•  නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට – කටුනායක පොලිස් ස්ථානය.

කටුනායක පොලිස් වසමේ හීනටියන ප්‍රදේශයේදී කටුනායක පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර නීති විරෝධී මත්පැන් ලීටර් 236 මිලි ලීටර් 250 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 31 ක් වන මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.කටුනායක පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

02. නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට – අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට.

අනුරාධපුර පොලිස් වසමේ ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේදී අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර නීති විරෝධී මත්පැන් ලීටර් 54 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන අනුරාධපුර පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

සැකකරු වයස අවුරුදු 33 ක් වන ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.අනුරාධපුර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

03. දියේ ගිලී පුද්ගලයෙකු අතුරුදහන්වීමක් – තංගල්ල පොලිස් වසමෙන් අසන්නට ලැබේ.

2026.07.09 වන දින දහවල් කාලයේ තංගල්ල පොලිස් වසමේ මාවැල්ල, ගල් බොක්ක මුහුදු තීරයේ මසුන් අල්ලමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්වී ඇති බවට තංගල්ල පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

අතුරුදන්වූ පුද්ගලයා වයස අවුරුදු 19 ක් වූ තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිදු කරන ලද විමර්ශනයේදී මෙම පුද්ගලයා මසුන් ඇල්ලිම සඳහා මිතුරන් පිරිසක් සමඟ ගොස් සිටි අවස්ථාවේ මෙලෙස දියේ ගිලී අතුරුදන්වී ඇති බවට අනාවරණය වී ඇත.

පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්, නාවික හමුදා ජීවිතාරක්ෂක නිලධාරීන් හා ප්‍රදේශ වාසීන් එක්ව අතුරුදන් වූ පුද්ගලයා සෙවීමේ කටයුතු වල නිරතව සිටී. තංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

04. බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට – වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් රත්නපුර පොලිස් වසමේ හකපුව පාර ප්‍රදේශයේ වැටලීමක් සිදුකර වේගඟේ බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවන් පස් දෙනෙකු මැණික් ගැරීමට යොදාගත් උපකරණ ද සමඟ අත්අඩංගුවට ගෙන රත්නපුර පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

සැකකරුවන් අවුරුදු 30 ත් 43 ත් අතර වයස්වල පසු වන රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.රත්නපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

05. පුරා වස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කළ සැකකරුවෙකු කන්දකැටිය පොලිය මගින් අත් අඩංගුවට

කන්දකැටිය පොලිස් වසමේ ගිගිරි බුදාම ප්‍රදේශයේදී කන්දකැටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර පුද්ගලික ඉඩමක් තුල පුරා වස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවෙකු කැණීම් උපකරණ ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 64 ක් වන බදුලුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කන්දකැටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

06. ගින්නකින් වෙළඳ සැලකට හා නිවසකට හානි සිදුවීම – කටුගස්තොට පොලිස් වසම.

කටුගස්තොට පොලිස් වසමේ පට්ටියවත්ත ප්‍රදේශයේ පිහිටි වෙළඳ සැලක් සමඟ ඇති මහල් හතරකින් යුත් නිවසක ගින්නක් හටගෙන ඇති බවට කටුගස්තොට පොලිස් ස්ථානයට පණිවිඩයක් ලැබී ඇත. වහාම ක්‍රියාත්මක වූ පොලිසිය මහනුවර ගිනි නිවීමේ ඒකකයේ හා ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇත.

ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර දේපල හානි පමණක් සිදුව ඇත. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කටුගස්තොට පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

07. යතුරු පැදියක් විදුලි රැහැන් කණුවක ගැටී පැදිකරු ජීවිතක්ෂයට – පදවිය පොලිස් වසම.

පදවිය පොලිස් වසමේ බෝගස්හන්දිය පුල්මුඩේ මාර්ගයේ කිලෝමීටර් 02 කණුව ආසන්නයේදී බෝගස්හන්දිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව විදුලි රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් යතුරු පැදිකරු හා එහි ගමන් ගත් ඔහුගේ බිරිඳ හා දරු දෙදෙනා තුවාල ලබා පදවිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පැදිකරු මියගොස් ඇත.

මරණකරු වයස අවුරුදු 48 ක් වූ කල්අඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.පදවිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

08. කාර් රථයක් හා යතුරු පැදියක් ගැටී පසු පැදිකරු ජීවිතක්ෂයට – අනුරාධපුර පොලිස් වසම.

අනුරාධපුර පොලිස් වසමේ අනුරාධපුර රඹෑව මාර්ගයේ ගල්වල හන්දිය ආසන්නයේදී අනුරාධපුර දෙසට ධාවනය වූ යතුරු පැදියක් දකුණට හැරවීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කාර් රථයක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් යතුරු පැදිකරු, පසුපැදිකරු හා කාර් රථ රියැදුරු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී පසුපැදිකරු මියගොස් ඇත.

මරණකරු වයස අවුරුදු 44 ක් වූ සාලියපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.අනුරාධපුර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

09. වෑන් රථයක් හා ත්‍රීරෝද රථයක් ගැටී වෑන් රථ රියැදුරු ජීවිතක්ෂයට – පොතුවිල් පොලිස් වසම.

පොතුවිල් පොලිස් වසමේ පොතුවිල් අක්කරපත්තු මාර්ගයේ ඌරනිය හන්දිය ආසන්නයේදී අක්කරපත්තු දෙසට ධාවනය වූ වෑන් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රී රෝද රථයක ගැටී වාහන දෙකම පෙරළී අනතුරක් සිදුව ඇත.

අනතුරින් වෑන් රථ රියැදුරු හා ත්‍රී රෝද රථ රියැදුරු තුවාල ලබා පොතුවිල් රෝහලට ඇතුලත් කර ඇත. වෑන් රථ රියැදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කල්මුණ රෝහල වෙත රැගෙන යමින් සිටියදී මියගොස් ඇත.

මරණකරු වයස අවුරුදු 55 ක් වූ කාර්තිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.පොතුවිල් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

10. ත්‍රීරෝද රථයක් පෙරළී එහි ගමන්ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට – වැලිගම පොලිස් වසම.

වැලිගම පොලිස් වසමේ සත්‍යා හෙට්ටිගේ මාවතේ පරණ ගාලු පාර දෙස සිට ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගයේ පෙරළී ගොස් තාප්පයක ද ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් ත්‍රීරෝද රථ රියැදුරු හා පසුපස ගමන් ගත් පුද්ගලයෙකු තුවාල ලබා වලාන රෝහලට ඇතුලත් කරන අවස්ථාවේ පසුපස ගමන් කළ පුද්ගලයා මියගොස් සිට ඇත. රියැදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර රෝහල වෙත මාරුකර යවා ඇත.

මරණකරු වයස අවුරුදු 42 ක් වූ වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.වැලිගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Share.
Leave A Reply