ජනතා පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයේ ලේකම් උපාලි චන්ද්‍රසිරි මහතා සමඟ කළ සාකච්ඡාව ඇසුරින් සකස් කළ සටහනකි. කියවන්න තීරයක් ගන්න. බඩ ගින්නේ මැරෙන දීනය අදයි.තීරණය මෙම සටහන කියවන ඔබ සතුය…

‘එල්-නිනෝ’ (El-Niño) යනු කුමක්දැයි සරලව සහ විද්‍යාත්මකව මෙසේ වටහා ගත යුතුය.වචනයේ තේරුම එල්-නිනෝ’ (El-Niño) යනු ස්පාඤ්ඤ භාෂාවේ එන වචනයකි. එහි සරල තේරුම “පිරිමි දරුවා” හෝ “ක්‍රිස්තු බිළිඳා” (The Little Boy / Christ Child) යන්නයි.

මෙම නම ලැබුණු හැටි සත්තකින්ම ලස්සන කතාවකි. දකුණු ඇමරිකාවට අයත් පේරු රාජ්‍යයේ ධීවරයන්ට මෙම සාගර උණුසුම් වීම මුලින්ම නිරීක්ෂණය වූයේ දෙසැම්බර් මාසයේ එනම් නත්තල් කාලයේදීය. එබැවින් ඔවුහු ක්‍රිස්තු බිළිඳා සිහිපත් කරමින් මෙයට ‘එල්-නිනෝ’ ලෙස නම තැබූහ.

විද්‍යාත්මක පසුබිම සරලව සටහන් කරන්නේ නම්  මෙය පැසිෆික් සාගරය කේන්ද්‍ර කරගෙන සිදුවන ගෝලීය දේශගුණික විපර්යාසයකි.සාමාන්‍ය තත්ත්වය අතරේ ගත් කළ සාමාන්‍ය කාලවලදී පැසිෆික් සාගර කලාපයේ හමන ප්‍රබල සුළං මඟින් සාගර මතුපිට ඇති උණුසුම් ජල තට්ටුව ආසියාව සහ ඔස්ට්‍රේලියාව දෙසට තල්ලු කරනු ලබයි.

නමුත් එල්-නිනෝ කාලයේදී මෙම සුළං රටාව දුර්වල වේ. එවිට ආසියාව දෙසට යා යුතු උණුසුම් ජල ධාරා, දකුණු ඇමරිකාව දෙසට ගලා යයි. ප්‍රතිඵලයක් ලෙස මධ්‍යම සහ නැඟෙනහිර පැසිෆික් සාගරයේ මතුපිට ජල උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා ප්‍රබල ලෙස අසාමාන්‍ය ලෙස ඉහළ යෑමයි.

ලෝකයට සහ ශ්‍රී ලංකාවට වෙන බලපෑම අතරේගත් කළ සාගරය මෙසේ උණුසුම් වීම නිසා මුළු ලෝකයේම වර්ෂාපතන සහ සුළං රටාවන් උඩුයටිකුරු වේ. ඇතැම් රටවලට අධික වැසි ඇතිවේ.

සාමාන්‍යයෙන් වියළි කලාප වන දකුණු ඇමරිකාවේ වෙරළබඩ ප්‍රදේශවලට අධික වැසි සහ ගංවතුර ඇති වේ.ශ්‍රී ලංකාව ඇතුළු ආසියාවට නියඟය ක් ඇති විය හැකිය. ඇතිවනු ලබන බවයි සාගර විද්‍යාඥියින් ප්‍රකාශ කරති.

සාමාන්‍යයෙන් වැසි ලැබිය යුතු ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව සහ ඔස්ට්‍රේලියාව වැනි රටවලට ලැබෙන මෝසම් වැසි ප්‍රමාණය සීමා වී, දැඩි උණුසුම් කාලගුණයක් සහ දිගුකාලීන නියඟයක් නිර්මාණය වේ.

