කොළඹ 07 බාන්ස් පෙදෙසේ වටිනා දේපළකට ව්‍යාජ ඔප්පුවක් සකස් කර රුපියල් කෝටියක (10,000,000/-) මුදලක් වංචා කළ 73 හැවිරිදි සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) මූල්‍ය විමර්ශන අංශය මගින් කළුතරදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ව්‍යාජ ලේඛන අධිකරණයට පවා ඉදිරිපත් කර ඇති අතර CID මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

@දෙවන පුවත

පෑලියගොඩදී මත්කරල් 950ක් සමඟ 19 හැවිරිදි තරුණයෙක් දැලේ! 

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෑලියගොඩ ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී මත්කරල් 950ක් සමඟ 19 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇත. 

@තුන නිවුස්

මිද්දෙණියේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 612ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට  මිද්දෙණිය පොලිස් වසමේ මහකොටුව ප්‍රදේශයේදී සිදුකළ හදිසි වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය (Ice) ග්‍රෑම් 612ක් සමඟ 34 හැවිරිදි සැකකරුවෙකු මිද්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 

4.  පුවත මෙන්න

කටුනායකදී නීති විරෝධී ගෝඩා ලීටර් 900ක් (බැරල් 5ක්) පොලිස් භාරයට!  කටුනායක, හීනටියන රම්‍ය තොටුපොල අසලදී නීති විරෝධී මත්පැන් පෙරීමට යොදාගන්නා ගෝඩා ලීටර් 900ක් (බැරල් 05ක්) සමඟ 39 හැවිරිදි මිනුවන්ගොඩ පදිංචිකරුවෙකු කටුනායක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

5. පුවත බලන්න  

මිරිහානේදී යතුරුපැදියක් ලිස්සා ගොස් කාර් රථයක ගැටෙයි: 24 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට  මිරිහාන නගරය ආසන්නයේදී විජේරාම දෙස සිට නුගේගොඩ දෙසට ධාවනය වූ යතුරුපැදියක් පාරේ ලිස්සා ගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කාර් රථයක ගැටීමෙන් සිදුවූ දරුණු අනතුරකින් 24 හැවිරිදි හෝමාගම පදිංචි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. කාර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මිරිහාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Share.
Leave A Reply