චක්‍රලේඛ නිසි ලෙස ක්‍රියාත්මකයි – වෙනස්කම් ගැන සකච්ඡා කරන්න ලෑස්තියි!

අමාත්‍ය නලින්ද ජයතිස්ස කියයි!

සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් සේවකයන් සඳහා ලබාදෙන නිල ඇඳුම් දීමනාව සහ නිල ඇඳුම් පටිපාටිය කිසිසේත්ම ජාතිය, ආගම හෝ කුලය පදනම් කරගෙන සිදු වන්නක් නොවන බවත්, එය සම්පූර්ණයෙන්ම රාජ්‍ය චක්‍රලේඛ සහ අදාළ නිල ඇඳුම් කමිටුවේ තීරණ මත පදනම්ව සිදුවන ක්‍රියාවලියක් බවත් ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (19) පාර්ලිමේන්තුවේදී තහවුරු කළේය.

මෙම නිල ඇඳුම් පටිපාටිය පදනම් කරගනිමින් ඇතැම් පිරිස් එය ජාතිවාදී අර්බුදයක් දක්වා ගෙන යාමට උත්සාහ කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, රටේ අනාගත අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි එහි යම් වෙනසක් සිදුකිරීමට අවශ්‍ය නම් ඒ සඳහා සාකච්ඡා කර පොදු තීරණයකට පැමිණීමේ ඉඩකඩ පවතින බවද සඳහන් කළේය.

තනතුරුවලට හිමි නිල ඇඳුම් දීමනා

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ ශ්‍රේණිවල නිලධාරීන් සහ සේවකයන් වෙනුවෙන් දැනට ගෙවනු ලබන නිල ඇඳුම් දීමනා සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් වෙන්කර ඇති ආකාරය පිළිබඳව ද ඇමති කීය.

හෙද නිලධාරීන් / නිලධාරිනියන්: රුපියල් 30,000/-

පරිපූරක වෛද්‍ය සේවා (විකිරණ, රසායනාගාර තාක්ෂණ ආදී): රුපියල් 30,000/-

සම්බන්ධීකරණ හා අධීක්ෂණ ශ්‍රේණි: රුපියල් 28,000/-

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්: රුපියල් 20,600/-

කනිෂ්ඨ සහායක / උපකාරක සේවා කාර්ය මණ්ඩල: රුපියල් 18,600/-

අමාත්‍යාංශ චක්‍රලේඛ සහ නියාමනය

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සේවය කරන අතිවිශාල සේවක පිරිස අතරින් නිල ඇඳුම් හිමි සෑම තස්තුරුවකටම අදාළ ගෙවීම් සිදුවන්නේ අමාත්‍යාංශ නිල ඇඳුම් කමිටුවේ මඟපෙන්වීම සහ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛවලට අනුකූලවය. සෞඛ්‍ය සේවයේ වෘත්තීය ගෞරවය, සනීපාරක්ෂාව සහ අනන්‍යතාව රැකගැනීම මෙහි ප්‍රධාන අරමුණ වේ. ජාතිවාදී හෝ ආගමික මතවාද ඉදිරියට දමමින් මහජනතාව සහ රාජ්‍ය සේවකයන් නොමඟ යැවීමට දරන උත්සාහයන් පරාජය කළ යුතු බවත්, කාලීන අවශ්‍යතාවලට අනුව ඕනෑම සාධනීය වෙනසක් වෙනුවෙන් රජයේ සංවාදය විවෘතව පවතින බවත් ජනමාධ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ

Share.
Leave A Reply