වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සේවයේ පවතින පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය අනුගමනය කළ අත්තනෝමතික ක්‍රියාපිළිවෙතට එරෙහිව පවරා ඇති නඩුවේ තීරණාත්මක තීන්දුව අද (මැයි 15) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මෙම නඩුවට පදනම් වී ඇත්තේ සෞඛ්‍ය පද්ධතිය තුළ පුරප්පාඩු 366ක් පවතිද්දී, සුදුසුකම්ලත් අයදුම්කරුවන් 346 දෙනාම බඳවා ගැනීම වෙනුවට, ඔවුන් අතරින් කොටසක් පමණක් තෝරා ගැනීමට “සාමාන්‍ය දැනුම” පරීක්ෂණයක් පැවැත්වීමට අමාත්‍යාංශය ගත් තීරණයයි. වසර හතරක වෘත්තීය උපාධියක් සහිත පිරිසක් එවැනි පරීක්ෂණයකට යොමු කිරීම වෘත්තීය ගරුත්වයට හානිකර බවට වෘත්තීය සමිති චෝදනා කරයි.

