මෙම අනතුරට මාතර සිට කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක් සහ තවත් වාහන කිහිපයක් සම්බන්ධ වී ඇත.

වාර්තා වන අන්දමට, පාසල් ළමුන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් කැබ් රථයක ගැටීමෙන් පසු, ඊට පිටුපසින් පැමිණි වාහන එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.

අනතුර සඳහා බස් රථ දෙකක්, කාර් රථ හයක් සහ තවත් වාහන කිහිපයක් ඇතුළත් වී ඇති බව පැවසේ.

අනතුරින් පසුව, ගාලු දෙස සිට කොළඹ දෙසට ධාවනය වන වාහන දොඩංගොඩ පිටවීම ඔස්සේ වෙනත් මාර්ග වෙත යොමුකිරීමට පොලිසිය පියවර ගෙන ඇත.

Share.
Leave A Reply