කපිල චන්ද්‍රසේන සාක්ෂිකරුවෙක් නෙවෙයි, චූදිතයෙක්! – ඔහු මියයෑම රාජපක්ෂලාට වාසියි” – අමාත්‍ය උපාලි පන්නිලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්.

“ආරක්ෂාව ඉල්ලුවා නම් දෙනවා! එයාර් බස් වංචාවේ ප්‍රධාන චූදිතයාගේ මරණය පිටුපස ඇති දේශපාලන ඇත්ත පන්නිල කියයි.”

“නීතිය කාටත් සමානයි: රාජපක්ෂලාගේ ගනුදෙනු ගැන පරීක්ෂණවලට අත නොතබන බවට රජයෙන් සහතිකයක්.”

“චූදිතයෙක් මියගියත් පරීක්ෂණ නවතින්නේ නැහැ! – ජාතික ජන බලවේගයේ ස්ථාවරය අමාත්‍ය උපාලි පන්නිල පැහැදිලි කරයි.”

කපිල චන්ද්‍රසේන සාක්ෂිකරුවෙක් නෙවෙයි චූදිතයෙක්: ඔහුගේ මරණය රාජපක්ෂලාට වාසියි! – අමාත්‍ය උපාලි පන්නිලගෙන් විශේෂ ප්‍රකාශයක්.”

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතා කැලණිය ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ නීතිය කාටත් සමාන බවයි.

හිටපු ජනාධිපතිවරු, ඇමතිවරු, මන්ත්‍රීවරු හෝ නිලධාරීන් වරදක්කර ඇත්නම් නීතිය හමුවට පමුණුවන බවත් ඒ සඳහා දේශපාලන මැදිහත්වීමකින් තොරව පරීක්ෂණ සිදු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

තවද මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් උපාලි පන්නිල මහතා සඳහන් කළේ කපිල චන්ද්‍රසේන මහතා සාක්ෂි කරුවෙකු නොවන බවත් ඔහු නඩු කටයුක්තක චූදිතයෙක් බැවින් ආරක්ෂාවක් ලබාදිය නොහැකි බවත් යම් හෙයකින් ඔහු ආරක්ෂාවක් ඉල්ලාසිටියේනම් ලබා දීමට හැකියාවක් පවතින බවයි.

එමෙන්ම කපිල චන්ද්‍රසේන මහතා මරණයට පත්වීමේන් ඒයා බස් ගණුදෙනුවේදී සිදූවී ඇතැයි කියන වංචාවන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී රාජපක්ෂලාට වාසි වන බවද ඒ මහතා ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ ජාතික ජන බලවේගය රජයට ජනතාව බලය දී ඇත්තේ වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට බැවින් කිරිම ආකාරයෙන් පරීක්ෂණ කටයුතු සඳහා දේශපාලන මැදිහත්වීමක් නොකරන බවයි.

එමෙන්ම ජනතා බලයට පිටුපා කිසිදු ආකාරයකින් කටයුතු කිරීමට රජය අපේක්ෂා නොකරන බවත් අදාල ආයතනවලට ස්වාධීනව තම රාජකාරි කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන බවද ඒ මහතා සඳහන් කළා.

Share.
Leave A Reply