නවක තරුණ ලේඛකයන්ගේ ප්‍රථම සාහිත්‍ය නිර්මාණ මුද්‍රණයට අමාත්‍යාංශයෙන් පූර්ණ අනුග්‍රහය
ශ්‍රී ලාංකේය තරුණ පරපුරේ නිර්මාණශීලී සාහිත්‍යමය කුසලතා දිරිමත් කරමින්, ඔවුන්ගේ කුලුදුල් ස්වතන්ත්‍ර නිර්මාණය මුද්‍රණද්වාරයෙන් එළි දැක්වීම සඳහා පවතින මූල්‍යමය බාධක ඉවත් කිරීම අරමුණු කරගනිමින් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය මඟින් ” සිහිනයට පියාපත් – 2026 ” ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
භාෂා ද්විත්වයෙන්ම සම අවස්ථා
මෙම වැඩසටහනේ විශේෂත්වය වනුයේ සිංහල සහ දෙමළ භාෂා මාධ්‍යයන්ගෙන් වෙන් වෙන් වශයෙන් එක් එක් අංශය යටතේ විශිෂ්ටතම කෘති 05 බැගින් (මුළු කෘති 30ක්) තෝරාගෙන, ඒවා අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මගින් මුද්‍රණය කර ප්‍රකාශයට පත් කිරීම යි.
වෘත්තීය මට්ටමේ විනිශ්චය මණ්ඩලයක් මඟින් තෝරාගනු ලබන හොඳම කෘති සඳහා පහත පරිදි අනුග්‍රහය හිමි වේ.
නවකතා (සිංහල 05 / දෙමළ 05): තෝරාගන්නා එක් කෘතියකින් පිටපත් 500 බැගින් මුද්‍රණය කෙරේ.
කෙටිකතා සංග්‍රහ (සිංහල 05 / දෙමළ 05): තෝරාගන්නා එක් කෘතියකින් පිටපත් 250 බැගින් මුද්‍රණය කෙරේ.
කාව්‍ය සංග්‍රහ (සිංහල 05 / දෙමළ 05): තෝරාගන්නා එක් කෘතියකින් පිටපත් 250 බැගින් මුද්‍රණය කෙරේ.
මූලික සුදුසුකම් සහ නීති රිති :
- වයස් සීමාව: අයදුම්පත් භාරගන්නා අවසන් දිනට වයස අවුරුදු 15 – 35 අතර ශ්‍රී ලාංකික තරුණයන් විය යුතුය.
- ආධුනිකත්වය: මීට පෙර කිසිදු සාහිත්‍ය කෘතියක් / පොතක් ප්‍රකාශයට පත් නොකළ නවක ලේඛකයින් විය යුතුය.
- ස්වතන්ත්‍ර භාවය: නිර්මාණ තමන්ගේම ස්වතන්ත්‍ර නිර්මාණ විය යුතු අතර, පරිවර්තන, පිටපත් කිරීම් හෝ පරිගණක (AI) මඟින් උත්පාදනය කරන ලද නිර්මාණ නොවිය යුතුය.
- පිටු සීමාවන් (A5 ප්‍රමාණයෙන්):
a. නවකතා: පිටු 120 – 300
b. කෙටිකතා සංග්‍රහ : පිටු 80 – 200
c. පද්‍ය සංග්‍රහ : පිටු 50 – 120
කෘති ප්රකාශනයට පත් කළ දින සිට වසර 03ක කාලයක් අමාත්‍යාංශය සහ ලේඛකයා අතර සම කතෘ අයිතිය පවතින අතර, වසර 03 කට පසු එහි සම්පූර්ණ අයිතිය සහ පෞද්ගලිකව නැවත මුද්‍රණය කිරීමේ අයිතිය ලේඛකයාට හිමි වේ.
අයදුම්පත් ඉදිරිපත් කිරීම:
නියමිත අයදුම්පත අමාත්‍යාංශ නිල වෙබ් අඩවියෙන් හෝ අදාළ සබැඳියට පිවිසීම මඟින් බාගත කරගත හැක.
සම්පූර්ණ කරන ලද අයදුම්පත සමඟ නිර්මාණයේ දෘඩ පිටපත් (Hard Copies) 03ක් (අත් අකුරින් ලියන ලද හෝ පරිගණක අකුරු සැකසුමෙන් යුත් ) 2026 ජූලි මස 31 වැනි දිනට හෝ ඊට පෙර පහත ලිපිනයට තැපැල් මඟින් හෝ ගෙනැවිත් භාර දිය යුතුය.
ලිපිනය:
ලේකම්.
තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය (තරුණ කටයුතු අංශය),
නො. 09, පිලිප් ගුණවර්ධන මාවත,
කොළඹ 07.
වැඩිදුර මාධ්‍ය වීමසීම් සඳහා:
දුරකථන අංක: 011 268 8108 (රාජකාරි වේලාවන්හිදී)
විද්‍යුත් තැපෑල: info@moys.gov.lk
වෙබ් අඩවිය: www.moys.gov.lk
වැඩිදුර තොරතුරු සහ අයදුම්පත්‍රය ලබාගැනීමට
https://drive.google.com/drive/folders/1bkHi6LdpaZSUT-PsTuX1-MgFzO9JxffN?usp=sharing

