ජාතික ජනබලවේග ආණ්ඩුවේ දුර්වල ආර්ථික කළමනාකරණය හේතුවෙන් පසුගිය මාස 3 තුළ පමණක් ඩොලර් මිලියන 390ක මුදලක් රටට අහිමි වී ඇතැයි දුෂණ විරෝධි බලවේගයේ කැඳවුම්කරු නිරෝෂන් පාදුක්ක මහතා පවසයි. සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අනාවරණය කළේය.
ඛණිජ තෙල් සංස්ථාව රුපියල් මිලියන 36,000ක ශුද්ධ ලාභයක් ලබා තිබියදීත්, පෙබරවාරි 28 සිට මාර්තු 21 දක්වා කෙටි කාලය තුළ ඉන්ධන මිල 3 වතාවක් ඉහළ දමා ඇත. මේ යටතේ පෙට්‍රල් ලීටරය රු. 434 දක්වාත්, ඩීසල් ලීටරය රු. 407 දක්වාත් ඉහළ ගොස් තිබේ.
වෙළඳපොළට අධික ලෙස තෙල් මුදාහැරීම නිසා මාර්තු මාසයේ එක් සතියක් තුළ පමණක් ඉන්ධන ලීටර් ලක්ෂ 59ක් අලෙවි වී ඇති අතර, මේ හේතුවෙන් රට තුළ බරපතළ ඉන්ධන හිඟයක් සහ පෝලිම් යුගයක් නිර්මාණය විය.
ඩොලර් 4.8 ගිවිසුම 57 දක්වා ඉහළට යැයි ද ඔහු කීය.
ඩොලර් 4.8 බැගින් ඉන්ධන බැරලයක් ලබාදීමට මුලින් ගිවිසුම්ගත වූ සමාගමකින්ම, පසුව ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ක්ෂණික මිලදී ගැනීම් යටතේ බැරලයක් ඩොලර් 57 බැගින් මිලදී ගැනීමට වත්මන් රජය කටයුතු කර ඇත.
50%ක රේගු අධිභාරයක් පැනවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පෙර, අවසන් සතිය තුළ වාහන 4,000ක් මෙරටට ගෙන්වා ඇත. සාමාන්‍යයෙන් දිනකට වාහන 250-270ක් රටට ඇතුළු වන පසුබිමක, එම දිනවල දිනකට වාහන 1,000 බැගින් ගෙන්වීම හරහා ඩොලර් බිලියන ගණනක මහා පරිමාණ වංචාවක් සිදුව ඇති බවද පාදුක්ක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වත්මන් රජය ක්‍රියාකරන ආකාරය නිසා ඉදිරියේදී ජාතික ප්‍රශ්නයක් උද්ගත විය හැකි බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එදා පෙනී සිටියේ ශානි අබේසේකර මහතාගේ දේශපාලනය වෙනුවෙන් නොව ඔහුගේ දක්ෂතාවය සහ කීර්තිමත් නිලධාරීත්වයට සාධාරණය ඉටුකිරීම වෙනුවෙන් බවත් මෙහිදී ප්‍රකාශ විය.

