බත් පාන් සිසිල් බීම දන් සැල් අස්සේ ආණ්ඩුව තෙල් දන්සැල් අස්සේ මහා ඩොලර් මංකොල්ලයක්? හය වතාවක් ජනතාව හූරා කාපු පාලකයන්ගේ “සූර්ය බැටරි” රහස මෙන්න!

විපක්ෂයේ රෙදි ගැලවෙයි! ආණ්ඩුවේ බදු කසයට හොර රහසේ උරදුන් බියකරු දේශපාලන දේහය පුබුදු ජයගොඩ රට හමුවේ දිග හරියි!

ආණ්ඩුවයි – විපක්ෂයයි එකට මඟුල් කද්දී, IMF පදයට රටම වනසන බදු මංකොල්ලයක්!

ඉන්ධන මිල හය වතාවක් උඩට: සූර්ය පැනල බැටරි යන්නෙත් ජාවාරම්කාරයන්ගේ වතුවලටද? – පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ රටම හෙල්ලූ අනාවරණය මෙන්න!

වත්මන් ආණ්ඩුව සහ ප්‍රධාන විපක්ෂය එකම පදයට නටමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) රෝදයට රට යටත් කර, ජනතාව මරව මරවා බදු ගහන දරුණුතම පාවාදීමක නිරතව සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා දැඩි ලෙස චෝදනා කරයි.

ලෝක යුද්ධ පෙන්වමින් ජනතාව සුද්ද කරන, ඉන්ධන දන්සැල් දෙමින් පුද්ගලික සමාගම් තර කරන මහා ඩොලර් මංකොල්ලයක් රට තුළ සිදුවන බවත්, මේ සියල්ල හමුවේ විපක්ෂය ආණ්ඩුවට හොර රහසේ සහාය දෙමින් එකට මඟුල් කන තත්ත්වයක් උදාවී ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.

අද (31) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී පුබුදු ජයගොඩ මහතා විසින් රට හමුවේ තැබූ ප්‍රබල අනාවරණයන් මෙසේය:

IMF පදයට නටන, විපක්ෂයේ හොර සහයෝගය!

“අද ලංකාවේ තියෙන්නේ ආණ්ඩුව ඉන්ධන මිල වැඩි කරද්දී ඒකට ශක්තිය, සහයෝගය දෙන අමුතුම විපක්ෂයක්. ආණ්ඩුවයි විපක්ෂයයි දෙගොල්ලම එකතු වෙලා අහිංසක ජනතාව නැතිබංගස්ථාන කරමින් ඉන්නවා. IMF නැතුව ලංකාව පාලනය කරන්න බැරි මට්ටමට මේ පාලකයෝ රට දරුණු අගාධයකට ඇද දාලා. මේක රට හමුවේ තියෙන ප්‍රබලම බියකරු තත්ත්වයයි.”

වසරකට හය වතාවක් තෙල් මිල උඩට! ලෝක යුද්ධය පලිහක් කරගෙන ජනතාව සුද්ද කරයි!

මේ වසර තුළ පමණක් ආණ්ඩුව ඉන්ධන මිල හය වතාවක් ඉහළ දමා ඇති බව පෙන්වා දුන් ජයගොඩ මහතා, ආණ්ඩුව ජනතාවට කියන්නේ අමූලික බොරු බවත්, කියන කිසිවක් ක්‍රියාවෙන් නොකරන බවත් පැවසීය.

“ලෝකයේ කොහේ හරි තියෙන යුද්ධයක් පෙන්වලා, අඩු මිලට තෙල් ගෙනත් ජනතාව මත අධික බදු පටවනවා. තෙල් ගෙන්වීම් පිටුපස විශාල සැකයක් තියෙනවා. බාල ගල්අඟුරු වංචාව වගේම මේ තෙල් පිටුපසත් මහා ඩොලර් මංකොල්ලයක් සිද්ධ වෙනවද කියලා සෙවිය යුතුයි. පුද්ගලික සමාගම්වලට අධික ලාභ ලබන්න දීලා, ආණ්ඩුව ඉන්ධන දන්සැල් දෙමින් ජනතාව කොල්ලකනවා.

සූර්ය පැනල බැටරි යන්නේ ජාවාරම්කාරයන්ගේ වතුවලටද?

ආණ්ඩුවේ බලශක්ති ප්‍රතිපත්තිය දැඩි විවේචනයට ලක් කළ පුබුදු ජයගොඩ සහෝදරයා, සූර්ය පැනල ව්‍යාපෘති පිටුපස සිදුවන තවත් අභිරහසක් පිළිබඳව ආණ්ඩුවෙන් ඍජුවම ප්‍රශ්න කර සිටියේය.

“සූර්ය පැනලවලට සරිලන බැටරි සවි කරන්නේ කොහේද කියලා ආණ්ඩුව කරුණු සහිතව ජනතාවට කියන්න ඕනේ. මේවා සවි කරන්නේ ජාවාරම්කාරයන්ගේ වතුවලද? නැත්නම් වෙන කොහේ හරිද? ජනතාවට මේවායේ සැබෑ තොරතුරු වහාම හෙළි කළ යුතුයි.”

වත්මන් පාලකයන්ගේ සහ විපක්ෂයේ මෙම නාටකය නිසා ලංකාව දරුණු ආකාරයට පහළට ඇද වැටෙමින් පවතින බවත්, මේ සාපකාරී දේශපාලන ක්‍රමයට එරෙහිව ජනතාව පෙළගැසිය යුතු බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැඩිදුරටත් කියා සිටියි.

Share.
Leave A Reply