ඉදිරි කාලසීමාව තුළ දිවයින පුරා හමා යාමට නියමිත ප්‍රබල සුළං ධාරා සහ පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙරට මධ්‍යම කඳුකරයේ සහ රට මැද වගා කරන එළවළු වගාවන්ට පරපතල හානි සිදුවීමේ දැඩි අවදානමක් මතුව ඇතැයි පරිසර හා ආර්ථික විද්වතුන් පිරිසක් අනතුරු අඟවා සිටිති.
මෙමඟින් ඉදිරි මාස කිහිපය තුළ වෙළඳ පොළේ එළවළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස්, රට තුළ දැවැන්ත ආහාර හිඟයක් මෙන්ම පාරිභෝගික ජනතාව දැඩි පීඩනයකට ලක්වන ආ ර් ථික ව්‍යසනයක් නි ර් මා ණය විය හැකි බව ද ඔවුහු පෙන්වා දෙති.
විද්වත් මණ්ඩල පෙන්වා දෙන පරිදි, මෙම දේශගුණික විප ර් ෂ යේ සෘජු ගොදුරක් බවට පත්ව ඇත්තේ එළවළු ලොවේ රජු ලෙස විරුදාවලිය ලත් ‘බෝංචි’ වගාවයි.
අධික සුළඟට සහ ව ර් ෂාවට ඔරොත්තු නොදෙන බෝංචි වගාවන් මේ වන විටත් විනාශ වීමේ තර්ජනයට මුහුණ පා ඇත. මීට අමතරව, දෛනික පරිභෝජනයට අත්‍යවශ්‍ය වන අල සහ තක්කාලි වගාවන් ද මෙම පාරිසරික බලපෑමෙන් සහමුලින්ම පාහේ විනාශ වී යා හැකි බව ඔවුහු පවසිති.
මෙම අහිතකර ජල හා සුළං ප්‍රවාහයන් නිසා මෙරට ගොවි ජනතාව මෙන්ම සමස්ත පාරිභෝගික ජනතාව ද පෙර නොවූ විරූ බරපතල තත්ත්වයකට මුහුණ දීමට සිදුවන බව ආර්ථික විද්වතුන් අවධාරණය කරති.
අස්වැන්න විනාශ වීමෙන් ගොවියා ණය බරින් මිරිකෙන අතර, සැපයුම අඩාල වීම හේතුවෙන් සිල්ලර වෙළඳපොළේ මිල ගණන් දරාගත නොහැකි ලෙස ඉහළ යාම වැළැක්විය නොහැකි වනු ඇත.
මෙම මහා පරිසර උවදුර හමුවේ ලංකාවේ එළවළු ගොවියා මෙන්ම පාරිභෝගිකයා ද එකලෙස ආරක්ෂා කර ගැනීම සඳහා රජය සහ බලධාරීන් දැන් සිටම විධිමත් හා කඩිනම් ක්‍රමවේදයක් සකස් කළ යුතු බව විද්වතුන් ප්‍රකාශ කරති.
මේ යටතේ විනාශයට පත්වන එළවළු වගාවන්ට පිළියමක් ලෙස, අධික ජලයට සහ දැඩි සුළංවලට ඔරොත්තු දෙන විකල්ප භෝග වගාවන් රට පුරා ක්‍රියාත්මක කිරීමට වහාම පියවර ගත යුතු බව ඔවුහු වැඩිදුරටත් අවධාරණය කර සිටිති.

