ජූනි 30 ජාත්‍යන්තර ග්‍රාහක දිනයේදී විද්‍යාඥයන්ගෙන් අනතුරු ඇඟවීමක්!

සෞරග්‍රහ මණ්ඩලය තුළ මේ වන විට හඳුනාගෙන ඇති ග්‍රාහක මිලියන 1.3ක් අතරින් පෘථිවියට ආසන්නයෙන් ගමන් කරන ග්‍රාහක 30,000කට වඩා වැඩි ප්‍රමාණයක් විද්‍යාඥයන්ගේ දැඩි නිරීක්ෂණයට ලක්ව තිබේ. ඉන් ලංකාව වැනි කුඩා දූපත් රාජ්‍යයන්ට සිදුවිය හැකි බලපෑම සුළුකොට තැකිය නොහැකි බවත් තාරකා විද්‍යාඥයෝ පවසති. ජූනි 30 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර ග්‍රාහක දිනය මුල් කරගනිමින් මේ වන විට ශ්‍රී ලංකාව තුළ ද බරපතළ කතාබහක් නිර්මාණය වී ඇත.

1908 දී රුසියාවේ සයිබීරියාවට කඩා වැදුණු ග්‍රාහකය මඟින් වර්ග කිලෝමීටර 2,150ක වනාන්තර ප්‍රමාණයක් විනාශ කළ අතර ශ්‍රී ලංකාවේ සමස්ත භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 65,610කි. එනම් එවැනි මධ්‍යම ප්‍රමාණයේ එකම ග්‍රාහක ප්‍රහාරයකින් ශ්‍රී ලංකාව වැනි රටක සමස්ත භූමි ප්‍රමාණයෙන් 3%කට වඩා වැඩි ප්‍රමාණයක් සහ සමස්ත දිස්ත්‍රික්කයකම ජනගහනය එකවර මුළුමනින්ම විනාශ වී යාමේ විභවතාවක් පවතී.

මේ වන විට පෘථිවියට “විභව අනතුරක් විය හැකි” ලෙස වර්ග කර ඇති ග්‍රාහක 2,300කට අධික සංඛ්‍යාව නිරීක්ෂණය කිරීම සඳහා නාසා ආයතනය වැනි ජාත්‍යන්තර සංවිධාන සමඟ ලංකාවේ තාරකා විද්‍යා පර්යේෂණ ආයතන ද සෘජුවම සම්බන්ධ විය යුතු බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති.

2022 දී ක්‍රියාත්මක වූ මෙහෙයුම මඟින් අභ්‍යවකාශ තාක්ෂණයෙන් ග්‍රාහක ගමන් මඟ වෙනස් කළ හැකි බව ඔප්පු කර තිබුණ ද, ශ්‍රී ලංකාව වැනි ඝන ජනගහනයක් සහිත දූපතක් මෙවැනි ආකාශ වස්තුවක බලපෑමකට ලක් වුවහොත් සිදුවන ජීවිත හා දේපළ හානිය සෙසු රටවලට වඩා සාපේක්ෂව බෙහෙවින් ඉහළ අගයක් ගන්නා බව ඔවුහු අවධාරණය කරති.

Share.
Leave A Reply