“බලාගාර ගහන්න කලින් ඒ විදුලිය ගෙනියන ට්‍රාන්ස්ෆෝමර් සහ වයර් පද්ධති හදලා ඉන්න. අත්තිවාරම නැතිව වහල ගහන්න හදන්න එපා!”

“බ්‍රේක් නැති ලොරියක් වගේ මුළු පද්ධතියම එකපාර කඩා වැටෙන්න යනවා” – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය හෙළි කරයි!

BMICH හි පැවැති මහජන උපදේශනයේදී ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) ඉදිරිපත් කළ අතුරු ජනන සැලැස්මේ (2027-2029) ඇති බරපතල අනතුර සංඛ්‍යා දත්ත සහිතව හෙළිවේ.

MW 1080ක බැටරි බර: 2027-2029 කාලයේදී මෙගාවොට් 1080ක බැටරි පද්ධති ගෙන ඒමට යෝජිත අතර, වසර 3ක් ඇතුළත යන මේ අතිවිශාල පිරිවැය කෙලින්ම මහජන විදුලි බිලට එකතු වේ.

MW 2500ක් කඩදාසිවලට පමනයි: කැබිනට් අනුමැතිය ලත් මෙගාවොට් 2500ක ජනන සැලසුම් අතීතයේදී ක්‍රියාත්මක කිරීමට අසමත් වී ඇත.

බ්‍රේක් නැති පද්ධතිය (Inertia Zero): බැටරි සහ සූ ර් ය  බලශක්තිය පමණක් වැඩි කිරීමෙන් පද්ධතියේ ‘ජඩතාව’ (Inertia) නැතිවී, ප්‍රධාන බලාගාරයක් කැඩුණු සැනින් මුළු රටම එකවර blackout වීමේ අවදානම.

වයර් නැති විදුලිය: උත්පාදනය කරන සූර්ය/සුළං විදුලිය ජාතික පද්ධතියට ගෙන යාමට අවශ්‍ය සම්ප්‍රේෂණ මාර්ග (Transmission Lines) සහ ට්‍රාන්ස්ෆෝමර් පද්ධති තවමත් හදා නැත.

දවල් කාලයේ සූර්ය බලශක්තිය වැඩිපුර ඇති වේලාවට කර්මාන්ත ශාලා සහ EV චාජ් කරන අයට අඩු ගාස්තුවට (TOU Tariff) විදුලිය දී අපතේ යාම වළක්වනු!යැයි ද ඔහු කීය.

Share.
Leave A Reply