වීදි සරන අසරණ සතුන්ට රජයේ රැකවරණයක්‘: බස්නාහිරින් ඇරඹෙන ලංකාවේ පළමු සත්ව ආදාහනාගාර ව්‍යාපෘතිය!

අසරණ සතුන්ටත් මනුස්සකමේ සෙවණක්: කැස්බෑවෙන් ඇරඹෙන නව මානුෂීය විප්ලවය.

බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින්, ඔවුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. 

මෙම ව්‍යාපෘතිය පිළිබඳව මහජනතාව සහ නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්, බස්නාහිර පළාත් සභාවේ පළාත් පාලන කොමසාරිස්තුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

එය 2025 මැයි මස 15 වන දින කැස්බෑව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී සිදු කිරීමට කටයුතු යොදා තිබේ.  කැස්බෑව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිතුමන්ගේ උපදෙස් පරිදි, මෙම මානුෂීය ව්‍යාපෘතිය පිළිබඳව පුළුල් සමාජ කතිකාවතක් සහ මහජන දැනුවත්භාවයක් ඇති කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහාය ද ඉල්ලා ඇත.

වීදි සතුන්ගේ සුභසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ලබාගත හැකිය. 

වැඩිදුර විමසීම්:ආයතනය: ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කැස්බෑව   දුරකථන: 0112616326   විද්‍යුත් තැපෑල: ds@kesbewa.ds.gov.lk   

Share.
Leave A Reply