පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල සඳහා පුටු මිලදී ගැනීමේදී සිදුවූ බව කියන රුපියල් ලක්ෂ 79කට අධික මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් හිටපු සමූපාකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් කක්ෂේවියර් ප්‍රනාන්දු මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (සැප්තැම්බර් 04) පෙ.ව. 9.25ට අත්අඩංගුවට ගෙන තිබේ.
මීට අමතරව, අදාළ සිදුවීමට සම්බන්ධ “ඩිසයින් පොයින්ට්” (Design Point) පෞද්ගලික සමාගමේ හිමිකරු වන පටබැඳිගේ හේමන්ත ලලිත් ද සිල්වා යන අයද අද පෙ.ව. 9.30ට අත්අඩංගුවට ගෙන ඇත.
නිසි ප්‍රමිතියෙන් යුතුව අවම මිල ගණන් ඉදිරිපත් කළ ආයතනය මඟහැර, ‘ඩිසයින් පොයින්ට්’ සමාගමෙන් පුටු මිලදී ගැනීමට කටයුතු කිරීම.
එමඟින් ඉංජනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශයට (CECB) රු. 7,973,114.50 ක (ලක්ෂ 79කට අධික) පාඩුවක් සිදුකිරීම.
බාහිර පාර්ශ්වයකට අයුතු සහගත වාසියක් අත්කර දෙමින් “දූෂණය” සහ ඊට “ආධාර අනුබල දීම” යන චෝදනා එල්ල වී තිබීම.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

