ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන ක්ෂේත්රයේ දැවැන්තම මෙන්ම වඩාත් විප්ලවීය පරිවර්තනය සටහන් කරමින්, කොළඹ නගරය පුරා විසිරී පැවති සියලුම ප්‍රධාන රාජ්‍ය ආයතන එකම මධ්‍යස්ථානයකට ගොනුකිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් ආරම්භ කරන බව අමාත්‍ය බිමල් රත්නායක කියයි.
කොළඹ පැවති අධික නගර තදබදයට තිත තබමින්, ශ්‍රී ජයවර්ධනපුර බත්තරමුල්ල ප්‍රදේශය ශ්‍රී ලංකාවේ ප්‍රධාන පරිපාලන නගරය (Main Administration Capital) ලෙස නිල වශයෙන් පූර්ණ සංවර්ධනයට ලක් කෙරෙන අතර, කොළඹ නගරය මින් ඉදිරියට පූර්ණ වාණිජ නගරයක් බවට පමණක් පරිවර්තනය කිරීමට සැලසුම් කර ඇත.
මේ යටතේ ඉදිකිරීම් නැවත ආරම්භ වූ සෙත්සිරිපාය තෙවන අදියර කාර්යාල සංකීර්ණය ශ්‍රී ලංකාවේ ප්‍රථම “Digital Hybrid Administrative Hub” එක බවට පත්වන අතර, එමඟින් රාජ්‍ය සේවයේ නවතම යුගයක අරුණලු සටහන් කරනු ඇත.
මහජනතාවට සහ රාජ්‍ය සේවයට ලැබෙන ප්‍රධාන පහසුකම්:
එක් පියස්සක් යටතේ සියලු සේවාවන්: වෙන වෙනම පිහිටි රාජ්‍ය ආයතන ගණනාවකට රස්තියාදු වීමට සිදුවූ යුගය නිමා කරමින්, මහජනතාවට අවශ්‍ය සියලුම ප්‍රධාන රාජ්‍ය සේවාවන් එකම ස්ථානයකින් ලබාගැනීමේ පහසුකම සැලසේ.
නවීනතම පහසුකම්වලින් සපිරුණු පරිශ්‍රයක්: මහල් 25 කින් සමන්විත මෙම දැවැන්ත සංකීර්ණය තුළ නවීන කාර්යාල පහසුකම්, අතිනවීන සම්මන්ත්රණ ශාලා, සියලු පහසුකම් සහිත මහජන සේවා මධ්‍යස්ථාන, වාණිජ සංකීර්ණ සහ විශාල රථ ගාලක් (Parking Complex) ස්ථාපිත කෙරේ.
ඩිජිටල් තාක්ෂණය සහ නව්‍ය කාර්යාල සංකල්පය: සාම්ප්‍රදායික බිත්තිවලට කොටු නොවූ Open Office Space සංකල්පය සහ ඩිජිටල් තාක්ෂණය මුසු වූ Hybrid ක්‍රමවේදයක් හරහා රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම.
කොළඹ නගරයේ තදබදයට ස්ථිර විසඳුම්: පරිපාලන සේවා බත්තරමුල්ලට සංකේන්ද්‍රණය වීමත්, ඉදිරියේදී ක්‍රියාත්මක වන විදුලි දුම්රිය සහ ප්‍රවාහන යටිතල පහසුකම් සංවර්ධනයත් සමඟ කොළඹ නගරයේ පවතින රථවාහන තදබදය මුළුමනින්ම පාහේ අවම වනු ඇත.
2029 වසර වන විට ඉදිකිරීම් අවසන් කිරීමට නියමිත මෙම Landmark ව්‍යාපෘතිය, මෙරට රාජ්‍ය සේවා ඉතිහාසයේ මහජනතාව වෙනුවෙන් සිදුකෙරෙන අතිදැවැන්තම යටිතල පහසුකම් සහ තාක්ෂණික පෙරළිය වනු ඇත.

