බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හිටපු සභාපති ඕපාත විතානගේ ප්‍රසන්න සංජීව යන අය දූෂණ චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
චෝදනාව:ප්‍රඥප්තිය උල්ලංඝනය කරමින් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව මගී ප්‍රවාහන අවසර පත්‍ර නිකුත් කිරීම. ඒ හරහා රජයට රුපියල් 4,160,000/- (ලක්ෂ 41කට අධික) පාඩුවක් සිදුකිරීම සහ බාහිර පාර්ශවයන්ට අනිසි වාසි සැලසීම. සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

