වගාවලට වෙන ස්වාභාවික හානි, කෘමි හානි, රෝග හෝ වන අලි හානි ගැන දැන් බයවෙන්න දෙයක් නැහැ!

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් අල සහ එළවළු වගාවන් සඳහා නව රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා.

විශේෂත්වයන්:

අඩු වාරිකයක්: රක්ෂිත මුදලින් 7% ක් පමණයි!

ආවරණය වන හානි: ස්වාභාවික ආපදා, පාලනය කළ නොහැකි රෝග/කෘමි හානි සහ වන අලි හානි.

ආවරණය වන බෝග: බතල, මඤ්ඤොක්කා, කිරි අල, බීට්, ගෝවා, කැරට්, ලීක්ස්, බටු, බණ්ඩක්කා, බෝංචි, මාළු මිරිස්, තක්කාලි, කරවිල, වට්ටක්කා ඇතුළු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශිත බෝග.

අරමුණ: ගොවි ජනතාවගේ වගා අවදානම අවම කර ආරක්ෂාව සැලසීමයි.

 වැඩිදුර තොරතුරු සඳහා ඔබේ ප්‍රදේශයේ ගොවිජන සේවා මධ්‍යස්ථානය අමතන්න.

Share.
Leave A Reply