5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල මත පදනම්ව දරුවන්ට ශාරීරික දඬුවම් දීම, මානසිකව හිංසා කිරීම සහ ඔවුන් අපහසුතාවට පත්වන ලෙස සමාජ මාධ්‍ය හෝ ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරයන් පැතිරවීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

මෙවැනි ක්‍රියා ළමා හිංසනය යටතේ සැලකෙන අතර, වරදකරුවන්ට එරෙහිව උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය අවධාරණය කරයි.

සැලකිලිමත් වන්න: විභාගය යනු දරුවාගේ අනාගතයේ එක පියවරක් පමණි.

දඬුවම් ලැබිය හැකි වැරදි:

ප්‍රතිඵල මුල්කරගෙන දරුවන්ට පහරදීම, බැණවැදීම හෝ හුදෙකලා කිරීම.

ජාලගත මාධ්‍ය ඔස්සේ දරුවන් පහත් කරමින් සටහන් පළකිරීම.

ඔබේ දරුවාගේ මානසික සෞඛ්‍යය සුරකින්න!

Share.
Leave A Reply