ලංකා ඉතිහාසයේ 2025 වසරේ සිට 2026 වසර යනු වනාන්තර රක්ෂිත ලෙස ආරක්ෂා කළ වැඩිම වනාන්තර ප්රමාණයක් මතු පරපුරට දායාද වූ මෙන්ම නව රජය යටතේ සිදු කළ වනස්පති ජාතික වැඩසටහනේ සාර්ථකත්වයයි.
ලංකාවේ අලි ඇතුන් සහ වන සතුන්ගේ භූමි රකිමින් ඔවුනට සුපෝෂණ කලාප ඇති කිරීම වෙනුවෙන් සිදු කරන වනස්පති ජාතික වැඩසටහනේ තවත් එක් පියවරක් ජගත් පරිසර දිනයට සමගාමීව සිදු කිරීමට නියමිතයි.
කෝන්කැටියාව වනාන්තරයත් එලෙස රක්ෂිතයක් ලෙස ආරක්ෂා වනු ඇත.
කෝන්කැටියාව රක්ෂිත වනාන්තරය අනුරාධපුර දිස්ත්රික්කයේ කැබිතිගොල්ලෑව අඩවියේ පදවිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හෙක්ටයාර් 30.73 කින් යුක්ත වනාන්තරයක් .
වියළි කලාපීය සදාහරිත වනාන්තරයක් වන මෙහි ඝන වනාන්තර කොටස් මෙන්ම ලඳු කැලෑ, තෘණ භූමි ද පිහිටා ඇති අතර ශාක හා සත්ව ජෛව විවිධත්වයකින් යුතු පාරිසරික ඉහළ වටිනාකමක් යුක්ත වනාන්තරයක්.
වනාන්තරය ජල උල්පත් සඳහා පෝෂක ප්රදේශයක් ද වන අතර මෙවැනි වනාන්තර සංරක්ෂණය කරමින් මතු පරපුර සදහා හුස්ම ආරක්ෂා කිරීමේ තිරසර වැඩසටහන ක්රියාත්මකයි.

