අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය, කැබිතිගොල්ලෑව, හොරොව්පතාන සහ කහටගස්දිගිලිය ප්‍රදේශවල දශක තුනක් තිස්සේ පැවති හඳුනානොගත් වකුගඩු රෝගයට (CKD) ස්ථිර විසඳුමක් දෙමින් ලංකාවේ දෙවන විශාලතම ජල ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) උදෑසන ආරම්භ කෙරිණි.

“මෙය හුදු යටිතල පහසුකම් සංවර්ධනයක් නොව, ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමක්” යැයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. ශ්‍රී ලංකාව ණය පැහැර හැරීමෙන් පසු රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජපානය (JICA) විසින් නැවත මුදල් මුදාහළ පළමු ව්‍යාපෘතිය මෙය වීම ද විශේෂත්වයකි.

සංඛ්‍යාලේඛනවලින් පුවත (Data at a Glance)

ජල ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනය:

පවුල් 67,000ක්: ව්‍යාපෘතියෙන් සෘජුවම පිරිසිදු පානීය ජලය ලබන පවුල් සංඛ්‍යාව.

ග්‍රාම නිලධාරී වසම් 164ක්: ව්‍යාපෘතිය ආවරණය කරන සමස්ත ප්‍රදේශය.

රුපියල් බිලියන 51ක් (ණය + ප්‍රතිපාදන): ව්‍යාපෘතිය සඳහා වන සමස්ත ආයෝජනය.

කිලෝමීටර් 1500ක්: ජල සැපයුම් නළ පද්ධතියේ සමස්ත දිග.

අක්කර 12ක්: ඉදිවන දැවැන්ත ජල පිරිපහදු මධ්‍යස්ථානයේ විශාලත්වය.

60% සිට ඉහළට: මෙතෙක් ලංකාවේ නළ ජල පහසුකම් තිබුණේ 60%කට (පවුල් ලක්ෂ 42-43) පමණි.

රුපියල් කෝටි 2,000ක්: ලබන වසරේදී අලුතින් ආරම්භ කරන පානීය ජල ව්‍යාපෘති 22 සඳහා වෙන් කළ මුදල. (මෙයින් අලුතින් පවුල් ලක්ෂ 10කට ජලය ලැබේ).

ගොවි ජනතාව වෙනුවෙන් කළ කැපවීම:

රු. 30,000ක පොහොර සහනාධාරය: රුපියල් 15,000ක්ව පැවති සහනාධාරය දෙගුණයකින් ඉහළට.

රුපියල් මිලියන 22,000ක් (දස ලක්ෂ 22,000): පසුගිය යල, මහ සහ මෙවර යල කන්නයේ වී මිලදී ගැනීම වෙනුවෙන් රජය වෙන් කළ සමස්ත මුදල.

වැව් 65ක්: ‘දිට්වා’ සුළි කුණාටුවෙන් විනාශ වී දැනට ප්‍රතිසංස්කරණය අරඹා ඇති වැව් සංඛ්‍යාව.

රුපියල් කෝටි 200ක්: උතුරු මැද පළාතේ විනාශ වූ ඇළවේලි ප්‍රතිසංස්කරණයට මේ වසරේ වෙන් කළ මුදල.

රුපියල් කෝටි 4,000ක පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය: දශක ගණනාවක ප්‍රාර්ථනයක් වූ මෙම ව්‍යාපෘතිය මේ වසරේ යළි ඇරඹේ. ලබන වසරේ පමණක් කෝටි 700ක වැඩ අවසන් කිරීමට නියෝග.

අධ්‍යාපන හා සෞඛ්‍ය විප්ලවය:

06 ශ්‍රේණියේ සිට නව ප්‍රතිසංස්කරණ: ලෝකයේ නවීන දැනුම ලබා දීමට ලබන වසරේ සිට අධ්‍යාපන පරිවර්තනයක්.

වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 50ක්: 2032 වසර වන විට දිවයින පුරා විවෘත කිරීමට සැලසුම්.

2027 සෞඛ්‍ය සංවර්ධනය: රෝහල් සඳහා අවශ්‍ය සියලුම ගිලන් රථ ලබා දීමට 2027 දී මුදල් ප්‍රතිපාදන.

රුධිර කාන්දුකරණ (Dialysis) මධ්‍යස්ථාන 10ක්: වකුගඩු රෝගීන් වෙනුවෙන් ලබන වසරේදී අලුතින්ම ස්ථාපිත කෙරේ.

දේශපාලන හා ජාත්‍යන්තර සහයෝගීතාව

අමාත්‍ය වසන්ත සමරසිංහ: “අනුරාධපුරේ පාර දෙපැත්තේ වැඩිපුරම තිබුණේ වතුර විකුණන කඩ. මේ දැවැන්ත ව්‍යාපෘතිය ඒ දුෂ්කරතාවයට ස්ථිර විසඳුමක්.”

අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ: “දුප්පත්කම, දරිද්‍රතාවය කියන ලේබල් අපි මේ පළාතෙන් ගලවා දමනවා. අද සවස තඹුත්තේගම ව්‍යාපෘතියත්, ඉදිරියේදී ලග්ගල, පොල්ගහවෙල, පාතදුම්බර ව්‍යාපෘතිත් ජනතා අයිතියට පත් කරනවා.”

වැඩබලන ජපන් තානාපති KAMOSHIDA Naoaki: “රජයේ ශක්තිමත් සාර්ව ආර්ථික ප්‍රතිපත්තිය නිසා ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි. ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසු සහනදායී ණය ව්‍යාපෘති සඳහා මුදල් දුන් පළමු රට ජපානයයි.”

ඉදිරියේදී යළි ඇරඹෙන අනෙකුත් ජපන් (JICA) ව්‍යාපෘති:

කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපෘතිය: ටෙන්ඩර් කැඳවා ඇත. මේ වසරේ ඔක්තෝම්බර්/නොවැම්බර් වන විට වැඩ ඇරඹේ.

රූපවාහින ඩිජිටල්කරණ ව්‍යාපෘතිය: 2013 සිට වසර 13ක් ප්‍රමාද වූ ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා බවද කියමික් ආදි ලෙස ජනපති අදහස් දැක්වූහ.

Share.
Leave A Reply