වසර 2024 වන විට දේශීය ණය ප්‍රමාණය රටේ සමස්ත ආර්ථිකයේ ප්‍රමාණයට වඩා සියයට 107 ක අතිශය අර්බුදකාරී මට්ටමකට ළඟා වී තිබුණු අතර 2026 අවසන් වන විට රටේ සමස්ත ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 100 (රුපියල් ලක්ෂ 300,00,00,000) සීමාව පසු කරනු ඇති බව ජනතා පාර්ලිමේන්තු කණ්ඩායමේ ලේකම් මණ්ඩලයේ ලේකම් චන්ද්‍රසිරි උපාලි පවසයි.
මේ අනුව විදේශීය ණය ඩොලර් බිලියන 37ක් (රුපියල් ලක්ෂ 111,00,00,000ක්) දක්වාත් දේශීය ණය ඩොලර් බිලියන 67ක් (රුපියල් ලක්ෂ 201,00,00,000ක්) දක්වාත් ඉහළ යනු ඇති බව ද ඔහු කීය.
රට කර වූ හා වර්ථමානයේ රට පාලනය කරන පාලකයන්ට ණය ගෙවීමට නැවත නැවතත් අධික පොලියට ණය ගන්නා ණය චක්රයක රට සිරකර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා වෙනත් විදෙස් මුල්‍ය ආයතන රාජ්‍ය දේපළ පෞද්ගලිකරණයට හා ඉඩම් විදේශිකයන්ට විකිණීමට පාලකයන්ට බලකරමින් සිටින බව ද ඔහු සඳහන් කළේය.
මෙම අසාධාරණ ආර්ථිකයෙන් රට නිදහස් කිරීමට නම් දේශීය ආර්ථිකයක් උදෙසා ප්‍රබල ජනතා ව්‍යාපාරයක් වහා ගොඩනැගිය යුතු බව ඔහු අවධාරණය කළේය.

