1818 ඌව-වෙල්ලස්ස නිදහස් අරගලයේදී දිවි පිදූ දේශප්‍රේමී විරුවන් සහ තිස් වසරක අභීත රණවිරුවන් අනුස්මරණය කෙරෙන මහා පින්කමක් සහ විශේෂ මහජන සම්මන්ත්‍රණයක් 2026 සැප්තැම්බර් මස 19 වන දින බදුල්ලේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
‘සසුන රැකුමට ගෝලීය සිංහල එකමුතුව’ විසින් සංවිධානය කරනු ලබන මෙම මහා පින්කම සැප්තැම්බර් 19 වන දින උදෑසන 08.00 ට ඓතිහාසික බදුල්ල මුතියංගන රජමහ විහාරයේදී පැවැත්වේ.
ඊට සමගාමීව එදින පෙ.ව. 10.00 ට බදුල්ල සයිමන් පීරිස් අනුස්මරණ ශාලාවේදී විශේෂ මහජන සම්මන්ත්‍රණයක් පැවැත්වීමට නියමිත අතර, උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවට සිදුවන අසාධාරණයන් මෙන්ම ඉපැරණි බෞද්ධ පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීමට එරෙහිව මෙහිදී මහජන කතිකාවතක් ගොඩනැගීමට නියමිතය.

