අනාගත පරපුර උදෙසා ස්වභාවධර්මය සුරක්ෂිත කිරීම හුදෙක් සටන් පාඨයක් නොව, දත්ත සහ නීතිමය රාමුවක් සහිත ක්‍රියාවලියක් බව අප සනාථ කර ඇති බව පරිසර අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.
ශ්‍රී ලංකාව – ජාතික ජන බලවේග රජයේ පාරිසරික ප්‍රතිපත්තිය යථාර්ථයක් කරමින් ක්‍රියාත්මක වන “වනස්පති” ජාතික වැඩසටහන යටතේ, මෙරට පාරිසරික පද්ධතියේ සුවිශේෂී වෙනසක් සිදු කරමින් වනාන්තර 79ක් අලුතින් රක්ෂිත බවට පත් කිරීමට රජය පියවර ගෙන ඇත.
2025 සහ 2026 වර්ෂයන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ හරහා, මෙරට දෙවන විශාලතම වනාන්තරය වන නිල්ගල ඖෂධ රක්ෂිතය ඇතුළු සංවේදී පරිසර කලාප රැසක ආරක්ෂාව නීත්‍යානුකූලව තහවුරු කර තිබේ.
අලුතින් එක්වූ රක්ෂිත සංඛ්‍යාව: 79
විශේෂ ආරක්ෂිත කලාප: නිල්ගල ඖෂධ රක්ෂිතය (දෙවන විශාලතම වනාන්තරය)
ආරක්ෂිත වපසරිය: හෙක්ටයාර් දහස් ගණනක වන පියසක් මේ අනුව ක්‍රියාත්මක කිරීමට නියමිතය.
නව ආරක්ෂණ යාන්ත්‍රණය: “වන සුරැකුම” විශේෂ මෙහෙයුම් ඒකකය පිහිටුවීම.
ලෝක සාමයට ශ්‍රී ලංකාවෙන් “ජීවමාන සන්නසක්” මෙන්න කතාව!
මෙම ජාතික මෙහෙවරේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස, ලෝක සාම පා ගමන (World Peace March) අගයමින් දිස්ත්‍රික්ක දෙකක වනාන්තර ද්විත්වයක් විශේෂිත “සාම වනාන්තර” ලෙස නම් කර ඇත.
මාතලේ දිස්ත්‍රික්කය: නුගගහ මුලයාය වනාන්තරය.
කෑගල්ල දිස්ත්‍රික්කය: පදියගම්පැලැල්ල වනාන්තරය.
මෙම වනාන්තර නම් කර ඇත්තේ හුදෙක් පරිසර කලාප ලෙස නොව, ලෝක පාරිසරික සාමය උදෙසා වූ “ජීවමාන සන්නස් පත්‍රයක්” ලෙස බව පරිසර අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.
පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි, නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි සහ අමාත්‍යංශ ලේකම් කේ.ආර්. උඩුවාවල යන මහත්වරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
බෙලිගම්මන විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් ප්‍රචලිත වන මෙම පණිවුඩය හරහා සතුන්, ගහකොළ සහ ජල මූලාශ්‍ර රැකගැනීමේ ගෝලීය වගකීම ශ්‍රී ලංකාව පෙරමුණට ගෙන ඇත.

