කොළඹින් බැහැර ප්‍රථම ළමා වකුගඩු බද්ධ කිරීම සාර්ථකයි – පියාගේ වකුගඩුවෙන් දරුවාට නව ජීවිතයක්!

කොළඹින් බැහැරව ශ්‍රී ලංකාවේ සිදුකළ ප්‍රථම ළමා වකුගඩු බද්ධ කිරීමේ අතිසංකීර්ණ සැත්කම පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේදී ඉතා සාර්ථකව නිම කෙරේ.

තම දරුවා වෙනුවෙන් වකුගඩුවක් දන් දුන් පියා මේ වන විට සුවය ලබා නැවත රැකියාවට පවා යන අතර, දරුවාද නිරෝගී සුවයෙන් පසුවෙයි.

ශල්‍යකර්ම දෙකක් ඇතුළත් වූ මෙම අතිශය අවදානම් සහගත, සංකීර්ණ සැත්කම පැය 02ක් වැනි කෙටි කාලයකදී නිම කිරීමට දක්ෂ වෛද්‍ය කණ්ඩායම සමත්ව ඇත.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ පණිවිඩය: “වකුගඩු රෝගයේ අවසානය මරණය නොවෙයි!” පොළොන්නරුව රෝහලේ සිටින අත්දැකීම් බහුල වෛද්‍ය කණ්ඩායම දිවයිනේ සැම ප්‍රදේශයකම සිටින රෝගීන්ට ප්‍රතිකාර සඳහා විවෘතව ඇරයුම් කරයි.

(ළමා වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය වෙනුජය බණ්ඩාර සහ රුධිර වාහිනී හා වකුගඩු විශේෂඥ වෛද්‍ය මනුජය ගොඩකන්දගේ යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන්…)

Share.
Leave A Reply