වගාවන්ට හානි කරන රිලවුන් ලක්ෂ 57, මොණරුන් ලක්ෂ 42 ක්, දඬුලේනන් ලක්ෂ 22 ක් ද වඳුරන් ලක්ෂ 17 ක් ඇතුළු ලක්ෂ 120ක් මෙරට සැරිසරන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව,වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවවන,සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සිදු කළ නවතම ජාතික සත්ත්ව සංගණනයෙන් හෙළිවේ.
ශරීර බරින් සියයට 20 ක් කා දමමින් හා විනාශ කරමින් මොවුන් දිනකට අස්වැන්න මෙට්‍රික් ටොන් 10,611ක් (කිලෝග්‍රෑම් කෝටියක්) විනාශ කරති. වසරකට අහිමි වන අස්වැන්න ටොන් මිලියන 3.86 ක් බවද අනවාරණය වී තිබේ.
වන්ධ්‍යකරණය හෝ වෙනත් විද්‍යාමක සැලසුමක් ක්‍රියාත්මක නොකළහොත් ලංකාවේ ආහාර අර්බුදයක් එන බවට මෙම සංගනනයේ දත්ත තොරතුරු මගින් රටට අනතුරු අඟවා තිබේ.

