වත්මන් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව රාජ්‍ය මුදල් අවභාවිත කිරීම ඇතුළු දූෂණ චෝදනා කිහිපයක් සනාථ කරන ලිඛිත පැමිණිල්ලක් පිවිතුරු හෙළ උරුමය විසින් අල්ලස් කොමිසම වෙත භාරදී තිබේ.

පාර්ලිමේන්තු මහ ලේකම්වරියගේ රහස්‍ය විමර්ශන වාර්තාවක් පදනම් කරගනිමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. ආයතන සංග්‍රහයට පටහැනිව ලෝරිස් පාරේ අතිරේක නිල නිවසක් පවත්වාගෙන යාම සහ භාවිත නොකරන නිල නිවසක් සඳහා මාසිකව රුපියල් 760,000ක වැටුප් ගෙවමින් පෞද්ගලික කාර්ය මණ්ඩලයක් නඩත්තු කිරීම මෙහි ප්‍රධාන චෝදනා වේ. මේ පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් අපේක්ෂා කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නිතිඥ උදය ගම්පිල මහතා පවසයි.  

Share.
Leave A Reply