කෙටියෙන් කිවහොත් එල්-නිනෝ යනු පැසිෆික් සාගරය උණුසුම් වීම නිසා මුළු ලෝකයටම බලපාන, ආසියාවට නියඟය සහ රශ්මිය රැගෙන එන ස්වභාවික දේශගුණික චක්‍රයකි.

‘එල්-නිනෝ’ ගෝලීය දේශගුණික යුද්ධයක් වැනි. රටක් ලෙස අප මුහුණ දිය යුතු විද්‍යාත්මක යථාර්ථය දේශගුණික විපර්යාසයන් යනු තවදුරටත් හුදු පරිසරවේදීන්ගේ මාතෘකාවක් පමණක් නොවේ.

ලංකාවේ සමස්ත ආර්ථිකය, කෘෂිකර්මාන්තය සහ පොදු මහජනතාවගේ බත් පත තීරණය කරන ප්‍රබල සාධකයකි. මේ වන විට ජාත්‍යන්තර දේශගුණික විශ්ලේෂණ විසින් ගෝලීය වශයෙන් ‘එල්-නිනෝ’ තත්ත්වයක් සක්‍රීය වෙමින් පවතින බවට රතු නිවේදන නිකුත් කර ඇති බව රතු ඉර ඉරිදා පුවත්පතට දැන ගත හැකි විය.

පැසිෆික් සාගරයේ මතුපිට උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා ඉහළ යාම මත පදනම් වන මෙම සංසිද්ධිය, දකුණු ආසියානු කලාපයේ මෝසම් වර්ෂාපතනය 20% සිට 30% දක්වා බිඳ හෙලීමේ අවදානමක් පවතී.

මෙම පසුබිම තුළ ශ්‍රී ලංකා රජය වහාම ක්‍රියාත්මක වී පසුගියදා ජනාධිපති කාර්යාලයේදී ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුව රැස් කරමින් පූර්ව සැලසුම් සකස් කිරීම ආරම්භ කළේය.

නමුත්, ස්වභාවික ආපදාවක බලපෑම අවම කර ගැනීම හුදෙක් රජයේ සාකච්ඡාවලට පමණක් සීමා කළ නොහැකි ය. මේ සඳහා රාජ්‍ය ආයතන මෙන්ම රටේ පොදු ජනතාවද විද්‍යාත්මක ප්‍රවේශයන් ඔස්සේ තම වගකීම් ඉටු කළ යුතුය.

මල් පැලයක් වගා කරනවා වෙනුවට පොල් පැලයක් පලතුරු පැලයක් කෑමට ගත හැකි  කුමන හෝ අල බහින හෝ වැල් කොළ අතු ඉති සහිත ආහාරයක් ශාඛයක් හිටු වන්නේ නම් අගනේ ය.

අපි දන්නා තරමින් අල්ලක් වවා මල්ලක් පුරවන ක්‍රමයට යා යුතුය. නැති නම් බඩ ගින්නේ මිය යන්නට ඔබට අප මේ සටහන ලියන මට ද සිදුවන බරපතල අවදානමක් ඇති බව සිහිපත් කරන්නේ අනතුර ගැන සිහිපත් වන නිසාය.

රාජ්‍ය ආයතන සතු විද්‍යාත්මක වගකීම:ක් තිබේ. සැලසුම්කරණයේ සිට ක්‍රියාත්මක වීම දක්වා’කෘෂිකර්ම අමාත්‍යාංශය, මහවැලි අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යන ආයතන හතර වෙත රජය දැනටමත් ක්‍රියාකාරී සැලසුම් සකස් කිරීමට නියෝග කර ඇත.

