“රජය ස්ථාවර නියෝගවලට මුවා වෙලා මගේ කට වහන්න හදනවා!”

කෘෂිකර්ම ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ගොවි ගැටලු සහ වී මිල ගැන අදහස් දැක්වීම වත්මන් රජය විසින් තමාට තහනම් කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් චෝදනා කරයි!

කාරක සභා වාරණය: වී මිලදී ගැනීම සහ සහල් හිඟය ගැන සාකච්ඡා කෙරුණු කාරක සභාවට නිරීක්ෂකයකු ලෙස සහභාගී වීමට හැකි වුවත්, අදහස් දැක්වීමට අවසර නැති බව එහි සභාපති හෙක්ටර් අප්පුහාමි මහතා හරහා රජය දැනුම් දී ඇත.

“පරණ පාරේමයි යන්නේ”: පසුගිය රජය 2023 දී මුදල් කාරක සභාවේදී තමාගේ සහභාගීත්වය ඡන්දයකින් වැළැක්වූ ආකාරයටම, වත්මන් රජයත් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස විපක්ෂයේ කටවල් වැසීමට උත්සාහ කරන බව ඔහු පවසයි.

ගොවියා අමාරුවේ වැටුණු “වී මිල සෙල්ලම”!

විපක්ෂ නායකවරයා පෙන්වා දෙන පරිදි රජය පනවා ඇති මිල ගණන් මෙන්න:

නාඩු: රු. 120 | සම්බා: රු. 130 | කීරි සම්බා: රු. 140 (14% තෙතමනය ඇතුළු දැඩි කොන්දේසි මත)

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයට අනුව වී කිලෝවක නිෂ්පාදන පිරිවැය රු. 137ක්! නමුත් රජය නාඩු මිලදී ගන්නේ රු. 120ට! ගොවියාට කිලෝවකින් රුපියල් 17ක පාඩුවක්?

“කටවල් වැහුවට ගොවියෝ වෙනුවෙන් සටන අතහරින්නේ නෑ!”

“අපි පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරනකම් රජය වී මිල ගැසට් කළේ නෑ. අද ප්‍රශ්න කරනකොට කටවල් වහන්න හදනවා. හැබැයි ගොවි ජනතාවගේ අයිතීන් වෙනුවෙන් කරන උපරිම සටන අපි නතර කරන්නේ නෑ!” යැයි විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.

Share.
Leave A Reply