වසර 20කට අධික කාලයක් තිස්සේ නොගෙවා පැවති රාජ්‍ය වැවිලි ආයතනවල වතු කම්කරුවන්ගේ හිඟ ව්‍යවස්ථාපිත දීමනා ගෙවීමේ ඓතිහාසික වැඩසටහන මහනුවරදී ආරම්භ විය!

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ මැදිහත්වීමෙන්, මහා භාණ්ඩාගාරය හරහා රුපියල් බිලියන 4.506ක (මිලියන 4,506) මුදලක් මේ වෙනුවෙන් වෙන් කර ඇත.

මුදල් සහ ප්‍රතිලාභීන් වෙන්වූ ආකාරය:

  • ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව (SLSPC): රු. මිලියන 1,961 (සේවකයින් 164)
  • ජනතා වතු සංවර්ධන මණ්ඩලය (JEDB): රු. මිලියන 2,043 (සේවකයින් 87)
  • ඇල්කඩුව වැවිලි සමාගම (EPL): රු. මිලියන 503 (සේවකයින් 52)

මෙහි සමාරම්භක පියවර ලෙස සේවකයින් 303 දෙනෙකු වෙත සංකේතාත්මකව හිඟ පාරිතෝෂික චෙක්පත් ප්‍රදානය කෙරුණු අතර, “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්තිය යටතේ රටේ ආර්ථිකය ගොඩනැගූ ශ්‍රමිකයන්ගේ හිමිකම් තහවුරු කිරීමට රජය පියවර ගෙන ඇත.

Share.
Leave A Reply