එහිදී එම ආයතන ප්‍රධාන වශයෙන්ම පහත සඳහන් විද්‍යාත්මක ක්‍රමවේදයන් වෙත අවධානය යොමු කළ යුතු බව රජය නිවේදනය කර සිටියි. උපායමාර්ගික ජල කළමනාකරණය වැදගත්ය. දැනට පවතින ජලාශවල ජල මට්ටම් සහ වාෂ්පීකරණ වේගය දත්ත ඇසුරෙන් ගණනය කර, ඉදිරි යල කන්නය සඳහා ජලය මුදා හැරීමේ ක්‍රමවේදයන් සකස් කිරීම, පානීය ජල අවශ්‍යතා සඳහා ප්‍රමුඛතාවය දෙමින් වාරිමාර්ග ජලය සලාක ක්‍රමයකට කළමනාකරණය කිරීම, කෘෂි-දේශගුණික කලාපකරණය සහ බෝග විවිධාංගීකරණය,අධික ජල ප්‍රමාණයක් ඉල්ලා සිටින වගාවන් වෙනුවට, කෙටි කාලීන සහ නියඟයට ඔරොත්තු දෙන විකල්ප බෝග හෝ පාරම්පරික සහල් ප්‍රභේද වගා කිරීමට ගොවි ජනතාව දිරිමත් කිරීම සහ ඒ සඳහා අවශ්‍ය බීජ කඩිනමින් සැපයීම, භූගත ජල මට්ටම් නිරීක්ෂණය ද වැදගත් ය.

නියඟය උග්‍ර වන විට භූගත ජල මට්ටම් සීඝ්‍රයෙන් පහත වැටේ. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් නළ ළිං සහ භූගත ජල ප්‍රභේදවල තත්ත්වය නිරීක්ෂණය කරමින්, ලවණතාව ඉහළ යාම වැළැක්වීමට පියවර ගැනීම ද කළ යුතුය.

රටේ ජනතාව සතු වගකීම වැදගත්ය. මෙය රතු ඉර පනින කතාවකි.

පරිභෝජන රටාවේ විද්‍යාත්මක වෙනස් කළ යුතුය. රාජ්‍ය යාන්ත්‍රණය කොතරම් සැලසුම් සකස් කළද, ජනතාව තම දෛනික ජීවිතය තුළ සාධාරණ සහ විද්‍යාත්මක පරිභෝජන රටාවකට හුරු නොවන්නේ නම් මෙම අර්බුදය ජය ගත නොහැක ය.

පවුලේ ‘ජල පියසටහන’ අවම කිරීම ම ද වැදගත් ය. දෛනිකව පානීය ජලය සහ ගෘහස්ථ ජලය භාවිතයේදී උපරිම අරපිරිමැස්ම ලෙෂ කටයුතු කිරීම කළ යුතුය. උදාහරණයක් ලෙස, නල ජලය කෙලින්ම ගෙවතු වගාවලට හෝ වාහන සේදීමට යොදා ගැනීම නතර කර, භාවිත කළ ජලය නැවත භාවිත කිරීමේ සරල ක්‍රම නිවෙස් තුළ ක්‍රියාත්මක කිරීම ද වැදගත්ය.

ආහාර නාස්තිය අවම කිරීම සහ ගෙවතු වගාව සිදු කළ යුතුය.

ගෝලීය වශයෙන් ආහාර මිල ගණන් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බැවින්, නිවෙස් තුළ ආහාර නාස්තිය ශුන්‍ය මට්ටමට ගෙන ඒම වැදගත්ය. මේ කියන්නේ ඉඳුල් ලෙස කිසිවක් ඉවත ලංනේ නැති ආහාර පිඟානක් ඔබ අප සතු විය යුතුමය.

පවතින සීමිත ජල අවකාශය තුළ බින්දු වාරි තාක්ෂණය වැනි සරල විද්‍යාත්මක ක්‍රමවේද භාවිත කරමින් ගෙවතු වගාවන් පවත්වාගෙන යාම ද වැදගත්ය. වැසි ජලය රැස් කිරීම කරමු ද? මෙය ද වැදගත්ය.

