දුම්රිය සේවාවේ පවතින දැඩි අර්බුදකාරී තත්ත්වය හමුවේ මගී ජනතාව පත්ව ඇති දැඩි අපහසුතාවලට විසඳුම් ඉල්ලමින් සහ සේවක ගැටලුවලට වහා විසඳුම් ලබාදෙන ලෙස බල කරමින් දුම්රිය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් දැඩි තීරණයකට එළඹ තිබේ.
ඒ අනුව, සැප්තැම්බර් 17 සහ 18 යන දිනවල පැය 48 ක දැවැන්ත ඒකාබද්ධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට ඔවුන් තීරණය කර ඇත.
ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ භාණ්ඩාගාරික කේ.සතීස්කුමාර් මහතා සදහන් කරන්නේ මේ වෘත්තීය ක්‍රියාමාර්ගය වත්මන් ඇමතිතුමා ට හෝ නියෝජ්‍ය ඇමැතිතුමා ට හෝ රජයට විරුද්ධව කරන වෘත්තීය ක්‍රියාමාර්ගයන් නොවන බවත් සදහන් කරන බවද ඔහු කීය.
ප්‍රධාන ගැටලු සහ ඉල්ලීම්:
සේවා කඩාවැටීම: නිරන්තර දුම්රිය ප්‍රමාදයන්, ගමන් වාර අවලංගු වීම්, දුම්රිය හිඟකම සහ තාක්ෂණික දෝෂ හේතුවෙන් මගී සේවාව දිනෙන් දින දුර්වල වීම.
සේවක පීඩනය: සේවක ගැටලු නොවිසඳීම සහ වෘත්තීය සමිති නායකයින් වෙත එල්ල වන පීඩනයන් වහා නතර කිරීම.
ප්‍රධාන ඉල්ලීම: වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වහාම ධුරයෙන් ඉවත් කිරීම.
මගී ජනතාව වෙත කෙරෙන පෙර දැනුම්දීමයි:
මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ඉදිරි දිනවලදී මගී ජනතාවට සිදුවිය හැකි අපහසුතාවලට කල්තියා සූදානම් වන ලෙසත්, දුම්රිය සේවාව සුරැකීමේ මෙම අරගලයට එක්වන ලෙසත් දුම්රිය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ඉල්ලා සිටී.
@ දුම්රිය සේවය අර්බුදයක: සාමාන්‍යාධිකාරී ඉවත් නොකළහොත් සැප්තැම්බර් 17 සහ 18 දිනවල දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්!
වර්තමාන දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ අත්තනෝමතික පරිපාලනය සහ කළමනාකරණ දෝෂ හේතුවෙන් දුම්රිය සේවය දැඩි අර්බුදයකට ලක්ව ඇතැයි පවසමින් දුම්රිය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ.
පැහැදිලි කළමනාකරණ පිළිවෙතක් නොමැතිකම නිසා කාර්යාල දුම්රිය ඇතුළු ප්‍රධාන ගමන්වාර රැසක් නිසි පරිදි ක්‍රියාත්මක නොවී අවලංගු වීම හේතුවෙන් දහස් සංඛ්‍යාත මගී ජනතාවක් දිනපතා දැඩි අපහසුතාවන්ට හා අතිමහත් තදබදයකට මුහුණ දී සිටින බව එමඟින් පෙන්වා දී ඇත.
එසේම, දුම්රිය සේවයේ පවතින අඩුපාඩු සහ මගීන් මුහුණ දෙන ගැටලු පිළිබඳව හඬ නගන වෘත්තීය සමිති නියෝජිතයන් මර්දනය කිරීමේ අරමුණින් පරිපාලන හා විනය ක්‍රියාමාර්ග ගැනීම දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව වෘත්තීය සමිති අවධාරණය කරයි. විශේෂයෙන්, ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම්වරයා විසින් වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත අදහස් දැක්වීම පදනම් කරගනිමින් ඔහුගෙන් නිදහසට කරුණු විමසා තිබීම වෘත්තීය සමිති අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස සන්ධානය පෙන්වා දෙයි. ප්‍රධාන ඉල්ලීම් දෙකක්මෙම තත්ත්වය මත පදනම්ව දුම්රිය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් රජය වෙත ප්‍රධාන ඉල්ලීම් දෙකක් ඉදිරිපත් කර ඇත:
ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම්වරයාගෙන් කැඳවා ඇති නිදහසට කරුණු විමසීම වහාම සහ කොන්දේසි විරහිතව ඉවත් කර ගැනීම. වර්තමාන දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වහාම එම ධුරයෙන් ඉවත් කර, දුම්රිය සේවයේ තාක්ෂණික හා මෙහෙයුම් කටයුතු පිළිබඳ ප්‍රමාණවත් දැනුම හා කළමනාකරණ හැකියාව සහිත සුදුසු නිලධාරියෙකු එම තනතුරට පත් කිරීම.
පැය 48ක වැඩ වර්ජන තර්ජනයක්ඉහත ඉල්ලීම් සඳහා 2026 සැප්තැම්බර් 17 දිනට පෙර පිළිගත හැකි, පැහැදිලි විසඳුමක් ලබා නොදුනහොත්, 2026 සැප්තැම්බර් 17 දින පැය 00.00 සිට 18 දින පැය 24.00 දක්වා පැය 48ක දීප ව්‍යාප්ත ඒකාබද්ධ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව වෘත්තීය සමිති සන්ධානය රජයට, ප්‍රවාහන අමාත්‍යාශයට සහ දුම්රිය පරිපාලනයට අවසන් වරට දන්වා සිටියි. ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය, ලොකොමොටිව් ඔෆිසර්ස් ඇසෝසියේෂන්, දුම්රිය සේවක සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති රැසක නියෝජිතයන් මෙම ඒකාබද්ධ තීරණයට අත්සන් තබා ඇත.

