් ප්‍රතිපත්තිමය පාදකව ලබාදෙන ඩොලර් මිලියන 100 ක මුදල සහ කෘෂිකර්මාන්තය හා MSME ක්ෂේත්‍රය වෙනුවෙන් වෙන් කළ ඩොලර් මිලියන 100 ඇතුළුව රුපියල් බිලියන 95.6 ක සංවර්ධන හා පොලී ආධාර වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.  

නව පනතට අනුව රාජ්‍ය බැංකු, රාජ්‍ය ව්‍යවසාය ගණයට අයත් නොවන බැවින්, ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතුරු කිරීමේ බැංකුව ඇතුළු රාජ්‍ය බැංකු 5 ක් සහ පෞද්ගලික වාණිජ බැංකු පද්ධතිය හරහා රුපියල් බිලියන 7,750 ක මෙම සමස්ත ණය මුදල ව්‍යවසායකයින් වෙත නිකුත් කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය අපේක්ෂා කරන අතර, ලබන දෙසැම්බර් 31 දිනට පෙර එකී කටයුතු අවසන් කිරීමට නියමිතය.   

@@@@

සිරිකො/මැදමුලන/අපමන අගයක් සමගින් ටිං ටිං පැලවත්ත කැම්පස් සඟයන්ට දුන්නු හදර හසුන…

විශ්ව විද්‍යාල සිසුන්ගෙන් සියයට 58 කට නවාතැන් නෑ!

සිසුන් 150,815න් නවාතැන් ලැබෙන්නේ 63,318කට පමණයි!

වෘත්තීය තාක්ෂණ සරසවියේ පිරිමි සිසුන්ට බිංදුවයි! – කේ.ඩී.යූ. එකේ 4.94%යි!

අර්බුදයට විසඳුම් ලෙස නව නිවාසාගාර 55ක්: අයවැයෙන් මිලියන 2,353ක්

සරසවි ආචාර්ය පුරප්පාඩු 2,000ක් පුරවන්න අනුමැතිය!

දිවයිනේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය තුළ දැඩි නේවාසිනාගාර හිඟයක් සහ ආචාර්ය මණ්ඩල හිඟයක් නිර්මාණය වී ඇති බවත්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) යටතේ සිටින සමස්ත සිසුන් 150,815 දෙනාගෙන් නේවාසිකාගාර පහසුකම් හිමිව ඇත්තේ සිසුන් 63,318 දෙනෙකුට පමණක් බවත් ඒ අනුව සමස්ත සරසවි සිසුන්ගෙන් සියයට 58 කටම නිවාසාගාර පහසුකම් අහිමි වී ඇති අතර පහසුකම් ඇත්තේ සියයට 42 ක ප්‍රතිශතයකට පමණි.

වත්මන් රාජ්‍ය විශ්ව විද්‍යාල 22ක් සහ විශේෂ පනත් මගින් ක්‍රියාත්මක වන විශ්වවිද්‍යාල 5ක් (ශ්‍රී ලංකා භික්ෂු, බෞද්ධ හා පාලි, වෘත්තීය තාක්ෂණ, සාගර සහ ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය) පද්ධතිය තුළ ක්‍රියාත්මක වන අතර, විශේෂිත විශ්ව විද්‍යාලයන්හි නේවාසිකාගාර තත්ත්වය දැඩි අර්බුදකාරී මුහුණුවරක් ගෙන ඇත.

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලලයේ සමස්ත සිසුන් 4,348න් නිවාසාගාර හිමිව ඇත්තේ සිසුන් 332කට (සියයට 7.6) පමණි. එම පහසුකම් ද හිමිව ඇත්තේ කාන්තා සිසුන්ට පමණක් වන අතර පිරිමි සිසුන්ට නිවාසාගාර පහසුකම් සියයට  බිංදුවකි. (0%) කි.

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යායේ සමස්ත සිසුන් 8,218න් නිවාසාගාර ලැබෙන්නේ 406කට (සියයට 4.94) පමණි.

ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලුයේ සමස්ත සිසුන් 1,516න් නිවාසාගාර හිමිව ඇත්තේ 196කට (සියයට 12.92) පමණි.

ශ්‍රී ලංකා භික්ෂු සහ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ඉල්ලුම් කළ සියලුම සිසුන්ට (බෞද්ධ හා පාලි: දේශීය සියයට 80, විදේශීය සියයට 100 ) පහසුකම් සපයා ඇත.

භික්ෂු සරසවියේ සිසුන් 465ක් සහ බෞද්ධ හා පාලි සරසවියේ සිසුන් 551ක් ඉගෙනුම ලබති.

අර්බුදයට විසඳුම් වශයෙන් අගමැති හරිණි අමරසූරය ප්‍රකාශ කරන්නේ 2026 අයවැයෙන් මිලියන 2,353ක් වෙන් කර ඇති බව ද ඇය කීවාය.

මේ අතර පවතින අර්බුදයට විසඳුම් ලෙස නව නිවාසාගාර 55ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති අතර, එමගින් තවත් සිසුන් 16,000කට පහසුකම් සැලසීමට නියමිතය.

2026 වර්ෂය වෙනුවෙන් රුපියල් මිලියන 1,500ක් වෙන් කර ඇත. ප්‍රතිසංස්කරණ අනුව දැනට පවතින නේවාසිකාගාර ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 853ක් වෙන් කර ඇත.

පේරාදෙණිය විශ්ව විද්‍යාලය: නේවාසිකාගාර ප්‍රශ්නය සඳහා රුපියල් බිලියන 4ක් ඉල්ලා තිබුණද, මේ වන විට රුපියල් බිලියන 2.3ක ප්‍රතිපාදන සම්මත වී තිබේ.

නව ව්‍යාපෘති: සාගර විශ්ව විද්‍යාලයේ සිසුන් 1,600කට පහසුකම් සහිත නව පරිශ්‍රයක් සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති අතර, වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ පර්චස් 80ක ඉඩමක පිරිමි සිසුන් 600කට නේවාසිකාගාර සහ ආසන 300 ක ආපන ශාලාවක් සහිත බහුමහල් සංකීර්ණයක් (2027-2029) ඉදිකිරීමට යෝජිතය.

විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින දැඩි ආචාර්ය හිඟයට පිළියම් ලෙස ආචාර්යවරුන් 2,000ක් බඳවා ගැනීමට අනුමැතිය ලබාදී තිබුණද, පේරාදෙණිය ඇතුළු ඇතැම් විශ්වවිද්‍යාල ලබාදී ඇති අනුමැතියෙන් සියයට 50 ක්වත් මෙතෙක් බඳවාගෙන නොමැති බව ද අනාවරණය විය.

ලබාදී ඇති අනුමැතියෙන් අවම වශයෙන් සියයට 75 ක් බඳවා ගන්නා විශ්ව විද්‍යාල සඳහා පමණක් ඊළඟ පුරප්පාඩු පිරවීමට අනුමැතිය දෙන බව අග්‍රාමාත්‍ය හරිණි අමරසුරිය මෙහිදී අවධාරණය කළාය.

එමෙන්ම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ දෙමළ මාධ්‍ය ආචාර්ය හිඟය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු විය.

Share.
Leave A Reply