නියඟය තදින්ම දැනීමට පෙර ලැබෙන සුළු හෝ වැසි ජලය නිසි පරිදි ටැංකිවලට එකතු කර ගබඩා කර ගැනීම මඟින් ගෘහස්ථ අවශ්‍යතා සඳහා ජල මණ්ඩලයේ සැපයුම මත පමණක් යැපීම අඩු කරගත හැක.

මේ අනුව විශේෂඥ මතය වන්නේ කුමක් ද? එල්-නිනෝ යනු හුදෙක් උණුසුම් කාලගුණයක් හෝ වැසි නොලැබී යාමක් පමණක් නොවේ. එය රටක සමස්ත ජනජීවිතය සහ ආර්ථික ස්ථාවරත්වය පරීක්ෂාවට ලක් කරන දේශගුණික යුද්ධයකි.

රටම මරනයේ දේශයටම කැඳවාගෙන යන රටේම රතු ඉර පනින මහා විනාශයකි මරනයට යනවා ද ජීවත් වනවාද හිතන්නට කාලයයි මේ . මෙය සිහිනයක් නොවෙි දරුණු සිහිනයකි. මෙය ජය ගන්නට සියල්ලෝම රට පෙරට කියන වචනය කියමනයක් ලෙස පමනක් ක්‍රියාත්මක නොකර යත්‍රාර්ථයක් කළ යුතුය.

රජය විසින් කල්තියා ආයතනික මට්ටමින් සැලසුම් සකස් කිරීම අතිශය ප්‍රශංසනීයය. මෙය මහ පොලවේ ක්‍රියාත්මක කළ යුතුය.

එම සැලසුම් සාර්ථක කර ගැනීමට නම්, රාජ්‍ය නිලධාරියාගේ සිට සාමාන්‍ය පුරවැසියා දක්වා සෑම කෙනකුම දේශගුණික විද්‍යාත්මක දත්ත වටහාගෙන, වගකීමෙන් සහ එකාබද්ධව වැඩ කිරීම මේ මොහොතේ රටේ අනාගතය වෙනුවෙන් ඇති එකම විකල්පයයි.

රටට ලාංකියන් ලෙස  කළ හැක්කේ මෙයයි. කරව්!  කරව්! වගා කරව්! රට හැම තැන වගා කරව්!

කරව්! කරව්! වගා කරව්! රට හැම තැන වගා කරව්! පැලයක් සිටුවමු – දේශය රකිමු! නියඟයට අභියෝගයක් – හැම බිමකම වගාවන්! අනුන්ගෙන් යදින යුගය නිම කරව් – මව්බිම වගාවෙන් සරු කරව්! වැටෙන හැම දිය බිඳක්ම වැව් දියට – හැම බිම් අඟලක්ම වගාවට! අත දියව් පන්නරය කරව්!

එල්-නිනෝ අවදානම පරදවමු – දේශීය ආහාර සුරකිමු! දේශගුණික යුද්ධයට – ගොවි බලයෙන් පිළිතුරු! දියව්! නියඟය ආවත් බය නෑ – අපේ රටේ අපි වගා කරලා කනවා! වියළෙන පොළොවට අභියෝගයක් – බින්දු වාරි තාක්ෂණය ගෙවත්තට! රටට ලාංකිකයන් ලෙස කළ හැක්කේ මෙයයි: වවන්න! දිනන්න! නාස්තිය දුරලමු – දේශීය අස්වැන්න අගය කරමු! බත් පත සුරකින ජනතා මෙහෙයුම – අදම වගාවට අත ගසනු!  පරාද කළ නොහැකි සිංහල ලේ – වගා සංග්‍රාමයේ පෙරමුණේ! අපේ රට – අපේ වගාව – අපේ අනාගතය! යැයි රටටම රතු ඉර පනින්නට පෙර හිතපල්ලා යැයි සටහන් කරමින් කතාව නිම කරමි.

Share.
Leave A Reply